expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Tuesday, November 29, 2011

50 ද,1000 ද????

                  ඊයෙ හවස මං හංවැල්ලෙන් බහිනකොට වෙලාව 6.30ට වගේ ඇති.වෙනදට සඳුදාට හංවැල්ලෙ පොළ නිසා හංවැල්ලෙන් හොද ට්‍රැෆික් එකක් සෙට් වෙනවා.වෙනදා ට්‍රැෆික් සෙට් වෙන තැන් වලවත් ලොකුවට ට්‍රැෆික් සෙට් වුනේ නැති නිසා හරි හැපි එකේ හිටියේ කලින්ම එන්න පුලුවන් වුනා කියලා.මොනවා වුනත් බස් එකේ ඩ්‍රයිවර්නම් අපිට නම් දෙයියෙක් වගේ.මොන ට්‍රැෆික් වුනත් එහෙන් මෙහෙන් දාලා යනවා පාර එයාගෙ වගේ.ඇඟේ ලේ වතුර වෙනවා යන විදිහට.(ආහ්...කියන්න බැරි වුනානෙ හවසට මං ගෙදර යන්නෙ ලෝ ලෙවල්  එකේ.හයි ලෙවල් එකේ යන්න ගියොත් මඟටම කාලෙ ඉවරනෙ.)

                ඔන්න ට්‍රැෆික් එකක් සෙට් වුනා කියමු.දානවා කොළඹ පැත්තට යන ලේන් එකට. එහා පැත්තෙන් වාහනයක් එනකල් පුලුවන් උපරිම් ස්පීඩ් එකෙන් යනවා.වාහනයක් එනවා දැක්ක ගමන් රිංගවන්න හදනවා අනික් පැත්තට.ඒත් ඉතිං ට්‍රැෆික් අස්සෙ වාහන පැක් වෙලා තියෙනකොට කොහේ රිංගන්නද?ඒ පැත්තෙ වාහන ටිකක් යනකල්ම ඉන්න වෙනවා.වාහන යනකොට රිංගවන්න හැදුවත් හුඟක් වාහන ඉඩ දෙන්නෙත් නෑ.මොකාද කැමති එක වාහනේකින් හරි පස්සට යන්න.කොහෙන්හරි ඉඩ අරන් දාගත්තා කියමුකෝ.ඉක්මනට බස් එක රිංගවගත්ත තරමට අපි වගේ ළමයි නරක් වෙන එක අඩුයි.. :D ඇයි ඉතිං මෙයා යන විදිහට අනික් වාහන වල මිනිස්සු සුද්ද සිංහලෙන්ම අමතනවා නොවැ.

                   මොනවා වුනත් ඒ ඩ්‍රයිවර් නිසා තමයි ටිකක් කලින් ගෙදර යාගන්නෙ.එයා එච්චර හයියෙන් යන්නෙත් එයාට ගෙදර යන්න තියෙන අන්තිම බස් එක අල්ලගන්න ඕනෙ හින්දලු.ඒකෙන් අපිටත් හොදයි.:D හැබැයි හප්පගන්නේ නැති තාක් කල් විතරයි.බස් එකේම යන මට්ටක්කුලියෙ ඩිපෝවෙ ටිකක් ලොකු මහත්තැන්ලා කෑගැහුවාටවත් මේ යකාගෙ ගමන නම් වෙනස් වෙන්නෙ නෑ.

                  හපොයි....හෝව් හෝව්....බ්‍රේක් බ්‍රේක්...මං මේ මොනවා කියවනවද මන්දා.කියන්න ආවෙ මොකක්ද දැන් කියන්නෙ මොකක්ද.කියන්න ආවෙ හැබෑටම ඊයෙ බස් එකේ (හංවැල්ල සිට පාදුක්ක) වුන සීන් එකක්.ඔන්න මං කිව්වානෙ  ඊයෙ 6.30ට හංවැල්ලෙන් බැස්සා කියලා.බැස්ස ගමන් මෙන්න බොලේ පාදුක්ක බස් එක යනවා.කොහේ නගින්නද පාර මැද්දෙන් නොවැ ගියේ.මාත් එක්ක මට්ටක්කුලියෙ ඩිපෝවෙම අයියා කෙනෙක් ආවා.කොහෙද එයාට නගින්නත් බැරි වුනා.

