expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Tuesday, November 15, 2011

අනේ එපා.....

                  සිකුරාදා රෑ මට මහ බයානක ආරංචියක් ආවා අපේ පැණි දොඩම්ගෙන්.මගේ බ්ලොගේ නැති වෙලා කියලා.මගේ හදවත සීතල වෙලා ගියා.ඇයි දෙයියනේ බොහොම අමාරුවෙන් හදාගත්ත එක නොවැ.නිකන් ඉන්න බැරුවට කවුරු හරි හැක් කරලාද කොහෙද?
මහ ලොකු දෙයක් ලියලත් නෑ නෙ මං.යාන්තම් පෝස්ට් තිස්තුනක් ලියලා තියෙනවා එච්චරයි.ඒත් මං ලියපුවාගෙ වටිනාකම තියෙන්නෙ මට නෙ.ගියා බලන්න ජී-මේල් එකටත්.යකඩෝ ඒකත් බ්ලොක් කරලා.වෙලාවට බුකියෙ දේවා මල්ලි හිටියා.එයාගෙ උදවුවෙන් යාන්තම් මේල් එක ගොඩ දාගත්තා.බ්ලොගර් එකටත් ලොග් වෙන්න පුලුවන් වුනා.අනේ දෙයියනේ ඒත් බ්ලොග් එක නැහැනෙ.මොන මොන දේවල් කලත් ඒක ආවෙම නෑනෙ.දේවා මල්ලි නම් මගෙ හිත හදනවා "පන්සල් හන්දියෙ කල්හාර අයියටත් ඔහොම වෙලා ගොඩ ගියේ රෑ 12.20ට විතර ඒ නිසා ඔයාටත් එහෙමම වෙයි.බලමු" කිය කියා.

                මට හෙම්බිරිස්සාවත් තද වෙලා උන ගැනිලත් හිටපු නිසා දේවා මල්ලි කිව්වා "අක්කා ඔයා දැන් නිදා ගන්න අපි හෙට බලමු." කියලා.ඒත් ඉතිං මට මේක හදා ගන්නෙ නැතුව නින්ද යන්නෙත් නෑ වගේ.කමක් නෑ තව පොඩ්ඩක් ට්‍රයි එකක් දීලා බලනවා කියලා ගූගල් ලොක්කගෙනුත් අහලා බැලුවා.ඔහොම අනම් මනම් ට්‍රයි කර කර ඉන්න අතරෙ හිටපු ගමන් දෙයියො බැලුවා වගේ ලෝඩ් වුනේ නැතෑ.අම්මෝ.... දැනුන සතුට.දැන්නම් අකුරු බර ගානක පාස් වර්ඩ් එකකුත් දාලා,බැක් අප් එකකුත් දාගෙන තමා වැඩ පටන් ගත්තෙ.

................................................................................................................................
                අද කියන්න ආවෙ මේ අකර තැබ්බය ගැන නම් නෙවෙයි.අපේ අම්මගෙ ඉස්කෝලෙ ගෑණු ලමයෙක්ට වුන දෙයක් කියන්නයි.මේ වගේ දේවල් අහන්න අපි පවු කරලා ඇති කියලා තමා කියන්න වෙන්නේ.



               ගිය සිකුරාදා ගෙදර ගිය ගමන්අපේ අම්මා අඩන ගානට කිව්වෙ මෙහෙම දෙයක්. " අනේ චූටි දූවේ,මගෙ හොදම ගෝලයෙක්ව දූෂණය කරලා."කවුද කරලා තියෙන්නෙ කියලා ඇහුවාම මිනිස්සු වෙලා ඉපදිලත් මෙහෙම වැඩ කරන්නෙ මොන අසමජ්ජාති කමකටද කියලා හිතුනා.


