හෝව්ව්ව්ව්ව්ව්ව්.........................මේ කියන්න යන්නෙ පහුගිය දවස්වල ප්‍රසිද්ද අර ඇමති පුත්තරයගෙ කතාව එහෙම නෙවෙයි.ඕවා කතා කරන්න තරම්වත් හිතෙන්නෙ නෑ.අනේ මන්දා රටට මොනවා වෙයිද කියලා..හ්ම්....
මේ මගෙ හොරු කතාවෙ ඉතුරු ටික. රවී අයියා මාව බය කරන්න හැදුවට පොලීසිය ගැන මේකෙ වැඩි කතාවක් නැහැ ඔන්න. :D
පොලීසිය කුඩෙත් උඩ දදා යන්න ගියා.අප්පේ දැන් ඉතිං අස් කරපල්ලකො.:((( අම්මගෙ ඇද උඩ තිබුන රෙදි ටිකක් එහාට මෙහාට කලාම තමා මට හම්බ වුනේ කාමරවලට එන්ටර් වෙන්න,අම්මගෙ අල්මාරියෙ ලොක් එක කඩන්න හොරා පාවිච්චි කල භාණ්ඩෙ .අපේම ගෙදර අලවංගුවයි,පිහියයි.ඒ දෙකම තිබුනෙ කුස්සියෙ.ඒ කියන්නෙ මේක මුලින්ම ගිහින් තියෙන්නෙ කුස්සියට.එතනින් බඩු අරගෙන තමා කාමර වලට වැඩේ දීලා තියෙන්නෙ.
ඊළඟට බැලුවාම නංගිගෙ කාමරේ තිබුන රෙද්දක් මගෙ කාමරේ දොර ගාව.මගෙ කාමරේ තිබුන රෙද්දක් අම්මගෙ කාමරේ දොර ගාව.දොර අල්ලලා තියෙන්නෙ රෙදි වලින්.මිනිහා හිතුව තරම් මෝඩ නෑ වගේ.හැබැයි අම්මා ආපු එකෙන් මිනිහට ගෙදර හැමතැනම අදින්න වෙලා නෑ.අම්මෝ වෙලාවට.නැත්නම් තව වැඩ වැඩියිනෙ..
සති අන්තෙ පොලොසක් කඩන්න කියලා වත්ත අයිනට ගිය තාත්තට ගහ යට තිබිලා හම්බ වුනේ නංගිගෙ සායක්.ටික වෙලාවක් ගියා සාය කොස් ගහ යටට ගියේ කොහොමද කියලා හිතාගන්න.බැලින්නම් කොච්චර හදිසියේ ගියත් මිනිහා පිටිපස්සෙ දොර ඇරලත් තියෙන්නෙ රෙද්දක් පාවිච්චි කරලා.හදිසියට
සායත් අරගෙනම දුවලා.සාය තිබුන තැන අනුව තව දෙයක් හිතන්න පුලුවන්.මොකක්ද??????????? හොරා දුවලා තියෙන්නෙ ඒ පැත්තට.අපි රහස්
පරීක්ෂක වැඩ කරලා වැඩක් යෑ ඒ වුනාට.
රෑ වෙලා අපිට තව නිවුස් එකක් එනවා අපේ බාප්පාගෙන්.මං කලින් කිව්වනෙ අම්මා වටේ ගෙවල් ටිකටම හොරු පැන්න
නිවුස් එක දීලා කියලා.ඒ වෙලේ බාප්පගෙ ගෙදර වැඩ කරන්න ඉන්න ධර්මදාස්ව එහේ සීයා එවලා.හැබැයි කියලා තියෙන්නෙ නිකම්ම "ලොකු මහත්තයාලගෙ ගෙදර පොඩි කරදරයක් ටක් ගාලා ගිහින් එන්න" කියලා.කරදරේ මොකක්ද කියලා දන්නෙ නැති වුනාට වැඩ කර කර හිටපු දිග කැත්තත් කරේ තියාගෙනම තමා මිනිහා ඇවිත් තියෙන්නෙ,අනික් බාප්පගෙ වැඩකාරයත් එක්ක.