                 අපි දෙන්නත් එක්කම බස් නවත්තලා තියෙන තැනට ආවා.වෙනදට එකක් යනකොට එකක් එන බස් ඊයෙ නෑ.ඉස්සෙල්ල බස් එක ගියා විතරක් වුනාට තව බස් එකකින් බාගයකට සෙනග ඉන්නවා.වැඩි දෙනෙක් පොලෙන් බඩු ගත්ත බඩු මලු උස්සගෙන.කොහොමහරි බස් එකක් එනකොට හතට ළඟයි.දඩ බඩ ගාලා නැගලා ඉද ගත්තා.තව පැය කාලක් විතර ගියා බස් එක ස්ටාර්ට් කරගෙන යන්න හදනකොට.
                 ඔන්න එතකොටම මං ඉදගෙන හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ මනුස්සයා හය්යෙන් කියනවා "රුපියල් පනහක් කියලා දාහක් දීලානෙ කඩේට.ඒක ගන්න කියලා ගියා."කියලා.පිටිපස්ස හැරිලා බැලුවාම ඒ මනුස්සයට එහා පැත්තෙ මිනිහෙක් වෙනුවට බෑග් එකක්.වටේම මිනිස්සු කසු කුසු ගානවා."එයා ඩ්‍රයිවර්ට කියලා නේද ගියේ?එහෙනම් මේ මනුස්සයා යන්නෙ". ඒත් ඉතිං ඊළඟ බස් ආවාම යන්නෙ නැතුව හිටියොත් උන්ගෙන් ගුටි කන්න එපැයි.


                 ඔන්න එක පිරිමි කෙනෙක් ඉස්සරහට දුවලා ගිහින් ඩ්‍රයිවර්ට කියනවා "එක්කෙනෙක් කඩේට ගිහින් පොඩ්ඩක් ඉන්න කියලා".ඔන්න එතකොට නේබර්කාරයා (සීට් එකේ) කියනවා "මං කිව්වා බෑග් එක අරන් යන්න කියලා.කෝ ඇහුවායෑ .මේ ගෑණි බෑග් එක දාලා ගියානෙ.ගෑණු කියන දේ අහන්නෙම නෑ නෙ."මදෑ ගෑණු ඔක්කොටම දොස් මුරේ දානවා.

                 කොහොමහරි ඊළඟ හෝල්ට් එකේ නතර කලා බස් එක.ඩ්‍රයිවර් කාරයා කියනවා "ඕගොල්ලො කියයි අපිටනෙ දඩ කන්න වෙන්නෙ තැන තැන නතර කරලා."ඇත්ත නේන්නම් දඩ ගැහුවොත් අපි ගෙවනවෑ...හික්ස්...ඔන්න කොන්දා ආවා සීට් එක ගාවට අර බෑග් එක ගන්නයි යන්නෙ අතට.නේබර් කාරයා එන්ටර් වෙනවා.


නේබර් - ඔය කොහෙද බෑග් එක අරන් යන්න හදන්නෙ.
කොන්දා - ඊළඟ බස් එකට දාන්න හදන්නෙ.
නේබර් - එහෙම කරන්න එපා ඒ මනුස්සයා හොයයි නේ.
කොන්දා - ඒ වුනාට මෙතනටම වෙලා ඉන්න පුලුවන්ද අපිට මහත්තයා.
නේබර් - එහෙමයි කියලා මේවා ඒ බස් එකේ තියලා නැති වුනොත්?


                කොන්දා බෑග් ටික එහෙමම දාලා බස් එකෙන් බැහැලා ගියා.ටිකකින් ඔන්න ගෑණු කෙනා එනවා.කොන්දාත් පිටිපස්සෙන් එනවා.නේබර් කාරයා දැක්ක ගමන් "මං ඔයාට කිව්වානෙ බෑග් එක අරන් යන්න කියලා.ඇහුවෙ නෑ නෙ".  මොන මේ ගෑණු කෙනාට ඒවා වගේ වගක් නෑ.


                  එයා කියවන්න ගත්තා එයාට කඩේදි වුන අකරතැබ්බෙ ගැන.බැලින්නම් එයා රුපියල් පනහ වෙනුවට දීපු දාහ එයාට ආපහු දීලා නෑ.කවුද ඉතින් එහෙම දෙන්නෙ ගත්තට පස්සෙ.අර නේබර් කාරයා කියනවා හොදට බලන්න පර්ස් එකේ තියෙනවාද කියලා.ඒ පාර අර ගෑණු කෙනා කියනවා"නෑ නෑ මට ශුවර් මං දුන්නෙ 1000 කියලා"



කාට කියන්නද මේවා.දැන් මෙයා හිතලම වරද්දලානෙ බලා ගෙන යනකොට...:D

41 comments:

  1. හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද....?