                අපි මේ දැරිවිට කමනි කියමු.කමනි ඉගෙන ගන්නෙ නවය වසරෙ ඉගෙන ගන්න හරි දක්ෂයි.ඒ නිසාම අපේ අම්මගෙත් හිත දිනාගෙන හිටියේ.ඒත් මේ දරුවා මවු සෙනෙහස දිගටම විදින්න පිං කරලා නෑ.කොහොමත් අපේ අම්මලගෙ ඉස්කෝලෙ ගොඩක් ලමයින්ට දෙමවුපිය සෙනෙහස ඒ ආකාරෙන්ම විද ගන්න අවස්තාව නෑ.ඇහුවොත් අම්මා රට,තාත්තා දාලා ගිහින්,නැත්නම් අම්මා දාලා ගිහින්,ඉන්නෙ ආච්චි,සීයා ගාව.ඒ අතින් අපි කොච්චර පිං කරලා තියෙනවාද අම්මා,තාත්තා දෙන්නගෙම ආදරය තවමත් ලැබෙන්න තරම්.


                 කමනිගෙ අම්මත් රට ගිහින්ලු.කෙල්ල කියන්නෙ එහෙමයි.ඒත් වටේ පිටේ දන්න කියන අය කියන්නෙ කමනිගෙ තාත්තත් එක්ක ඉන්න බැරි නිසා රට ගිහින් දැන් ලංකාවට ඇවිත් වෙන මිනිහෙක් එක්ක ඉන්නවා කියලයි.ඕවාගෙ ඇත්ත බොරු මොනවා වුනත් දැන් කමනි තාත්තත් එක්ක ගෙදර තනි වෙලා.තාත්තා වැඩට ගිහින් එනකල් කෙල්ල තනියෙන් ගෙදර.

                    මේ ලගදි දවසක හොයා ගෙන තියෙන විදිහට කමනිගෙ හදවතේ නහරෙකුත් හීනි වෙලාලු.ඉතිං ඒකටත් බෙහෙත් බිබී තමා ඉදලා තියෙන්නෙ.කමනිගෙ ආච්චිත් ඉදලා තියෙන්නෙ ටිකක් ලග පාත.ආච්චි කිව්වෙ අම්මගෙ අම්මා.ගිය සතියෙ ආච්චිව බලන්න ගියපු කමනිගෙ වෙනදා නැති වෙනසක් ආච්චි දැකලා.අම්මත් ලග නැති දරුවනේ කියල"මොකද පුතේ දුකෙන් වගේ ඉන්නෙ?"ආච්චි ඇහුවාම කමනි අඩා වැලපිලා.


                   කමනි ගෙදර තනියම ඉන්න බව දැන ගෙන හිටපු එක ගුරුවරියෙක් අහලා තියෙනවා "බය නැද්ද තනියම ඉන්න." කියලා.කමනි දීලා තියෙන උත්තරය තමා " නෑ ටීච.මං හොදට දොවල් දෙකම වහ ගෙන ඉන්නෙ." කියලා.ඒත් යක්ෂයා හිටියෙ ගේ ඇතුලෙමයි.තමුගෙ ලෙයින් ඉපදුන මේ කෙල්ලට කෑ ගහන්නවත් ඉඩක් තියන්නෙ නැතුව තලලා පොඩි කරලා දාන්න අර තාත්තාට හැකියාව තිබිලා.කවදාවත් ආච්චි මෙහෙම දෙයක් අහන්න බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.දැන් කමනි ඉස්පිරිතාලෙ පරීක්ෂනයට පෙනී සිටින්න සූදානමින්.පිපෙන්නට තිබුන මල් කැකුලක් මිලාන වෙලා.


                     ආච්චි වෙනස දැක්කෙ නැත්නම් කමනි ජීවිතෙන් නනට්ට්ත් ඉඩ තිබුනා.ගෙදර තිබුන ලියමනක කමනි මෙහෙම සටහන් කරලා තිබුනා."මට ජීවත් වෙලා වැඩක් නෑ.මාව ආරක්ෂා කරපු තාත්තාම මාව විනාස කලා" කියලා.




සමාජය මෙතරම් නරක් වුනේ ඇයි.......??????

45 comments:

  1. හෆෝයි දෙයියනේ.. මෙහෙම කාලකන්නින්ව නම් එල්ලන්න ඕනෙ බෙල්ලෙන් නෙමේ .... න්.