මේ දෙන්න අපේ ගේ ගාවට කිට්ටු වෙනකොට අනික් පැත්තෙ ඉදලා කොල්ලෙක් එනවලු කොල පාට ටී ෂර්ට් එකකුත් ඇදගෙන.අනික් පැත්තෙ තියෙන්නෙ වත්තක් විතරයි.අපේ ගේ තමා ඒ පෞද්ගලික පාරෙ තියෙන අන්තිම ගේ.ඉතිං ධර්මදාස්ට ටිකක් සැක හිතිලා. "කොහෙද තමුශෙ යන්නෙ?" කියලා කෑ ගහලා. කරේ තියාගෙන හිටපු කැත්ත දැක්ක ගමන් අර මනුස්සයා අනික් අතට හැරිලා ආපහු අනික් වත්තට දුවලා.
අපේ ගෙදරට ආපු ධර්මදාස්ට මේ ගැන නිකමටවත් කියන්න මතක් වෙලා නැති හැටි.චික් විතරක් එහෙම වුනානම් රඹුටන් විතරක් දීලා යවන්නෙ නෑ නෙ.තව හොදට සලකන්න තිබුනා. :(((
හොරු ගෙදරට එයි කියලා බය නම් අනුගමනය කරන්න දේවල් ටිකක්
1) හොඳට සල්ලි බාගෙ තියෙනවානම් සිකුරිටි සිස්ටම් එකක් යොදා ගන්න.නයිට් විෂන් කැමරා එහෙම තියෙනවානම් තවත් හොදයි නෙ.මිලනම් පොඩ්ඩක් විතර වැඩියි තමයි.ඒත් ඉතිං ගොඩක් පෝසත්නම් ඕව මොනවද නේද?කොහේ හිටියත් ගෙදර තොරතුරු ජාලෙට කනෙක්ට් වෙලා බලන්න පුලුවන් සිස්ටම් දැන් තියෙනවානෙ.
2) රත්තරන් බඩු ගෙදර තියාගන්න එපා.දැන් එන්න එන්නම රත්තරන් ගනන් යන නිසා හොරු එන්නෙම ඒවා ගෙනියන්න.බැංකුව හරි දාලා තියන්න.(ඒ කීවෙ උකස් කරලා. :)) ) නැත්නම් හොදට හංගන්න පුලුවන් තැනක් හොයා ගන්න.ටයිල් කරපු බිම කුටීරයක් හදලා තියන සිස්ටම් එකනම් දැන් හොරු දන්නවලු.මං දන්න අක්කා කෙනෙක්ගෙ නැන්දා කෙනෙක් පොළවෙ වලක් හාරලා,හොදට සීල් කරපු බෑග් එකක බඩු ටික දාලා වලලලා,ඊට උඩින් ගහකුත් ඉන්දනවාලු.තැන දන්නෙ හැබැයි නැන්දා විතරලු.
3) ගේ ඇතුලෙ දොරවල්,අල්මාරි එහෙම වහලා දාලා යන්න එපා.අපේ ගෙදර උළුවහු වලට කෙල වුනේ වහලා ගියපු නිසා තමා.අපේ ගෙදරින්ම අරගත්ත අලවංගුවෙන් උළුවස්ස කඩලා,ලොක් එකත් කඩලා තමා කාමර ඇතුලට ගිහින් තියෙන්නෙ.අම්මගෙ ලෝහ අල්මාරියත් යතුර දාලා වහලා තිබුනෙ.ඒකත් ඉවරයි ඉතිං.අයෙ හදන්නත් බෑ ඒකනම්.වෙලාවට මගෙ අල්මාරියෙ යතුර යතුරු කටේම තිබුනා.ඒකෙන් ඒ අල්මාරිය බේරුනා.අපි දොරවල් වහලා යන්නෙ ආරක්ෂාවට වුනාට හොරාට ඕවගෙ වගක් නෑ නෙ.මොකෝ උගෙ බඩුයෑ.ඉතිං කඩලා බිදලා හරි ඇතුල් වෙන්න බලන්න.අන්තිමට වෙන්නෙ ගෙදර බඩු නැති වෙන එකට අමතරව අල්මාරි,දොරවලුත් හදන්න වෙන එක.පාඩුව කාටද???