    ReplyDelete
  2. කොහොම නමුත් ඔය අලුත් සල්ලි නෝට්ටුවල ඉන්න නැට්ටුක්කාරයෝයි පාටවල් ටික නිසයි අපිටත් හොඳ හොඳ නැටුම් නටන්න වෙලා තියෙන්නේ පැටලිලා. හොඳ වෙලාවට මම එච්චරම අලුත් කොළ පාවිච්චි කරන්නේ නැහැ. හම්බුණු ගමන් මොනවා හරි කරලා යවා ගන්නවා. නැත්නම් හදිසියකට මාරුවෙලා ගියොත් :))

    ReplyDelete
  3. හදිස්සියට වරදින්න ඇති...
    නේ...

    ReplyDelete
  4. ෂුවර් 1000 බෑග් එකේ තියෙන්න ඇති....

    ReplyDelete
  5. අම්මෝ... අපරාදේ සල්ලි... අළුත් නෝට්‍ටු පාවිච්චි කරද්දී වරදින්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩී තමයි.......

    ReplyDelete
  6. මාරු වෙන්න ඇති...පාට වෙනස් උනත් ඉතින් සමහරුන්ට වර්ණ අන්ධතාවය තියනවනේ...ඒ නැතත් තාම ඔය පාටවල් ටික හුරු නැතුව ඇති :) මමනම් මේ පාර ලංකාවට ආවම මන්ඥන් වෙලා ගියා...

    ReplyDelete
  7. ලංකාවේ හිටපු ටිකේ මටත් ඔය අලුත් කොල ටිකක් පැටලුනා... ඒත් ඔහොම දෙයක්නම් උනේම නෑ.

    ReplyDelete
  8. හපොයි දෙයියනේ... 950 කටම කෙළ උනා එහෙනම්.....

    පර්ස් එකේ තියෙන්න ඇති දාහකුයි, පණහකුයි..... පස්සෙ චැක් කොරනකොට පණහ තියෙද්දි දාහ ගිහින් තියෙන්න ඇති.......පව් උන්දැ....

    ReplyDelete
  9. මේ වගේ තැනකදි ඔක්කොම දේවල් අමතක වෙන එක අහන්ටත් දෙයක්ද?

    දැන් ඉතින් කීදෙනෙක් ඔය බස් එකේ නගීද දන්නේ නෑ නිසූපා හොයාගන.:D

    ReplyDelete
  10. 1000 යි 50 යි නම් අනේ මන්දා ඒත් 500 යි 20 යි නම් මාරු වෙනවා කියලා මට කඩවල් වල කීප දෙනෙක්ම කියලා තියෙනවා. මට නම් හැම කොලයක්ම වෙනස් ඒ ඇරෙන්න ඉතින් ඔය 1000,500 ඒවා එක්ක වැඩ ගණුදෙනුවක් නැහැ නේ අපිට

    ReplyDelete
  11. ඇයි රු. 20 සහ රු. 500 පැටලෙනවා.. අපි හිතේ හෝදිසියට නෝට්ටුවෙ කලර් එකෙන් නෙ මහ්ටක තියා ගෙන ඉන්නෙ.. දැන් එහෙම කරන්න ගියොත් සොරිම තමයි.. මේ ළඟදි රු. 18කට මන් රු. 500 ක් දීලා හැමදාම බඩු ගන්න කඩේ නිසා මුදලාලි කිව්වා මේක පන්සීයක් කියලා..

    ReplyDelete
  12. හම්මටසිරි. දවසක්ද පන්දාහෙ කොලේ පන්සීව වගේ පෙනිල අනූ නවයෙං බේරුනේ. සල්ලි ගත්තු මිනිහ දැකපු හින්ද හොඳා!