    ReplyDelete
  2. කාට කියන්නද! :(

    ReplyDelete
  3. අනේ දෙය්යනේ කාට කියන්නද මේ අවනඩු .

    ReplyDelete
  4. දැන් කාලේ ඉන්න මිනිස්සුන්ව අක්කේ සතයකට විශ්වාස කරන්න බැහැ

    ReplyDelete
  5. මේ වගේ තාත්තලට දෙන්න ඕනේ රජ කාලෙ දඬුවම්..

    ReplyDelete
  6. තාත්තා දූෂණය කලා කියලා අහන පළවෙනි දරුවා කමනි නෙමේ උනත් ඇයි මේ තාත්තලා මෙහෙම කරන්නේ ? අර කවුදෝ කිව්ව වගේ ලිංගික නිදහස තාත්තලාට නැති කමද ? එහෙමත් නැත්තම පාහර කමද ?

    මොලේ සූරගෙන කල්පනා කලත් උත්තර නෑ...අපිට කියන්න ඉතිරි වෙන්නෙ පව් අර අහිංසක කෙල්ල කියලා විතරයි

    ReplyDelete
  7. කියන්න දෙයක් නෑ අක්කා ...මාර දුකයි අද කාලේ වෙන දේවල් ඇහුවම..මුළු සමාජයම විකෘති වෙලා..:(((

    ReplyDelete
  8. ඔය බ්ලොග් එක ගොඩනේ...

    මාත් අර වගේ කතාවක් ලිව්වා අක්කේ.. තිරිසන් තමා ඉතින්,, කියලා වැඩක් නෑ ඔය වගේ එවුන්ට,

    ReplyDelete
  9. අක්කාගේ බ්ලොග් එක නැති වෙලා තිබ්බා තමයි. මාත් බැලුවේ මොකද වුණේ කියලා.
    අම්මෝ! අන්තිම ට හරි ඒක හරිගියපු එක ලොකු දෙයක්...!!!

    ඔය වගේ කතා හැමදාම අහන්න ලැබෙනවා. තමන්ගේ ලෙයට ම මිනිස්සු ගරහනවා. ගුණ ධර්ම, මිනිසා වෙතින් දුරස් වෙලා...................... :((((((

    ReplyDelete
  10. ඔය වාගේම කතාවක් අපේ අම්මලගෙ ඉස්කෝලෙත් වෙලා තිබ්බ.මේක කියවල බලන්නකො.

    http://galaayanajeevithaya.blogspot.com/2011/07/blog-post.html

    ReplyDelete
  11. අපේ අම්මා නිතරම කියන කතාවක් තියෙනවා

    "අම්මා නති කල අප්පා කවර කල
    දෙන්නම නැති කල දරුවෝ අතර මග" කියලා.

    දරුවෙක්ට අම්මා ලඟ නැති උනාම (විෂේශයෙන්ම දුවෙක්ට) වෙන දේවල් නම් කතා කරලා වැඩක් නෑ. තමන්ගේ තාත්තා මෙහෙම දෙයක් කලා කිව්වම අහස පොලොව නුහුලන අපරාදයක් නේ !!!!

    අම්මා පල්ල !!! මේ වගේ එවුන්ව පලලා ලුණු දාන්න එපැයි !!!

    ReplyDelete
  12. මේ වගේ තිත්ත ඇත්ත ඇහෙන කොට හරි දුකයි..
    මේ වගේ දේවල් වෙන එක වලක්වන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
  13. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ ..