4) පුලුවන්
නම් වැඩිය වටින්නෙ නැති ෆෝන් එකක් අර එමි නොම්මරේද මොකක්ද එක ලියාගෙන ගෙදර තියලා යන්න.ඒක
අරගෙන ගියොත් හොයා ගන්න ලේසියිලු.පොලීසිය තමා එහෙම කිව්වෙ.ඒත් ඒකත් එච්චර හරියන වැඩක්
නෙවෙ.අරන්ගියාට පස්සෙත් හොරාව වෙන කෙනෙක් බය කලොත් ඒකා ආයෙ ෆෝන් එක ගෙනත් දාන්න ඉඩ
තියෙනවා. :D අපේ බාප්පලගෙ ගෙදරට හොරු පැනපු වෙලේ ෆෝන් එකක් අරගෙන ගිහින්.දවස් දෙක තුනක්
යනකොට ෆෝන් එක තියනවලු ගෙදර පෝච් එකේ නවත්තලා තිබුන, බයිසිකලේ කූඩෙ ඇතුලට දාලා ගිහින්.කොහොමද
හොරාගෙ වැඩ. ආයෙ බය නැතුව හොරකම් කල තැනටම ඇවිත් හොරකම් කරපු බඩුවක් දාලා යන්න තරම්.
O_o
හොරු ඇවිත්
කියලා පොඩි හරි සැකයක් තියෙනවානම් ගෙට තනියම යන්න එපා.වටේ පිටේ ඉන්න පිරිමි දෙතුන්
දෙනෙක්වත් එක්කගෙන යන්න. අපේ අම්මා බය නැතුව ඇතුලට ගියා වුනාට මට නම් ඒක හරිම අනතුරුදායක
වැඩක් විදියට තමා තේරුනේ.බැරි වෙලාවත් අම්මා හොරාව දැක්කානම් හොරා අනිවා අම්මාව ඉවරයක්
කරලා තමා යන්නෙ.
හොරකම අපේ
සර් කෙනෙක්ට කිව්වාම සර් කියපු කතාවකුත් මෙතනට ඔබන්නම්කො. උදේ කාලයක්.ගෙදර ඉදලා තියෙන්නෙ
ගෑණු කෙනා විතරයි.මහත්තයා වැඩට ගිහින් වෙන්න ඇති.මෙයා ගේ පිටිපස්සෙන් එලියට බැහැලා
ඉදලත් අරගෙන ඇවිත් ගේ ඉස්සරහ අතු ගාන්න. අතු ගගා ඉන්න අතරෙ හොරු රින්ගලා ගෙට.මෙයා ඕක
නොදැන අතු ගාලා ඉවරවෙලා ගෙට ඇවිත්.මහත්තයා එනකොට නෝනව මරලා දාලා කුස්සියෙ.:(((
මරු උපදෙස් ටිකක් ...කාලෙකින්
ReplyDeleteහී හී…ස්තූතියි…කාලෙකින් නේන්නම්
Deleteසිරාවට... උපදෙස් ටිකනං රත්තරං ඈ :)
ReplyDeleteඒ උනාට හොද හොරුත් ඉන්නවා අප්පා
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි…
Deleteහොඳ හොරු කිව්වා…කොයි ලෝකෙද?? O_o
එසේම වේවා.
උපදෙස් ටිකනම් මරු... ඒත් ඉතින් මට වැදක් වෙන එකක් නෑ....
ReplyDeleteකවදාහරි වැදගත් වේවි.
Deleteමාත් මේ කල්පනා කලේ හොරු කතාවට මොනා උනාද කියලා....
ReplyDeleteදැන් ඉතිං අර කොල්ලව හොයන්න බැරි වෙයි දන්නෑ.. ඔය ළඟපාත එකෙක්ම වෙන්නැති....
එමි නම්බර් කිව්වට ඕවයින් ඒ තරම් වැඩක් නෑ බං අක්කේ.. පොෙලාසිය බොරුවට මොනවා හරි කියනවානේ..