    ReplyDelete
  13. අලුත් 50 කොළයයි 500 යී නම් මාරැ වෙනවා.ඒ දෙකම එකම ටිකක් එක වගේ.මගේ අතටත් කීප දෙනෙක්ම 50 වෙනුවට 500 දීලා තියෙනවා. එත් ආපහු දීලා තියෙනවා.කඩේ මිනිස්සුත් අනිවාර්යයෙන්ම ඒ වෙලාවෙ දකින්න ඇති. මොකද සල්ලි දිහා දෙපාරක් නොබලා කවදාවත් ලාඡ්ජුවට දාන්නේ නෑ.එත්න කරලා තියෙන්නේ ලොකු වංචාවක්.පස්සේ ගිහින් ඉල්ලුවට කෙහේ දෙන්නද?දැන් මිනිස්සු බල්ලොත් මරයී සල්ලි වලට.හැබැයි තව දෙයක් පැහැදිලිවම 50ට 1000 නම් මාරැ වෙන්නේ නෑ.

    ReplyDelete
  14. හැබැයි ඇත්තටම වැරදිලා 1000 ක් දීල නම් හරිම පවු වැඩේ.
    අලුත් සල්ලි වලට මාරු වෙන්න ටිකක් මාරුයි තමයි. මම මේ රටට ඇවිත් අවුරුදු දෙකක් වෙන්න ඇවිල්ලත් මට මෙහෙ සල්ලි තාමත් පැටලෙනවා

    ReplyDelete
  15. දැන් තියෙන මුදල් නෝට්ටු නම් ටැපලෙනවා තමා හුඟාක් වෙලාවට...විශේෂයෙන්ම 100 යි 20 යි.... සමහර විට 1000 බෑග් එකේද දන්නෙත් නෑ....

    ReplyDelete
  16. hoyanda ba thama dan tiyana salli kola okkoma ekawage.

    ReplyDelete
  17. වසිලිස්සාWednesday, November 30, 2011 1:23:00 PM

    අනේ අපොයි!පවු ඒ මනුස්සය ,මටත් 20 සහ 500 නම් මාරු වෙනවා.බලන් යද්දී ගොඩක් යට ඒ සෙතේ තමයි.හැබැයි ඔය කොළවලට සම්මානත් හම්බුනා කියන්නේ.මහජනයා අමාරුවේ දාල ගන්න සම්මාන මොකටද?

    ReplyDelete
  18. වෙනිය ඔය බොරු කියන්නෙ, මුදලාලි ඌට 20 වෙනුවට 500 ක් දීල, ඌ එකත් අරන් ශේප් වෙලා

    ReplyDelete
  19. 1000 ක් හොඳටම ෂුවර් නම් මොකටද බොල දැන දැනම දුන්නෙ....

    ReplyDelete
  20. වෙනියො... මොනාද බං උඹ රු18කට ඔය හැමදාම ගන්න ‘බඩු‘?

    ReplyDelete
  21. ඔය අළුත් නෝට්ටු නිසා ගොඩක් වෙලාවට වැරදීම් වෙනවැති. හික්ස් :)
    ඒක නෙමෙයි. අක්කා ගෙදර යන්නේ අර ස්ටේඩියම් එක හරහා යන ගොතටුව බස් වලද ?

    ReplyDelete
  22. සල්ලි පැටලෙනවා කියන එක නම් මම පිලි ගන්නේ නැ අක්කෝ.... මොකද අත්දැකිමෙන් දවසකට ලක්ෂ 200ක් තුන්සියක් මම ඔය වගේ කොලත් එක්ක ගනුදෙනු කරනවා..

    හදිසියට ඇරුනහම ඕවා මාරු වෙන්න තියන ඉඩ කඩ අඩුයි ඇස් පෙන්නෙන නැත්නම් අර ඒකට තියන ඩොට් වලින්වත් අදුනගන්න පුලුවන්නේ... ඕව ගැන මම පොස්ට් 2ක්ම දාලා තියනවා අක්කේ...

    ඇත්තටම අපි මුදල් එක්ක ගනුදෙනු කරනකොට පරිස්සම් වෙන්නම වෙනවා,, බලන්නකෝ මේ ලින්ක් (කොහොම වෙයිද හොර 5000ක් අතට ආවොත් එහෙම)

    http://sadaru-world.blogspot.com/2011/05/01.html

    http://sadaru-world.blogspot.com/2011/08/5000.html

    ReplyDelete
  23. අර පොඩි කුමාරිහාමි බවලතා කී දේ ගැන කල්පනාවෙන් දරුවෝ...
    උන්දෑල මෙව්වායේ කාරනා කාරනා දන්නා අය නෙව....