    යක්‍ෂයෝ වගේ මිනිස්සුත් අපි අතරේ ඉන්නවා නේ

    ReplyDelete
  14. බ්ලොගේ නැති වෙලා කියල මමත් දැක්ක.. බුකියේ මැසේජ් එකක් එවන්න ඕනි කියල හිතාගෙන, ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න යද්දි ආයෙත් නිසූගේ කතා නැවත පේනව.. හපොයි අපිත් බය උනා...
    ***********
    දුක හිතෙන කතාවක්.. මේ වගේම කතාවක් මේ ලඟදි අර හෙද මහත්තය ලියන බ්ලොග් එකේද කොහෙද තිබිල මම කියෙව්ව... හැබැයි ඒ ලමයටනම් කරදරයක් වෙලා තිබ්බෙ නෑලු... දිල් කියල තියන දේ එක්කලත් එකඟයි... නීතිය තදින් ක්‍රියාත්මක වෙනව නම් මේ දේවල් අඩු වෙනව...

    ReplyDelete
  15. :(
    තාත්තා කියන වචනෙටත් අපහාසයක්....

    ආ...අලුත් ටෙම්ප්ලේට් එක නම් සිරා.....

    ReplyDelete
  16. මේ ටික දවසට මං ඔය වගේ කතා ගොඩක් කියෙවුවා.... අපේ සමාජයේම තවත් පැත්තක් තමා ඔය....

    ReplyDelete
  17. ශික්.... වැඩක් නෑ අක්කි ඕව ගැන කතා කරලා. නිවුස් ඇහුවොත් ඔහොම කතාවක්ම තමයි. මහා ලොකුවට කියෙව්වට ලංකාවේ සාරධර්මත් දැන් අන්තෙටම වැටිලා තියෙන්නේ..

    ReplyDelete
  18. මෙහෙම මිනිස්සුන්ට දෙන්න ඕන දඩුවම මොකද්ද කියලා හිතාගන්න බෑ.. අර අරාබි රටවල දෙන දඩුවම් ඕන මුන්ට දෙන්න..

    ReplyDelete
  19. @මාධව - ඔව් අනේ…:(((((

    @පැණි දොඩම් - මේ වගේ තව කොච්චර සිද්දි වෙනවා ඇද්ද අපි නොදැන.

    @තනි අලියා - ඇත්තටම මේවට පියවර ගන්න ක්රැමයක් තියෙන්න ඕනෙ.

    @Bindi - ඔව් අක්කා. ඒත් මේවට කරන්න දෙයක් තියෙන්න ඕනෙ.

    ReplyDelete
  20. @ChammA - ඔව් ඒක ඇත්ත මල්ලි. තාත්තව වුනත් විස්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නෙ.

    @cjgayan - එකෙක්ට දෙන්නෙක්ට දඩුවම් දුන්නානම් නිකන්ම හරි යයි.

    @Chanaka Aruna Munasinghe - :((((

    @දිල් - ඒක ඇත්ත දිල් තව කොච්චර මෙහෙම දේවල් වෙනවා ඇද්ද. පිරිමින්ගෙන් අහනවානෙ සහෝදරියො , ලමයි නැද්ද ඔහොම වැඩ කරන්නෙ කියලා. තමුන්ගෙම ලමයට ඔහොම කරනවානම් තව මොන කතාද? ලිංගික නිදහස තිබුනට වියදම දරා ගන්න බැරුවද දන්නෙ නෑ. එහෙම වුනත් තමුන්ගෙ ලමයව දූෂණය කරන්නෙ පාහර කමටම වෙන්න ඕනෙ. නැත්නම් හරි සිහියක් නැතුවද දන්නෙ නෑ.

    උත්තර හෙව්වත් විසදුම් දෙන්න අපිට බැරි වෙනවා.

    ReplyDelete
  21. @ගිනි කුරුල්ලා - ඔව් සහෝ (මල්ලිද, නංගිද දන්නෙ නෑ) ටික ටික සමාජය වල පල්ලටම යනවා.

    @රහස් පරික්ෂකයා - ඔව් මල්ලි දැන් ගොඩ….
    කියන්න නෙවෙයි මල්ලි පන්න පන්න ගහන්න ඕනෙ.

    @මහි - ඒක නේන්නම් මං හොදටම බය වුනා. යන්තම් ගොඩ දාගත්ත දේවා මලයට පිං සිද්ද වෙන්න.

    අනේ මන්දා නංගි ඉස්සරහට මොනවා වෙයිද කියලා….

