ඊයෙ රෑ පබ්ලිශ් කරපු පෝස්ට් එක රීඩර් වල අප්ඩේට් වෙලා නෑ වගේ නේද??? මගේ බ්ලොග් ලිස්ට් එකේවත් නෑ. මං ඒත් බැලුවා මොකද මේ කමෙන්ට් එහෙම අඩු කියලා.පෝස්ට් එකක් දැම්මා කියලා දැන ගන්න විදිහක් නෑ නෙ නේද? ඒ මදිවට ෆේස් බුක් එකේ ලින්ක් එක පේස්ට් කලාම පේජ් නොට් ෆවුන්ඩ් කියනවා මොකක් වෙලාද මන්දා.ඒ නිසා ඔබා මාමා කලා වගේ ලින්ක් එක දාලා තව පෝස්ට් එකක් දාන්න හිතුවා.කරදරයක් නම් සමාව බජනය කරන සේක්වා.......
මෙන්න මගේ කතා බලන්න එන අය
Tuesday, March 13, 2012
Friday, March 9, 2012
කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2
බ්ලොග්
කියවන්න ගියාම ලියන්න වෙලාව මදි.ඒ මදිවට මේ මැෂින් එකත් පිස්සු නටනවා.ටයිප් කරන්න
ගියාම අකුරු එකට සෙට් වෙලා විකාරයක් වෙනවා.හයියෙන් ටයිප් කරන්න බෑ.ඒත් ඉතිං මේක
අත් ඇරලා දාන්නයෑ..කොහොම හරි ලියන්නත් එපැයි.ඒ අස්සෙ සේව් වෙනුවට පබිලිස් බටන් එක එබිලා විකාරයක් වුනා.සමා වෙන්ට ඕනෙ ඒකට.ඔන්න දැන් කතාවට.මං දැන් කාලෙකට කලින් බිත්තර කතාවක්
කීවානෙ. මේ තවත් බිත්තර කතාවක්.....
Saturday, February 18, 2012
෴වැලන්ටයින් ඛේදවාචක෴
කොහොමද කස්ටිය සැපෙන් සනීපෙන් ඉන්නවාද.??? ආදරය කරන අයට විසේස දවසකුත් පහු වුනා නේද???? කොහොමද කස්ටිය සැමරුවද????මහින්ද මාමානම් ලෙසටම දුන්නා නේද තෑගි...:D කොහොම වුනත් මගේ නම් හැගීම ඕක මහ ලොකුවට හිතට අරගෙන කඩ කාරයයින්ව පෝසත් කරන්න ඕනෙ නෑ කියන එක.කඩ කාරයො මදෑයි, FM කාරයොත් ඉන්නවනෙ දැන්.ප්ලේන් එකෙන් කොහෙදෝ මන්දා දූපතකට ගෙනියනවාලු.එතනදි ජීවිතේට අමතක වෙන්නෙ නැති අත්දැකීම් ගන්න පුලුවන්ලු,හොද කෑමක් දෙනවාලු.මරු සුරන්ගනා කතා ගොඩයි.අනේ අර සාන්ත වැලන්ටයින් තුමා හිටියානම් මොකක් කරගනියිද දන්නෙ නෑ....:D
අපි ඉස්කෝලෙ යන කාලෙ නම් වැඩිය විච්චූරන කලා කියලා මතකයක් නෑ ඔය වැලන්ටයින් එකට.ඒත් ඉති චෙක් කිරිල්ලනම් තිබුනා.බෑග් ඇදලා චොක්ලට්,කාඩ් එකක් හොයා ගන්න ප්‍රිෆෙක්ට අක්කලා මාරම ආසයි.ඊට පස්සෙ ඉති ඒවා එයාලගෙ සාක්කුවෙ තමා.: කොහොම හරි ඉස්කෝලෙ ඇතුලට ගෙනාවොත් කස්ටිය පුලු පුලුවන් තැන් වල හංගලා තියනවා පස්සෙ එකතු වෙලා කන්න.ඔය මොන දේ කලත් වැඩිය දුර දිග ඒවා නම් මට මතක විදිහට අහු වෙලා නෑ කවදාවත්.ඒත් ඒකට දැන් පබ්ලිසිටය වැඩි නිසා පොඩි එවුන් පවා දන්නවා 14 වෙනිදා කියන්නෙ රතු පාට හාට්, මල් පුරවගෙන කරන විකාරයක් කියලා හිතනවා ඇති.ඔය වැඩේ නිසා පුන්චි හිත් දූෂණය වෙලාද මන්දා කියලත් හිතෙනවා.....හ්ම්......