    ReplyDelete
  24. සිරා කතාව.. දැන් ගොඩක් සල්ලි ‍ඔහොම මාරැ වෙනවා.. හංවැල්ලේ කිව්වම මට මතක් වුනේ මගේ ජී.එෆ්.. ජී.එෆ් මතක් වුණාම ඔය වගේ බස් සීන් එකක් මතක් වුණා.. අපේ එක‍්කෙනා ඒ.සී බස් එකක දොර වහලා කොන්දා එලියේ ඉන්නකොට.. ලගදිම ස්ටෝරිය මගේ බ්ලොගේ දානවා... එල නිසූ..

    ReplyDelete
  25. ane mata nam kawadawat salli maru wela na. :D

    ReplyDelete
  26. මෙතන ප්‍රධානම ප්‍රශ්නෙ තමයි නිසූපා ඔය කියන දවසෙ හවස 6.30 ට හංවැල්ලෙන් බැහැපු එක. ආයෙ ඒ වෙලාවට බහින්න එපා. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.

    ReplyDelete
  27. අනේ හැබෑටම...
    මෙහෙමත් රටක්..
    ඔය බස් කෙරුවාවනං අක්කණ්ඩි..සැබෑ ලෙඩක්..
    සමහරදවස් වලට මම ක්ලාස් ඉවරවෙලා එද්දි, ඇඳුං ටික නොගැලවී එන්නේ බොහොම අමාරුවෙං.ඩැයිවර් උන්නැහේට ගානක් නෑ..සිංදුවක් කාරිය දාගෙන ෆුල් චුන් එකේ එනවා... අපිට ඉතිං එතකොට මාරයා ....
    සමහරුන්ට අර අක්කා කීවා වගේම ශුද්ධ සිංහල මතක් වෙනවා..අපි ඉත්ං හොඳ ලමයි නේ..ඒව අහල අපි හිනාවෙන්නේ එහෙම නෑ හරිද? අපි හොඳ ළමයි නේ..හේ හේ.. ජය!

    ReplyDelete
  28. @නෝටියා | Naughty's Impression - ඒක නේන්නම්…. :)))

    @Hasitha - අපොයි ඔව් සැලකිල්ලෙන් හිටියෙ නැත්නම් ඉවරම තමයි. වෙන එකක් තියා කොල වල සයිස් එකත් එකම වගේ නෙ. මං කිව්වෙ පළල. මට හැබැයි තාම පැටලිලා නම් නෑ. වෙලාවට…

    @Lasitha - හ්ම්… වෙන්ට ඇති.

    @ඔබ නොදු‍ටු ලොවක්..... - කොහොමද දන්නෙ නෑ. ඒ වෙලේ බැලුවෙ නෑ නෙ.

    ReplyDelete
  29. @මහි - මොනවා කරන්නද? කීයක් අපරාදෙ කඩ කාරට යන්න ඇතිද නේද.

    @සයුරි - අපොයි ඔව් අක්කේ මට තාමත් පාටවල් ටිකනම් මතක නෑ. විස්සෙ කොලේ දම් පාටයි වගේ කියලා විතරයි මතක.:))

    @Dinesh - මටත් තාම පැටලිලා නෑ මල්ලි. මොකද අලුත් කොල වැඩිය අතට එන්නෙ නෑ නෙ. :D

    @Miyuru – හ්ම්…. ඔව් ඔව් අක්කා. කෙල වුනා නේන්නම්. මාත් හිතන්නෙ ඒක තමා වෙන්න ඇත්තෙ. බස් එකට සල්ලි දෙන්න බලද්දි වෙන්න ඇති දකින්න ඇත්තෙ.

    ReplyDelete
  30. @Podi Kumarihami - ඒ කිව්වෙ කුමාරිහාමි අක්කා. අපෝ ඒ බස් එකට නගින එක ලේසි නෑ. හොයාගෙන ඇවිල්ලා කේස් දාන්න ආවොත් රිටන් එක දෙන්නත් බස් එකේ කස්ටිය ඉන්නවා.:D

    @ම - මටත් වැඩිය ඔය කොල ටික අතට ඇවිත් නෑ. ඒ නිසා මාරු වෙනවද නැද්ද කියලා හිතාගන්න බෑ නෙ.