    @නදී - බලාගෙන යනකොට ගම් වල ඉස්කෝල හුගක් ඒවගේ නේද?

    ReplyDelete
  22. @මධුරංග - ඒක ඇත්ත මල්ලි. දුවෙක්ට අම්මෙක් නැති අඩුව පුරවන්න බෑ. ඒත් අනේ මන්දා කාලයක් දුවලා වෙලා හිටපු අම්මලාටම ඒවා තේරෙන්නෙ නැද්ද කියලා. හුගක් වෙලාවට ඔය ප්ර ශ්නෙ වෙන්නෙ සල්ලි හොයාගෙන රට ගිය අම්මලා නිසා. හැම දේම බලාගෙන ලමයිනුත් හදා ගෙන ඉන්න තාත්තලා නැතුව නෙවෙයි. ඒත් ඉතිං මෙහෙම දේවල් වෙනකොට සැක නැතුව ඉන්නත් බෑ නෙ.

    @රූ- අනේ මන්දා අක්කේ. මොකක් හරි ක්ර්මයක් හොයා ගන්න ඕනෙ.

    @හිස් අහස - ඒකනේ සඳරු. ලොකේට වෙලා තියෙන දෙයක්.

    @නදුන් උයන - හප්පේ තැන්කූ හවුලෙ බය වුනාට සහ මැසේජ් එක දෙන්න ට්‍රයි කරාට…:)))))

    ඔව් අයියේ හෙද මහත්තයා ලියපු එකේ තමා ඔය කතාව තිබුනේ. ඒක කියවලත් මම ශොක් වුනා. ඒත් මේක ඊට හපන් නේ. ඒක ඇත්ත අරාබියේ වගේ දඩුවම් දුන්නානම් ඕවා අඩු වෙනවා.

    ReplyDelete
  23. @සයුරි - ඔව් අක්කේ. අපේ තාත්තලා කොච්චර හොදද?

    තැන්කූ අක්කේ. ටිකක් කල් මේක දාලා.

    @prasanna86k - ඒක තමයි මාලුවෝ. එන්න එන්න වැඩි වෙනවා වගේ මේ වැඩ…:(((

    @Ice (අයේෂා කුලතුංග) - ඔව් නංගි… ටික ටික වලපල්ලටම යනවා. ලෝක විනාසෙ ලගයි වගේ.

    @Dinesh - අන්න හරි මල්ලි ඒවා තමයි දෙන්න ඕනෙ. අනේ මන්දා කවදා ඒවත් කෙරෙයිද කියලා.

    ReplyDelete
  24. ඔහොම අය තිරිසන්නු අක්කේ. උන්ට යන්න තැනක් අමුතුවෙන් හදන්න වෙයි.

    ReplyDelete
  25. nisupoo. blog eka backup karaganin kokatat. :)

    ReplyDelete
  26. @බට්ටි - ඒක ඇත්ත නංගි.ඊලග ආත්මෙත් විදවයි ඕවට.

    @Madhawa Habarakada - කර ගත්තා මාධව...:)))

    ReplyDelete
  27. ඇයි අද නෙත් එෆ් එම් එකේ බැලුම්ගල වැඩසටහටනට ගියෙත් මේ වගේ එකක් ගැන ඒකේ කතා කලා අධිකරණ දොස්තර කෙනෙක් එයා කිව්වා අවුරුදු ගානකට කලින් එහෙම සිද්දියක් වෙලා ආවලු තාත්තා කෙනෙක් එතකොට නඩුකාරයා ඇහුවලු තමුන් ඇයි මෙහෙම කළේ කියලා අර තාත්තා කිව්වාලු ඇයි මහත්තයෝ මම හදපු ගහේ පළවෙනි ඵලදාව මම නෙලුවම නරකද කියලා.