මං මේ අද කියන්න යන කතාව ඇහුවෙ මං බෙහෙත් ගන්න යන තැන දොස්තර මහත්තයෙක්ගෙන්.දිනය හරියට 14 වෙනිදා.කලින්ම ප්ලේස් එකට ගිය නිසා තාත්තයි මායි විතරයි ඇවිත් හිටියෙ.මේ දොස්තරගෙ පොඩිම දුව යන්නෙ කොළඹ තියෙන සාමාන්‍යයෙන් ප්‍රසිද්ද බාලිකා පාසලකට.එදා දවසෙ ඒ විදුහල්පතිනිය හොදට හිතලා බලලා වෑඩක් කරලා තිබුනා.ඉස්කෝලෙ පටන්ගෙන නමුත් මාක් කලාට පස්සෙ විදිහල්පතිනිය රෙජිස්ටර් ඔක්කොම ටික කාර්යාලයට ගෙන්නගෙන..
මොකට කියලාද හිතන්නෙ.හරියට හරි.....ආපු නැති අයගෙ නම් ටික චෙක් කරන්න.චෙක් කරලා තියෙන්නෙත් 10 වසරෙන් උඩ පන්ති වල තමා.හොදම වයසනෙ නේද??... ඒ වැඩේ ඉවර වෙලා විදුහල්පතිතුමිය ආපු නැති ලමයින්ගෙ ගෙවල් වලට කෝල් කරලා අහලා ලමයා ඉස්කෝලෙ ආවෙ නැත්තෙ මොකෝ කියලා.එහෙම කරගෙන යද්දි එක ලමයෙක් ගෙදරින් පිටත් වෙලා තියෙන්නෙ ඉස්කෝලෙ යනවා කියලා.ඔන්න අහු වුනා හොරේ.....
විදුහල්පතිතුමියත් පැලෑනක් ක්‍රියාත්මක කරලා.කෙල්ලගෙ හොදම යාලුවා ලවා කෝල් එකක් දීලා.බැලින්නම් කෙල්ලගෙ ෆෝන් එක ඕෆ්.ඒ පාර කෙල්ලගෙ කොල්ලට අරගෙන.ශේප් එකේ කතා කරලා.බැලින්නම් දෙන්නත් එක්ක හොටෙල් රූම් එකකලු.විදුහල්පතිතුමිය පොලීසියෙ ඇන්ට්‍රියකුත් දාලා පොලීසියත් එක්කම ගිහින් ගෑණු ලමයව පොලීසියට ගෙනල්ලා, ගෑණු ලමයගෙ අම්මට කතා කරලා ගිහින් ලමයව එක්කගෙන ගෙදර යන්ඩ කියලා.
අනේ ඒ අම්මට මොනවා හිතෙන්න ඇතිද නේද??බැලින්නම් ඒ ගෑණු ලමයගෙ අක්කත් පැනලා ගිහිල්ලා.ඒ හිතේ අමාරුවට අම්මට පොඩි මානසික ආබාධයකටත් ලක් වෙලා ඉදලා තියෙන්නෙ.මදෑ කොරේ පිටට මරේ කියලා මේකත් දැනගත්තාම.:((( මොනවා හිතෙන්න ඇත්ද නේද?? දැන් විදුහල්පතිතුමිය ගන්න හදන ක්‍රියාමාර්ගෙ තමා මේ ලමයව අයින් කරලා දාන එක ඉස්කෝලෙන්.ඒත් මට මේ කතාව කියපු දොස්තර මහත්තයා ඇතුලු දෙමව්පියෝ ටිකක් කියලා තියෙනවා එහෙම කරන්න එපා කියලා.මොකද මේ වගේ හේතුවකට ලමයෙක් අයින් කලාම වෙන ඉස්කෝලෙකට ගන්න තියෙන චාන්ස් එක අඩු නිසා.