    @Weni - හ්ම්… හැබෑටම අයියා ටොපි වගේද ගත්තෙ රුපියල් 18 දෙන්න වුනේ. කඩ කාරයා හොද නිසා හොදයි. නැත්නම් හැමදාම යන කෙනා කියලා නෑ කියලා නෑ ගනීවි.

    @තනි අලියා - සල්ලි ගත්තු මිනිහා හොදයි වගේ. නැත්නම් කියයි මේන් කියලා. :P

    ReplyDelete
  31. අලුත් සල්ලි පොඩ්ඩක් පැටලෙනවා නේද? මාත් මෙ සැරේ ලංකාවට ගියපු වෙලේ හරි අමාරුවෙන් සල්ලිත් එක්ක හැප්පුනේ

    ReplyDelete
  32. ගෑණු කියන්නේ කිසි කල්පනාවක් නැති ජාතියක්නේ... නේනේනේනේදදදදද? :D :D

    ReplyDelete
  33. @බට්ටි - ඒක තමයි නංගි මටත් හිතාගන්න බැරි.1000යි,50යි හුගක් වෙනස් නෙ.මං හිතන්නෙ කලබලේට මාරු වෙන්න ඇත්තෙ.ඔව් ඉතිං කඩේ මුදලාලි අතට ආපු වාසිය නැති කරගන්න හිතන්න නැතුව ඇති.හැමෝම හොද නෑ නෙ.

    @niroshini - මොනවා කරන්නද.වෙලාවට මට අලුත් සල්ලි වැඩිය අතට ඇවිත් නෑ. :)))

    @දිල් - වෙන්න පුලුවන් දිල්.එයා ඒ වෙලේනම් බැලුවෙ නෑ.ගෙදර ගිහින් බලන කොට තිබුනද දන්නෙත් නෑ.

    @නදී - ඔක්කොගෙම පළල එක සයිස් නිසා තමා වැඩියම පැටලෙන්නෙ.

    ReplyDelete
  34. @වසිලිස්සා - ඒක නේන්නම් ගොඩක් කල් යයි අපිට ඔය සල්ලි පුරුදු වෙන්න. කාලෙකට කලින් ආපු 200 කොලේ මතකද?දැන් එහෙම එකක් හොයාගන්නත් නෑ නෙ.

    @Observer - හික්ස්..වෙන්න ඇති ඔබා මාමෙ.අනික හැමදාම රුපියල් 18ට බඩු ගන්නවාලු

    @පැණි දොඩම් - අන්න ඔයාට තේරුනා වැඩේ. )) මටත් ඕක වුන වෙලාවෙ හිතුනෙ ඕකම තමා.


    @මධුරංග - හ්ම්…. ඒකත් ඇත්ත.
    නෑ නෑ මල්ලි මං යන්නෙ ලෝ ලෙවල් එකේ.

    ReplyDelete
  35. @දේවා ගේ අඩවිය - ඔයාලා ගොඩක් සල්ලි එක්කම වැඩ කරන නිසා පැටලෙන්නෙ නැතුව ඇති.ඒත් ඉතිං ඉදලා හිටලා අතට එනකොට මතක හිටින්නෙත් නෑ නෙ.හදිසියට ඔහේ අරගෙන දෙන්න ඇති.කලුවරත් වැටෙන වෙලාවනෙ.පේන්නත් නැතුව ඇති.ඇත්තටම ඇස් පේන්නෙ නැති කෙනෙක් මිසක් අල්ලලා බලලා හොයන්නෙ නෑ නෙ.

    හොර කොලයක් අතට ආවොත් ඉතිං ඉවරයි.කවුරු දුන්නයි කියලා කියන්නද?නේද:)))

    @තිස්ස දොඩන්ගොඩ - බොහොම ස්තූතියි අයියෙ උපදෙසට.මං ඔන්න ඒ හරිය පොඩ්ඩක් එඩිට් කරා.:))


    @sAm (සෑම්) - ඒ කියන්නෙ ඔයාගෙ ජී.එෆ්. මේ පැත්තෙද???
    දාන්න දාන්න කතාව ඔයාගෙ කතා මරු.