අපේ මස්සිනා ඡන්දේ දවසේ රත්තනපුරේ ඉඳලා එද්දි ඇක්සිඩන්ට් වෙලා... උන්ව අල්ලගෙන කරලා ඉවර වෙලා බලනකොට කාර් එක ඇතුලේ තිබ්බ මිනිහගේ හොඳ ඇපල් ෆොන් එක අන්ත්‍රස්දාන වෙලා... එම් නොම්බර් ඔක්කොම තිබිලත් ලෝයර් කෙනෙක් වෙච්චි උන්දැටත් තාම ඕක හොයා ගන්න බැරි වෙච්ච එකේ ඉතිං අපි ගැන කවර කතාද....... අඬ අඬ ඉන්නවා අපරාදේ මට ෆොන් එක නැති උනත් කමක් නෑ පොඩි එකාගේ ෆොටෝ ටික හරි හම්බුවෙනවනම් කියලා....
ලියන්න කම්මැලි වෙනවානෙ.
Deleteඅක්කේ?????????????? මාව ඔච්චර වයසට පේනවද? මං හිතන්නෙ මං නංගි.
හපොයි ඒ කියන්නෙ ඔය මහ ලොකුවට කියෙව්වට ඒකෙන් වැඩාකුත් නෑ වගේ.ලෝයර් කෙනෙක්ට එහෙමනම් අපි වගේ අයට…
ඒ ගැන කතා කරලා වැඩක් නෑ... මට මේ දවස්වල පොලිසි කිව්වත් අපලයි...
Deleteඒක නෙවේ.. අක්කා නොවෙයිද... මල මඟුලයි... සොරි හොඳ්.... හැබෑට මට දැන් 30ත් කිට්ටු නොවැ.. හිටපු ගමන් අමතක වෙනවා අනේ දැං ඇන්ටිලා කියලා.. හි හි...
අම්මෝ ඔව්ව් අක්ක්කේ, අපෙත් අම්මිගේ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක්ව ඌම කුඩු කාරයෝ වගයක් මරලා දාලා තිබුනා දවල් වෙලාවක ඇවිත්. ඒ ආච්චිට වයස 80 ක විතර ඇති.
ReplyDeleteහ්ම්.... ඒකනෙ කුඩු බීපු එවුන්ගෙ මොලෙත් විකාර වෙලානෙ ඇත්තෙ.
Deleteමොනවා උනත් ජීවිත බේරිච්ච එක ලොකු දෙයක්.
ReplyDeleteඋඹලව එදා ප්‍රදර්ශනේ දවසෙ ආයෙත් හම්බවුණෙත් නෑ. අපි සෙනඟ වැඩි නිසා වැඩි වෙලා ඉන්නැතුව ගියා. ඊට පස්සෙ දවසෙ දෙන්නම හාෆ් ඩේ දාලා ආවා පොත් ගන්න.
ඒකනෙ බං බඩු වගේද ජීවිත.
Deleteඅපිත් 1 විතර වෙනකොට අරගෙන ඉවර කලා.ඒකනෙ දැක්කෙම නෑ ඊට පස්සෙ.මාත් ගියා ඉවර වුන දවසෙ ආපහු.ආයෙ පොත් 11ක් උස්සගෙන ආවා.:)))
අපේ නම් ඉතින් මොනවා කියලා ගෙනි යන්නද අෆ්ෆා..
ReplyDeleteහොරු දන්නවෑ ඒවා ගෙදරට ඇවිත් සර්ච් පාරක් දානකල්.
Deleteපරක්කුවෙලා හරි මේ ගැන ලියපු එක වටිනවා නගේ..
ReplyDeleteකොහොම වුනත් දැන් ගෙදර කට්ටිය යතා තත්වෙට පත්වෙලා ඇති කියලා හිතනවා..
දැන් වෙනදා තරම් ලියන්න හිතෙන්නෙ නෑ අක්කෙ.
Deleteඅප්පේ දවස දෙක තුනක් යනකොට යථා තත්වයට පත් වුනා.
හ්ම්ම්... උපදෙස් ටික නම් කිව්වත් වගේ මරු... ඒතකොට අපි වගේ සන්තකේට මෙලෝ වටින දෙයක් නැති අපෙත් මෙලෝ වටිනකමක් නැති අය මොකද කරන්ට ඕන??
ReplyDeleteඅපොයි එහෙම කියන්න එපා.ඕනෑම මනුස්සයෙක්ගෙ වටිනාකමක් තියෙනවා. කුඩු කාරයො වැලේ තියෙන රෙදිත් අරගෙන යනවා වෙන ගෙනියන්න දෙයක් නැති වුනාම.