ඒත් විදුහල්පතිතුමිය කියන කතාවත් ඇත්ත.එයා කියන්නෙ එක ලමයෙක් ඔහොම දෙයක් කරලා එයාව තියාගත්තොත් අනික් ලමයි දාස් ගානකට ඒකෙන් ලැබෙන ආදර්ශය මොකක්ද කියන එක.ඒකත් සෑහෙන ඇත්ත කතාවක්.ඉති දැන් විදුහල්පතිතුමියයි දෙමව්පියොයි එකතු වෙලා ටිකක් ගමකට වගේ වෙන්න පාසලක් හොයා දෙන්නයි යන්නෙ.
ඔන්න ඔහොමයි වැලන්ටයින්.......

Thursday, February 2, 2012
නිසුපා බිසී අප්පා.......
සති තුනකින් විතර පෝස්ට් එකක් දැම්මෙ නෑ.මාලුවයි, කසුන් මල්ලියි අහලත් තිබුනා කෝ පෝස්ට් කියලා.අද සෑමයි,අපේ සෙට් එකේ මලයෙකුයි පුරස්න කලා කෝ පෝස්ට් කියලා.මොන පෝස්ට් ද අප්පා.කලින් පෝස්ට් එකේ කමෙන්ට් ටිකට උත්තර දුන්නෙත් නෑ නොවැ. :((((( සොරි වෙන්ට ඕනෙ.මේ දවස් වල හොදටම බිසී.බිල්ඩිම ඉවර වේගනයි යන්නේ.ඉතිං මට වැඩ ගොඩයි.බිල්ඩිමේ හැම තැනම ඇවිද ඇවිද වැරදි අඩුපාඩු හොයන්න ඕනෙ.ඒවා ලිස්ට් හදලා වැඩ කරන සෙට් එකටම යවන්න ඕනෙ.පොතක් පිරෙන්න අඩුපාඩු ලිව්වා වගේ නෙවේ ඒවා ටයිප් කරන්නත් එපැයි.එකම අදහස වාක්‍ය දෙකකින් දෙන්නත් බෑ නෙ.හයියෝ......
මේ පෝස්ට් එකටත් දැන් දවස් ගානක් වයසයි.මොන දවස්ද හරියට කීවොත් සති ගා...නක් වයසයි... :))මොනවා වුනත් රාජකාරී වෙලාවෙදි රාජකාරිය කරන්න එපැයි.ඒත් ටික ටික ටයිප් කරලා මේ ටික ලියා ගත්තා.ගෙදර ගිහිනුත් ටයිප් කරලා ඉවරයක් කරගන්න බැලුවා.ඒත් දවස් ගානක් ගියානෙ.මේක අද (මේ අද කියන එක ටයිප් කරලත් සති ගානක්....හිකිස්.....) නම් කොහොම හරි පබිලිස් කරන්න ඕනෙ ෆොටෝ කෑලි දෙක තුනකුත් අමුනලා.ෆොටෝ කීවට වැඩියත් නෑ.වැඩ කරන තැනම ෆොටෝ ටිකක්.
මේ සයිට් එක ප්‍රයිවෙට් කැම්පස් එකක් නේ.අම්මෝ.... මේ දවස් වල කියන්නත් බය හිතෙන වචනයක් ඒක.ජනවාරි 15 වෙනිදා භාගෙට වැඩ ඉවර කරපු සයිට් එක විවෘත කලා.එදා පොංගල් දවසනෙ.පස්සෙ තමා මටත් හිතුනෙ විවෘත කිරීමක් කෙසේ වෙතත් තියන්න ඇත්තෙ පොංගල් උත්සවේ කියලා.මොකද මේ සයිට් එක හදන්න බර පැන දරන්න දෙමළ, නෑදෑ කම මස්සිනාලා වුන දෙන්නෙක්.හැබැයි සල්ලි ගලන්නෙ ඩුබායි පැත්තෙන්.සල්ලිවල අගයක් නෑ වගේමේ අයටනම්.මේ බිත්තියක් බදිනවා ඔන්න හෙට දිහෑ කඩලා දානවා.අනේ අපොයි...... ඔය වගේ වැඩ ගොඩයි.ඒ නාස්ති කරපු සල්ලි වලින් කාට හරි හොද ගෙයක් හදන්න තිබුනා.මොනවා කරන්නද......
