expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Friday, May 6, 2011

පොඩි එකාගේ මොළේ...


හ්ම්…..කොහොම පටන් ගන්නද කියල හිතාගන්නත් බෑ ලියන්න හැදුවට.මගෙන් යාලුවෙකුත් ඇහුව දැන් මොනවද blog එකේ ලියන්න හිතා ගෙන ඉන්නෙ කියලා. 

අවුරුදු 25ක් වෙච්ච ජීවිතේ වුන දේවල් ගොඩක් මතකයට ආවත් පිලිවෙලක් ඇතුව ලියන්න හිතුව. 


තාම blog කෙරුවාව පටන් ගත්ත ගමන්ම හින්දා ලියන එවා එච්චර කට්ටියට දිරවයිද දන්නේ නෑ.

පොඩි කාලෙන්ම පටන් ගමුකො එහෙනම්.



 ඔන්න ඉතින් මේ ගෑණු ලමයා
පුංචිම පුංචි දැරිවියක් කාලෙ පදිංචි වෙලා හිටියේ අනුරාධපුරේ ලීකොළ වැව කියන පැත්තෙ පාසලක ගුරුනිවාසයක. දැන් ඉතින් මේ කොළම්පුරේ හිටියට මගේ ජීවිතේ මුල් අවුරුදු 5 හිටියෙ එහේ. මේ දවස් වල අපේ පියතුමා හිටියේ TTI එකෙ course1ක් කර කර. ඉතින් පියතුමා ගෙදර එන්නේ සති ගානකට පාරක්.ගෙදර හිටියේ මේ පුංචි එකයි, අම්මයි, මේ පොඩි එකාව බලාගන්න හිටපු අම්මගෙ මල්ලියි විතරයි.

ඔන්න ඉතින් එක දවසක් තාත්තා ගෙදර ඇවිත්. ඉතින් දවස් ගානකට පස්සෙ දැක්ක ප්‍රියම්භිකාව එක්ක කතා කරල ඉන්න එපැයි ඔක්කොටම කලින්. දෙන්නත් එක්ක කතාව දාගෙන ඉන්නවලු දැන්.

මාස ගානක් වයස වුන පොඩි එකා හෙවත් මම ඉතින් අම්මගෙ අතේලු. දැන් මේ පොඩි එකා බලාගෙන ඉන්නවලු තමන්ගේ තාත්තා, අම්මා එක්ක කතාව නවත්තලා තමුන්ව " කෝ මගෙ චූටි දූ" කියලා අහල අතට අරගෙන හුරතල් කරන කල්. ම්හ්...කෝ තම එහෙම කරන පාටක්වත් නෑ. සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. නෑ වගේ.  ඒ දෙන්න ඒ දෙන්නගෙ ලෝකේ.


 ටික වෙලාවක් යද්දි මේ කයිය දාගෙන හිටපු ජෝඩුවට ඇහෙනවලු මහා හයියෙන් අඬන සද්දයක්. බැලින්නම් ඉවසල ඉවසල බෙරිම තැන පොඩි එකා බෑගිරි ගගහා අඬනවලු. 


මොකටද????? 

අවදානය ගන්න. 
ඒ වැඩෙන් අම්මගෙයි, තාත්තාගෙයි දෙන්නගෙම අවදානෙ පොඩි එකාට හම්බ වුනලු.

කොහොමද ටිකිරි මොළේ.......

6 comments:

  1. අපිත් ඉතින් ඔහොම ටිකිරි වැඩනම් කරලා තියනවා ලොල්..සාදරයෙන් පිලිගනිමු..(ඔය කිව්වට මමත් අලුත්)අහ් මේ වර්ඩ් වර්ටිෆිකෙශන් එක අයින් කරන්න කොමෙන්ට් දාන කොට එන

    ReplyDelete
  2. අපි දන්නෙ නැද්ද ඉතින් මේ කෙල්ලගෙ මොළේ ගැන. :)

    ReplyDelete
  3. එකනේ මාධව යාලුවෝ ටික දන්නවානෙ මගෙ මොළේ ගැන..

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි මදුශාන් ඔන්න අයින් කලා...

    ReplyDelete
  5. කට චුට්ටක් ඇරියනම් මාරි විස්කෝත්තුවක් දාන්න තිබ්බා. නියම වැඩ තමයි අක්කත් කරලා තියෙන්නේ.

    ReplyDelete
  6. අපොයි මට බලෙන් මාරි බිස්කට් කවපු සීන් එකකුත් තියෙනවා. ඉන්නකෝ වෙලාවක කියන්නම්...

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...