Deleteඒක නෙමේ..
ReplyDeleteනැන්දා ඉන්දවපු ගහ මොකද්ද ? ඒකත් රඹුටන් ගහක් දෑ ?
අනේ දන්නෙ නෑ මලේ.මගෙ නැන්දා නෙවෙයි නෙ.:)
Deleteඇත්තටම ඔය හොරා රෙදි කඩේක වැඩ කල කෙනෙක් වෙන්න බැරිද?
ReplyDeleteඅනේ මන්දා බට්ටියෝ…..
Deleteමගෙ වටින දේකට තියෙන්නේ ලැප විතරයි ගෙදර... රත්තරන් මාල චේන් කවුරුත් නොදාන නිසා හොඳයි.හැබැයි ඉතින් මගෙ ලැප අරන් ගියොත් ආයෙත් ඌ ඇවිත් මගෙන් තව කීයක් හරි ඉල්ලන් යනවා ෂුවර් බැට්රියක් දාගන්න...
ReplyDeleteකැමරා අනන් මනන් හයි නොකර කෙලින්ම ඊතල ටිකක් වැදිලා ඇඟ පෙනේර වෙන්න හැදුවනම් හරි.එතකොට කිසි කරදරයක් නෑ... ඔය ෆිල්ම් වල තියෙන්නේ ගඩොලක් පාගපු ගමන් හතර වටින්ම ඊතල වදින සීන්...
මේ හොරාත් මගෙ පරණ ලැප එලියට ඇදලා එහෙම බලලා දාලා ගිහින් තිබුනා.මිනිහා එකේ අරගෙන ගියානම් ප්ලාස්ටික් වලට තමා විකුනන්න වෙන්නෙ.මගෙ එකෙත් බැටරිය සවුත්තු වෙලා.කරන්ට් එක නැත්නම් වැඩ කරන්න බෑ.
Deleteඅපොයි මරන්නද කියන්නෙ….????
අලුත් සින්ඩියකට ඔබේ බ්ලොගයත් එකතුකරන්න http://i-am-a-blog-reader.blogspot.com/
ReplyDeleteස්තූතියි තොරතුරට.
Deleteවැඩ කරන්නෙ නැති කැමරා ටිකක් පාරට පේන්න හයි කරල තියන්න අෆ්පා හොදටම ඇති !
ReplyDeleteහික්ස්…. එතකොට හොරු එන එකක් නැද්ද???
Deleteමට හිතෙන්නේ ඔය ආපු හොරා අනිත් අය ගැන හිතන බොහොම අනුකම්පා සහගත අහිංසක හොරෙක්.අර සාය දැක්කහම එයාට හිතෙන්න ඇති මේ ගෙදර ගෑණු ළමයි සායක්වත් හෝදන්නේ නෑ කියලා.එයා ඒක අරන් යන්න ඇත්තේ ආයෙත් හෝදලා ගෙනත් දෙන්න වෙන්නැති......
ReplyDeleteමොනව වුණත් මරු උපදෙස් ටික අනේ.Thankz akka!
හෙ හෙ…. ඔව් ඔව් හරිම හොද හොරෙක් වෙන්න ඇති නේද? අයියෝ දන්නවානම් කොහොම හරි හොයාගෙන එයා පාගලා ගිය රෙදි ටිකත් එයාටම දෙනවා හෝදලා ගෙනත් දෙන්න කියලා.
Deleteස්තූතියි මල්ලි…
නිසූගේ ලිපියක් කියවන්නේ බොහෝ දවසකින්.ඔයාගේ උපදෙස් ටික මං අකුරටම පිළිපදිනවා ඔන්න.ආසාවෙන් කියෙව්වා.ඔබට ජය සතුට.
ReplyDeletehttp://samakayawate.blogspot.com
ඔව් අප්පා හරි කම්මැලි වෙලා දැන්.හොදයි හොදයි.....ස්තූතියි.:))
Deleteඋපදෙස් වලට තුති! :)
ReplyDeleteකමෙන්ට් එකට තුති.....
Deleteහොරු ගැනනම් ඉතිං මොකුත් නොකිය ඉන්නම්.