14 වෙනිදා රෑ ලොකු පූජාවක්.මොන දේ පටන්ගන්නත් කලින් මෙහේ පූජානම් තියනවා.ඉතිං පූසාරි කෙනෙකුත් ගෙන්නලා ලොකුවට ගිනි මැල එහෙම ගහලා ගජ රාමෙට වැඩේ ගිහින් තියෙනවා.අනේ ඕවා බලන්න අපි පින් කරලා නැතුවා.රෑට ඇවිත් යන්න විදිහක් තියෙන්නත් එපැයි.පූජාව කෙරීගෙන යන අතරතුරේ හෙන මහත කිරි එළදෙනක් ගෙනත් බිල්ඩිම ඇතුලට.ඌව දැන් කොරිඩෝ දිගේ එක්කන් යනවාලු.(හින්දු අයගෙ චාරිත්‍රයක්ලු.මං වැඩිය මේ දේවල් දන්නෙ නෑ.දන්න ඉන්නවානම් කියලාම යන්න).
ටික වෙලාවකින් මූ කඹෙත් ඇදගෙන දුවනවාලු කොරිඩෝ එක දිගේ මහ හයියෙන් කෑ ගහගෙන.මේ කැම්පස් එකේ ටොයිලට් හා පිවිසුම් ලොබිය ඇරුනාම අනික් හැම තැනම පොලව ටෙරාසෝ කරලා හොදට පොලිශ් කරලා තියෙන්නෙ.විවෘත කිරීම නිසා පලවෙනි තට්ටුව මූන පේන තරම් දිලිසෙන්න පොලිශ් කරලා.ඉතිං මේ දුවගෙන ගිය එළදෙන හතර පය හතර කොනේ දාගෙන බිම වැටිලා ,දුවපු වේගෙට ලිස්සලා.අනේ බැලින්නම් මූ දුවලා තියෙන්නෙ මුගෙ පැටියා එලියෙ ඉදලා කෑ ගහන සද්දෙ ඇහිලා.පැටියව එලියෙනෙ තියලා තියෙන්නෙ.පස්සෙ වැඩේ හරි යන්නෙම නැති තැන පැටියත් ඇතුලෙම ගැට ගහලා.
ඊළඟට මහ අමුතු වැඩක් තමා කරලා තියෙන්නෙ.පිදුරු වලින් පඹයෙක් හදලා.නියම මිනිහෙක් වගේ පේන්නම හදලා තිබුනා.අත් දෙක,කකුල් දෙක, ඔලුව එහෙමත් හදලා.(මං අපේ සර්ගෙ ෆෝන් එකේ තිබුන පින්තූර දැක්කා.)ඔන්න ඊට පස්සෙ පඹයගෙ බෙල්ලට දැම්මලු තොන්ඩුවක්,තිබ්බට ඔලුවට ගිනි.ඊට පස්සෙ අර කඹෙන් ඇදගෙන මුලු බිල්ඩිම පුරාම ඇදගෙන ගියාලු.හේතුව මක්කදැයි මට හිතා ගන්නවත් බැරි වුනා.ඇස්වහ කටවහ සීන් එකක් වෙන්න ඇති කියලා තමා සර් කීවෙ.
පහුවදා කිරි උතුරුවලා එහෙම කිරි බත් දෙනවා කිව්වා.මාත් අනේ උදේටවත් කන්නෙ නැතුව (පෙරේත කමට) ගියා කිරි බත් කන්න බලාගෙන.සාමාන්‍යයෙන් කිරි උතුරුවන්නෙ උදේටනෙ.මං උදෙන්ම ගියා.අනේ මොන.... සයිට් එකම පාලුයි.වැඩ කරන අය දෙතුන් දෙනෙකුයි, ප්‍රොජෙක්ට් මැනේජරුයි හිටියා.ටික වෙලාවකින් අපේ සර්ලා ටිකත් ආවා.එයාලට කියලා තිබුනෙ 8.30ට වැඩේ පටන් ගන්නවා කියලා.ඒත් පටන් ගන්න ලකුනක්වත් නෑ.කොටින්ම සයිට් එකේ අයිතිකාරයො ටිකවත් ඇවිත් නෑ.බඩේ පනුවො බොක්සින් ගහනවා.මොනවා කරන්නද ටික වෙලාවක් ඉදලා මාලු පාන් එකක් ගෙන්න ගෙන කෑවා.