    මේ ලෝකේ කොච්චර තිරිසන් මිනිස්සුද ඇත්තට ඉන්නේ කාලකන්නි මිනිස්සු

    ReplyDelete
  28. මෙහෙම කතා අහන්න දකින්න මේ වගේ කාලෙක ඉපදිලා ඉන්න අපිත් පව්කාරයෝ.. මේ වගේ උන්ට නම් කිසිම සමාවක් දෙන්න හොඳ නැ. මගේ පළවෙනි වසරේ අපරාධ නීතිය විශයට මම කරපු ඇගයීමත් ළමා අපචාර ගැන. මේ පහුගිය කාලේ වෙලා තියෙන අපචාර දිහා බැලුවාම අතවරයට ලක් වෙලා තියෙන ගොඩාක් ලමයි අවුරුදු 11 ත් 16ත් අතර අය. තාත්තලා සීයලා මාමල.. අයියලා.. තමා මෙ ලමයින්ව බිළි අරන් තියෙන්නේ. ගිය අවුරුද්දේ විතරක් දූෂණ 600ක්ට වැඩියි. :(

    ReplyDelete
  29. ඔය මිනිහට ගල් ගහලා මරන්න ඕනේ...

    ReplyDelete
  30. අපොයි දෙවියනේ... කාට කියන්නද මෙව්වා,,, තමන්ගේ තාත්තා ම මෙහෙම කලානම් අන් අය ගැන කොහොම මේ දරුවා විස්වාස කරාවිද...

    අනේ මන්දා අක්කේ මේ ලෝකේ .....

    ජය,,

    ReplyDelete
  31. ඔහොම එවුන්ට හෙණ ගහලත් මදි....

    ReplyDelete
  32. සමාජය මේ තරම් කුරිරු උනේ කාගේ වරදින්ද කියලා ඇත්තටම හිතාගන්න අමාරුයි... ඒත් ඇත්තටම මේ වගේ අයට නම් රජ කාලේ දඩුවම් දෙන්න ඕනා අක්කෝ...

    ප.ලි : දැන් හොදටම හොදයිනේ

    ReplyDelete
  33. මෙහෙම තාත්තාලා.. අය්යලා අද සමාජයේ ගොඩාක් ඉන්නවා... හිතුමතේ නම් හිතන්නේ මේවාට දඩුවම් දෙන්න තියන නිති තව ටිකක් තද වෙන්න ඕනා....

    ReplyDelete
  34. මේ වගේ දේකට කමෙන්ට් කරන්ට හිත හදාගන්ටත් බෑ...:(

    අර 'දේවා මල්ලි' අඳුනගන හිටියා නම් හොඳයි කියලා මටත් හිතෙනවා.

    ReplyDelete
  35. හපොයි මගේ ඈඟත් සීතල උනා මෙහමත් අය ඉන්නවානේ බුදුන් වැඩිය මේ රටේ :(

    ReplyDelete
  36. සමාජය මෙතරම් නරක් වුනේ ඇයි.......??????

    පිළිතුරක් නැති ප්‍රශ්නයක්.මේක හරියට දම්වැලක පුරුක් වගේ මුලු සමාජයම වෙලාගෙන .කරුමේ කියන්නේ මේ දම්වැලේ කොහෙහරි කොනක අපිත් එල්ලිලා ඇති.ගොඩක් දුකයි.

    ReplyDelete
  37. @ශානු - අපොයි ඒ කතාව ඇහුවාම ඒ තාත්තට අත දිගාඇරලා කම්මුල් පාරක් ගහන්න හිතෙනවා නංගි. චික් විතරක් තාත්තා කෙනෙක් කොහොම එහෙම කිව්වද? ඒ මනුස්සයට මොකක්ද දන්නෙ නෑ හම්බ වුන උත්තරේ නේද?

    තිරිසන් කියන්නෙ සත්තුම තමයි.

    @Red Riding Hood - අම්මෝ දූෂණ 600ක් ??? :O නිකන්ම හිරේ දානවට වඩා දෙයක් කරන්න ඕනෙ මේ වගේ අයට. ඇත්තටම මට හිතෙන්නෙ දැන් දෙන දඩුවම් හොදටම මදි. ඒකයි මේ වගේ දේවල් තාමත් අපිට අහන්න වෙන්නෙ.