ReplyDeleteහැබෑට අරතරම් පරිස්සටම වලදාල ගස් හිටවන්න රත්තරන් බඩු ගත්තෙ මොටද? රත්තරන් නොගෙනම හිටිය නම් ප්‍රශ්නෙ ඉවරයි නේ. (මම මේ නොදන්න කමට ඇහැව්වෙ :))
හා හා කියන්න එපා....
Deleteආයෝජනයක් විදිහට හොදයි මං හිතන්නෙ.අනික බදිනකොට කොහොමත් රත්තරන් එපැයි.
// අනික බදිනකොට කොහොමත් රත්තරන් එපැයි. //
Deleteඒ මොකටද අනේ. බඳින්නෙ රත්තරන්ද? මිනිස්සුන්ගෙ විකාර. බඳින්න හිතන් ඉන්න කොල්ලො කී දෙනක් අමාරුවෙ වැටෙනවද ඔය කසාදෙයි රත්තරනුයි එකට යෑමෙන්. ඊට වඩා හොඳ උත්තරයක් ආයෝජනය කරනවය කියන එක. වැඩේ තියෙන්නෙ ඉතිං ආයෝජනය කරල සන්තක කරගතිපු රත්තරන් ආරක්ෂා කරගන්න තව තවත් ආයෝජනය කරන්න වෙනඑක. :)
හික්ස්.... නෑ නෑ අනේ මටනම් රත්තරන් ඕනෙම නෑ.මාත් මේ කල්පනා කලේ රත්තරන් මාලයක් හැඩුවත් මං කවදාවත් ඕක දායිද කියලා. :D ඒත් සමහර වෙලාවට කොල්ලගෙ අම්මලාම තමයි හොද ලොකු මාල හදවන්නෙ නැත්නම් අපේ තත්වෙට හොද නෑ කියලා.පිස්සු වැඩ.
Deleteඒකනම් ඇත්ත තමා.ඒත් මං දන්න අක්කා කෙනෙක්ගෙ වෙඩිමට රත්තරන් බඩු ඔක්කොම හැදෙව්වෙ එයාගෙ නැන්දම්මා කාලෙකට කලින් අරගෙන තියාගෙන හිටපු රත්තරන් බිස්කට් වලින්. ඒ නිසා වියදම අඩු වුනා.
අර 2 වෙනි කාරණේට අදාළ නැන්දාගේ ඇඩ්රස් එක දෙන්ට බැරිද? මටත් ආසාවක් ආවා එහෙම කරන්නේ කොහොමද කියලා හරියටම බලාගන්න.හම්බවෙලාම කතා කරගන්න එක හොදයිනේ. වෙන අදහසක් එහෙම හිතේ තියාගෙන නෙවෙයි ඕං කිව්වේ.. :)
ReplyDeleteහෑබෑට ඉෂාන් මලේ.මාත් දන්නෙ නෑ කවුද ඒ නැන්දා කියලා.
Delete(අම්මෝ මං බේරුනායැයි සිතමින්)
අපෙත් ගෙනියන්න දෙයක් නෑ ඉතින්. :ඩී
ReplyDeleteගෙනියන දෙයක් ගෙනිච්චත් මොකෝ ජිවිතේට හානියක් නොකර.
ඒකනම් ඇත්ත නගේ. බඩු නම් කවදා ගන්න බැරිද?
Deleteඅර කොළ පාට ෂර්ට් කාරයව ආයෙ දැක්කොත් අඳුරගන්න පුලුවන්නෙ අර ධර්මදාස්ට. අර වත්තෙ වැඩ කරන බුවෙක්ද ශන්නෙ නෑ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නෑ අප්පා..ධර්මදාස් හරියට දැකලා නෑනෙ. එයාගෙ ඇස් පේන්නෙ නෑලු හරියට.එහා වත්ත අපේ නැන්දගෙ.කාලෙකින් එහෙට පිට කවුරුත් ඇවිත් නෑ.
Deleteඔය හොරා අහල පහල ඉන්න කෙනෙක් වෙන්න ඕන. මොකද ඕගොල්ලන්ගෙ අම්ම ඉස්කෝලෙ යන එන වෙලාව, ගලවන්න ඕන ජනේලෙ එහෙම ප්ලෑන් කරන්න බෑ හදිසියෙ එන එකෙකුට. මාධවට කොළපාට ටී ශර්ට් එකක් තියෙනවද බලන්න පොඩ්ඩක් අහල :D
ReplyDeleteමේ හොරා ජනෙල් තුනක් ට්‍රයි කරලා තමා අන්තිම එකෙන් ඇවිත් තියෙන්නෙ. අම්මේ..... මාධව මෙන්නො......