සර්ලා ටිකටත් දැන් ඇති වෙලා.වෙන වැඩත් තියාගෙන මේකට ආවාම 10 විතර වෙනකල් මුකුත්ම කලේ නැතිකොට.බැලින්නම් ඉතිං ඒ කට්ටියගෙ ගෙවල් වල චාරිත්‍ර ටිකත් කරලා එපැයි එන්න.බලන්නකො ඉතිං අපිට ඕක හාංකවිසියක්වත් මතක් වුනේ නෑ නෙ.බොස්ලා ටික ආවා වාහන පෙලකින්.පස්සෙ ආවා හොද ලස්සනට දිලිසෙන කලු පාට කාර් එකක්. ඒකෙ ආවෙ ලොකුම ලොක්කා.ඒත් එක්කම සරස්වතී දේවියගෙයි,ලක්ෂ්මී දේවියගෙයි,ගණ දෙවියොගෙයි ලස්සන පින්තූර ටිකක්,ඉටි රූප වගේ කෙල්ලො ටිකක් අතේ බිල්ඩින් එක ඇතුලට ආවා.ඒ පින්තූර ටික ඊට පස්සෙ කෙලින්ම ගිහින් ඇල්ලුවා එළදෙනගෙ මූන ඉස්සරහින්.ඌ ඒක දිහා බලනකල් ඒක අල්ලගෙන හිටියා. ඌත් රත්තරං පාටට දිලිසුන පින්තූර දිහා හොදට බලල අහක බලා ගත්තා.

| මේ තියෙන්නෙ ඇදලා තිබුන කෝලම් රටාවක්.ලස්සනයි නේද??? |
| ඇතුල් වීමේ තැන තුබුන සැරසිල්ල |
| ඔය පිටසක්වල අය කුඹුරකට ගොඩ බැහැලා වගේ පේන්නෙ මේ කැම්පස් එකේ රෝස මල් වගාව.ෆොටෝව ගහන කොට මල් නැති වුනාට දැන් මල් යායයි. |
පහුවදා කිරි උතුරුවලා එහෙම කිරි බත් දෙනවා කිව්වා.මාත් අනේ උදේටවත් කන්නෙ නැතුව (පෙරේත කමට) ගියා කිරි බත් කන්න බලාගෙන.සාමාන්‍යයෙන් කිරි උතුරුවන්නෙ උදේටනෙ.මං උදෙන්ම ගියා.අනේ මොන.... සයිට් එකම පාලුයි.වැඩ කරන අය දෙතුන් දෙනෙකුයි, ප්‍රොජෙක්ට් මැනේජරුයි හිටියා.ටික වෙලාවකින් අපේ සර්ලා ටිකත් ආවා.එයාලට කියලා තිබුනෙ 8.30ට වැඩේ පටන් ගන්නවා කියලා.ඒත් පටන් ගන්න ලකුනක්වත් නෑ.කොටින්ම සයිට් එකේ අයිතිකාරයො ටිකවත් ඇවිත් නෑ.බඩේ පනුවො බොක්සින් ගහනවා.මොනවා කරන්නද ටික වෙලාවක් ඉදලා මාලු පාන් එකක් ගෙන්න ගෙන කෑවා.
සර්ලා ටිකටත් දැන් ඇති වෙලා.වෙන වැඩත් තියාගෙන මේකට ආවාම 10 විතර වෙනකල් මුකුත්ම කලේ නැතිකොට.බැලින්නම් ඉතිං ඒ කට්ටියගෙ ගෙවල් වල චාරිත්‍ර ටිකත් කරලා එපැයි එන්න.බලන්නකො ඉතිං අපිට ඕක හාංකවිසියක්වත් මතක් වුනේ නෑ නෙ.බොස්ලා ටික ආවා වාහන පෙලකින්.පස්සෙ ආවා හොද ලස්සනට දිලිසෙන කලු පාට කාර් එකක්. ඒකෙ ආවෙ ලොකුම ලොක්කා.ඒත් එක්කම සරස්වතී දේවියගෙයි,ලක්ෂ්මී දේවියගෙයි,ගණ දෙවියොගෙයි ලස්සන පින්තූර ටිකක්,ඉටි රූප වගේ කෙල්ලො ටිකක් අතේ බිල්ඩින් එක ඇතුලට ආවා.ඒ පින්තූර ටික ඊට පස්සෙ කෙලින්ම ගිහින් ඇල්ලුවා එළදෙනගෙ මූන ඉස්සරහින්.ඌ ඒක දිහා බලනකල් ඒක අල්ලගෙන හිටියා. ඌත් රත්තරං පාටට දිලිසුන පින්තූර දිහා හොදට බලල අහක බලා ගත්තා.