    @Madhawa Habarakada - මටත් තාම නම් නෑ..:D

    ReplyDelete
  36. @Enemy - අප්පච්චියේ දැන් එතකොට ඒකද ප්රෙශ්නෙ.පරක්කු වෙලා බැහැලා යන්න බස් නැති වුනොත් මොකදෑ කරන්නෙ??? :P

    @ඹාලු ෆිට් එක - ලෙඩක් නම් තමා නගේ.ඒත් ඉතිං එයා එහෙම එන නිසා අපි කලින් ගෙදර එනවානෙ.නැත්නම් ඉතිං ගෙදර එනකොට රෑ 8.30වත් වෙයි.ඊටත් වඩා පාරෙම පැය ගානක් ඉදලා දැනෙන මහන්සිය. අනේ මන්දා.හොද නරක දෙකම තියෙනවා.

    @අසරණයා - ඉස්සෙල්ලා කියලා තියෙනවා වගේ වෙලාවට මට වැඩිය අලුත් සල්ලි අතපත ගාන්න හම්බ වුනේ නෑ. :))

    @prasanna86k - අපොයි ඔව්…මොකට කියනවද ඒවා.පිරිමි අයට තමා කල්පනාව තියෙන්නෙ. :P

    ReplyDelete
  37. ඉවර්යිනේ ඉතින්....... දැන් ඉතින් ඔක ගන්න බෑ

    ReplyDelete
  38. හෆ්ෆෝයි!!! මටත් මරු වැඩක් ව්උනේ... දවසක් මම උදේ ඉන්ස්ටිටියුට් යන්න තාත්තාගෙ පර්ස් එකෙන් සල්ලි 200කුයි අමතර 20කුයි අරගෙන ගියා. ඉතින් බස් එකට සල්ලි දීලා අන්තිමට කැන්ටීන් එකට ගිහින් උදේට කන්න පරාටා එකක් ගන්න ගිහින් මම අර 20 අරන් ගිහින් කැන්ටීන් එකට දුන්නා, මෙන්න බොලේ මට කැන්ටීන් එකෙ අන්කල් ඉතුරු සල්ලි දෙන්න හදනවා. 100 කොල ගොඩකුත් එක්ක.:O මම ඇහුවා ඇයි කියලා. එය කිව්වා ඇයි මිස් 500ක්නෙ දුන්නෙ කියලා. හුටා... මම 20ක් කියලා හිතාගෙන තාත්තගෙ පර්ස් එකෙන් අරන් තියෙන්නෙ 500 කොළයක්.. වෙලාවට කැන්ටීන් එකේ ඉන්න මිනිස්සුන්ගෙ හොදකමට ඒක මට කිව්වෙ.
    නැත්තම් විනාසයි...අලුත් සල්ලි කොළ නම් මාරම වදයක්

    ReplyDelete
  39. ඉස්සර මට මතකයි 120 පාරෙත් ගියා ඔහොම බුවෙක්.. හොරනටත් එහා ඉදන් එන්නෙ.. දකුණෙන් තමා යන්නෙම... මොන ට්‍රැෆික් තිබ්බත් ඌ යනවා...

    අළුත් සල්ලි කොළ ගැන නම් අවබොධයක් නෑ හරියටම

    ReplyDelete
  40. මටත් ඔය වගේ වැඩක් වෙලා තියනවා, 1000 ක ඉතුරු ගන්නෙ නැතුව ඇවිත් හැබැයි ඒ මිනිස්සු නං දුන්නා ඉතුරුවා .....

    කොහොම උනත් තමන්ට මොන අවුල උනත් බස් එකේ අනිත් මිනිස්සු රස්තියාදු කරන එක නං අනුමත කරන්න බැහැ .......

    මට පොඩි වීඩියෝ කෑල්ලක් මතක් උනා, ගෑනු පරිස්සමට සල්ලි දාන බැංකුවක් ගැන ඔන්න මම ඒකත් දානවා මෙතන කමක් නැහැනෙ ...

    http://www.youtube.com/watch?v=SEHzs-joHLo

    ReplyDelete
  41. මමත් ඉස්සර නම් ආසයි ඔය වගේ බස් වල යන්න... ඒත් දැන් නම් නෑ... සමහර විට නිසූපත් දන්නව ඇතිනේ.. "ෂාප්" බස් එකේ කතාව... එදා ඒ අවසනාවන්ත සිද්දිය වෙද්දි ආදරණීයයන් කීප දෙනෙක්ම ඒකේ හිටියා... එදායින් පස්සේ පොඩ්ඩක් සැලකිලිමත් :)

    යකඩෝ මම මේ සල්ලි කොල දැකලා නැතුවාය.. :(

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...