    @මන්තරකාරි - ඇත්තටම ගල් ගහලා විතරක් මදි. රජ කාලෙ දඩුවම් දෙන්න ඕනෙ.

    @Gayan Rupasinghe - ඔව් මල්ලි තව ඉස්සරට මේ වගේ දේවල් සාමාන්යා දේවල් වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
  38. @෴ මල් සුවඳක් ෴ - මදි මදි. හොදටම මදි.

    @දේවා ගේ අඩවිය - ඔව් මල්ලො මාත් හිතන්නෙ රජ කාලෙ දඩුවම් තමා දෙන්න ඕනෙ. කපුටන්ට කන්න දාන්න ඕනෙ.

    ප. ලි. සනීපද කියලද අහන්නේ මල්ලි? තාම කැස්ස තියෙනවා.

    @හිතුමතේ - ඔව් හිතූමතේ නීති ගොඩක් තද වෙන්න ඕනෙ. ඒත් නීති තද වුනා කියලා විතරක් මදි. මදි නොකියන්න දඩුවම් දීලා. ඒවා ප්ර්සිද්ද කරන්නත් ඕනෙ.

    @Podi Kumarihami - ඒකනම් ඇත්ත කුමාරිහාමි අක්කේ.

    ඔව් ඔව් හොද මල්ලියෙක් දේවාගෙ අඩවිය ලියන මල්ලිව දන්නවා නේද? ඔන්න උඩ කමෙන්ට් කරලත් ඇති.

    ReplyDelete
  39. @සුදු හංසි - ඔව් හංසි ඉන්නවා නේනම්. මොනවා කරන්නද?

    @Rajith - හ්ම්…. ඔව් කොහේ හරි අපිත් ඇති. ඒත් අපිටම තමා මේවා හරි ගස්සන්නත් මොනවා හරි කරන්න වෙන්නෙ.

    ReplyDelete
  40. දිනපතා පුවත්පත් සියල්ලම වාගේ කියවන මට මේ ශූශණ සිද්ධිය නම් එච්චර අරුමයක් නොවුනට..මිනිස්සු තිසන්නු වෙන එක ගැන නම් හිතා ගන්න බැරි වේදනාවක් තියෙන්නෙ..මිනිස්සු මෙච්චරම අසංවේදී වෙන්න , කරන්න තරම් දේවල් සමාජය තුලින්ම පැන නැගුනද පහු ගිය කාලෙ..පැන නැග්ගෙව්වද පහු ගිය කාලෙ ..මමත් ඇතුලු සියල්ලන්ම මෙයට වග කිව යුතුයි..මාධ්‍යය වලින් සහ ඇහැට ගැටෙන , කනට ඇසෙන සියලුම දේවල් වලින් මිනිස්සු කුලප්පු කරලා.. අනිත් පැත්තෙන් සමාජයම රහත් කරවන්න පුළුවන්ද ?

    ReplyDelete
  41. පපුවට නිකම් කුළු ගෙඩියකින් ගැහුවා වගේ අක්කේ. තාත්තා කියන නමටත් මේ මිනිස්සු කැළලක්. කොසොල් රජතුමා දැක්ක සිහින 16 දැන් එකෙන් එක ඇත්ත වේගෙන එන්නේ. අනේ මන්දා බණ අහන රටක්, බණ කියන රටක් මොකක්ද මේ වෙලා තියෙන්නේ :((

    ReplyDelete
  42. මම පහුගිය ටිකේම මේ බ්ලොග් පැත්තෙ ආවෙ නෑනෙ..:( අදතමා ආවෙ කියවන්නවත්..හම්මෝ..බය හිතුනා අක්කාගෙ බ්ලොග් එකට වුන දේ අහලා...:( මටත් බයයි..මම බැකප් දාලත් නෑ...:(

    මොනා වුනත් මේ කතාව අනේ..දෙයියනේ..ඇගේ හිරිගඩු පිපුනා..:(මෙහෙමත් ලෝකයක්

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...