| මේ ඉන්නෙ පින්තූර උස්සගෙන ආව කස්ටිය සහ පූජාව කෙරෙන් විදිහ |
| කිරි උතුරවන්නයි ලෑස්ති වෙන්නෙ. |
ඉතිං වුනේ මොකක්ද....??? කිරි ටික රත් වේගෙන එනකොට කිරි මදි වෙලා උතුරන්නෙ නැති වෙයි කියලා හිතපු ලොකු මහත්තැන්ලා ටික කඩේ තියෙන අර ලොකු කිරි පැකට් ගෙනල්ලා දාපු එක.ඒ මදිවට ඒවා ඩිෆ්‍රිසර් එකක දාලාද කොහෙද අයිස් කැට වෙලා.හලේ.....තවත් වෙලා ගියා උතුරන්න ඉතිං.උතුරපු ගමන් උස්සගෙන ගියා මුට්ටිය.මං ඉතිං හිතුවෙ අපේ කට්ටිය කිරි උතුරවපු ගමන් ගේ වටේ ඉහිනවානෙ.ඒක කොරන්ට තමා යන්නෙ කියලා.අනේ බැලින්නම් කිරිබත් උයන්නෙ ඒකෙන්ලු නෙ.අනේ මදෑ කිරිබත් කන්න හිටියා....:(((
දවාලටත් කන්න දෙන්නෙ පොංගල් බත්ලු.මං ඒක කන්ටත් මනාපයක් නෑ නොවැ.බිස්කට් ටිකකුයි,කිරි තේ කෝප්පෙකෙනුයි,රස කරපු එළකිරි කෝප්පෙකෙනුයි මගෙ බඩ සන්තර්පනය කොරගෙන බාගෙට හාමතේ ගෙදර ගියා...:((( පහුවදා එනකොට පොංගල් බත් මහ ගොඩක් මුට්ටියෙම නරක් වෙලා තිබුනා.
ඔන්න ඔහොමයි විවෘත කිරීම සිද්ද වුනේ.......
මේ දැන් ලැබුන ආරංචියේ විදිහට මාර්තු 10 තවත් විවෘත කිරීමක්....... :D
Saturday, January 7, 2012
බිත්තර තියෙන්නෙ කන්න විතරද???-බිත්තර කතා1
මුලින්ම බිත්තර යනු මොනවාද??සමහරු හොදට මේවා ගැන දන්නවා ඇති.සමහරුනම් වැඩිය දන්නෙත් නැතුව ඇති.මමත් ඔය කිව්වට වැඩිය ඕක ගැන දන්නෙ නම් නෑ.හැබැයි ඉතිං මොනවා වුනත් ඩිම්බයක් කියන්න දන්නවා ඕං.රස කර කර කන්නෙ ඩිම්බය නොවැ. :D.හුගක් අය බිත්තර කන්නෙත් නැත්තෙ ඒ කන බිත්තරේ රැක්කෙවුවොත් පැටියෙක් හම්බ වෙනවා,ඒ නිසා කනවා කියන්නෙ ප්‍රාණයක් නැති වෙනවානෙ කියලා හිතලානෙ..ඒත් මේ කඩවල් වල විකුනන කිකිළි බිත්තර වලින් මොන පැටවුද?කිකිලියෝ ඉන්නෙ තනියමනෙ.කුකුලෙක් පෙන්නවත් නෑ.ඉතිං සංසේචනය නොවුන ඩිම්බෙකින් කොහෙද පැටියෙක්.
Wednesday, January 4, 2012
2012ත් ආවලු නේද???
අප්පේ.....ඔන්න 2011ත් ගෙවිලා ඉවරලු.මාර ගෙවිල්ලක්නෙ ගෙවිලා තියෙන්නෙ.කාටවත් එහෙම දැනුනද මාස දොලහක් ගියා කියලා.බොරු කියන්නෙ මොකටද මටනම් දැනුනෙ නෑ.මං දන්නවා ගොඩක් අයට එහෙම තමා කියලා.මට නම් මේ අවුරුද්ද සතුටෙන් පටන් අරන් සතුටෙන් ඉවර වුනා.හැබැයි මැදනම් සැප දුක සමබර වේ වගේ තමා.ගොඩක් දේවල් වුනා.2012ත් ලැබුවා.දැන් ඉතිං ඉවසිල්ලක් නැතුව බලා ඉමු දෙසැම්බර් වෙනකල්.ඇයි අප්පා ලෝකෙ විනාස වෙනවලු නේ.
Thursday, December 29, 2011
සදමාලි සහ පිදිය යුත්තන් පිදීම
අලේ මට මාරම කම්මැලි කමක් ආවා නෙව බ්ලොගේ ලියන්න පහුගිය දවස් ටිකේ.අනේ මන්දා හේතුව කිමද කියලා.මේ අද දාන පෝස්ට් එකත් ලියන්න අරන් දැන් හුගක් කල්.ඒත් කවදාවත් ඉවර කරගන්න වුනේ නෑ.හසිත මල්ලිනම් අහලත් තිබුනා මට කතා ඇලජික් වෙලාද කියලා.ඒ වගේ දෙයක්ද මන්දා වෙලා තිබුනේ.
Tuesday, December 13, 2011
෴ඇලජික්෴
ඉස්කෝලෙ නිවාඩුත් හමබ වුනා නොවැ ගිය සිකුරාදා.මං නම් ඉස්කෝලෙ යන්නෙ නෑ.ඒත් අපේ අම්මා තාම ඉස්කෝලෙ යනවානෙ.ඉගෙන ගන්න එහෙම නෙවෙයි හරිද.... උගන්නන්න.අම්මාගෙ විෂය තමයි විද්‍යාව.ඉතිං ඉස්කෝලෙ ලමයින්ගෙ දොස්තර වගේ ඉන්නෙ අම්මා තමයි.යන්තම් ඔලුව රිදිල්ලක් ආවත් අම්මගෙන් තමා අහන්නෙ.විද්‍යාව කීවාම ඔක්කොම දන්නවා කියලා හිතේ.අම්මත් ඉතිං පුලු පුලුවන් විදිහට උපදෙස් දෙනවාලු.
Monday, December 5, 2011
මාරු සල්ලි හදමු...... (මාස්මෙලෝ)
මගේ මාරු සල්ලි පෝස්ට් එක කියවපු කස්ටිය ඉල්ලුවා නේ මාස්මෙලෝ හදන රෙසිපිය එහෙම.ඉතිං තවත් ප්‍රමාද කරන්නෙ එහෙම නැතුව මේ කියන්න හදන්නෙ ඒවා හදන විදිහ.හදලා බලලා හොදට ආවද කියන්නකෝ.
Tuesday, November 29, 2011
50 ද,1000 ද????
ඊයෙ හවස මං හංවැල්ලෙන් බහිනකොට වෙලාව 6.30ට වගේ ඇති.වෙනදට සඳුදාට හංවැල්ලෙ පොළ නිසා හංවැල්ලෙන් හොද ට්‍රැෆික් එකක් සෙට් වෙනවා.වෙනදා ට්‍රැෆික් සෙට් වෙන තැන් වලවත් ලොකුවට ට්‍රැෆික් සෙට් වුනේ නැති නිසා හරි හැපි එකේ හිටියේ කලින්ම එන්න පුලුවන් වුනා කියලා.මොනවා වුනත් බස් එකේ ඩ්‍රයිවර්නම් අපිට නම් දෙයියෙක් වගේ.මොන ට්‍රැෆික් වුනත් එහෙන් මෙහෙන් දාලා යනවා පාර එයාගෙ වගේ.ඇඟේ ලේ වතුර වෙනවා යන විදිහට.(ආහ්...කියන්න බැරි වුනානෙ හවසට මං ගෙදර යන්නෙ ලෝ ලෙවල් එකේ.හයි ලෙවල් එකේ යන්න ගියොත් මඟටම කාලෙ ඉවරනෙ.)
Subscribe to:
Posts (Atom)