Deleteඅඩෝ හොරා.....
ReplyDeleteකමෝන් මාලුවා.....
Deleteමට මේ සීන් එක අමතක වෙලත් තිබුණෙ... දෙවනි කොටස දාන්න ගත්ත කාලේ හැටියට පොලිසිය හොරා හොයන්න ගන්න කාලේ සාධාරණයි... :)
ReplyDeleteතාමත් හොයාගත්තෙ නෑ අප්පා.හොයා ගන්න එකකුත් නෑ වගේ.
Deleteඋපදෙස් ටිකනම් සෑහෙන වටිනවා වගේ. අර තනියම ගේ ඇතුලට යන්න එපා කියපු එක සෑහෙන වැදගත්. ඒ විතරක් නෙමෙයි, වැරදිලාවත් නිදාගෙන ඉන්න අතරේ හොරු පැනපු වෙලාවක ඇහැරුනොත් නිදි වගේම ඉන්න. නැගිටලා කෑ ගහන්න යන්න එපා. සල්ලි වලට වඩා ජිවිතේ වටිනවනේ නේද
ReplyDeleteඅක්කගෙ උපදෙසත් ගොඩක් වටිනවා. :))) සල්ලිනම් ආයෙ හොයාගන්න බැරියෑ නේද?
Deleteඅර දෙවැනි ක්‍රමයනම් මරු.හී හී :) :)
ReplyDeleteජය වේවා අක්කෝ :)
ඒ ක්‍රමේ ගැන නම් කට්ටිය උනන්දුයි වගේ...
Deleteඔයාටත් ජයෙන් ජය නගෝ...
හොරුන්ගෙන් බේරීම ගැන සහතිකපත්‍ර පාඨමාලාවක් කළා වගේ. අල්මාරියේ යතුරු තියන්න ඕනේ නම් මම අල්මාරියක් ගන්නේ නෑ අප්පා. රාක්කයක් හදලා එළිපිටම තියල තියනවා. හොරාටැහැ ලේසියි, මටත් ලේසියි.
ReplyDeleteඉන්න සහතිකයක් හදලා එවන්නම් ඕනෙ නම්. ඒත් ඉතිං දූවිලි වැදෙනවා එහෙම වැඩියිනෙ නිකන් රාක්කයක් තිබ්බාම. සත්තුත් රිංග ගනියි.
Deleteඔය කොළ පාට ෂර්ට් කාරයා පට්ට හොරා,....ධර්මදාසලා පොරව අදුන ගත්ත හින්දා ඌ නිල් පාට ෂර්ට් එකකට මාරුවෙලා, හොරකම ජයටම කරගෙන යනවා.
ReplyDeleteඅපි තාමත් කොළපාට ෂර්ට් කාරයාව හොයනවා.
අපිට ඉතින් ඕන හොරුම නෙ අයියේ, ඒකයි කොල උනත් නිල් උනත් හොරකම් කරන්න දීලා බලගෙන ඉන්නෙ.
Deleteඅප්පච්චියෙ සුමිත් අයියේ.....දේශපාලන පොයින්ට් එකක්නෙ... :)))
Deleteරතු පාට ශර්ට්කරයො මන්කොල්ලකාරයො මිනී මරුවො!
Deleteහ්ම්ම්ම්.... අපේ නම් ඉතින් හොරකම් කරන්න දෙයක් නෑ.
ReplyDeleteහොරා ඕක දන්නෙ නෑ නෙ මල්ලි....
Deleteඋපදෙස් ටික නම් පංකාදුයි.....අර දෙවැනි එක විශේෂයෙන්...ඔයා බැංකුවකද වැඩ?
ReplyDeleteහි හී... තැන්කූ...
Deleteඅපෝ නෑ..... මගෙ විස්තරේ කියවලා බලන්නකෝ...
dorawal almari wananna epa kiyana upadesa nam hari. badu tika nathi unath e tikawath ithuruine
ReplyDeleteඒකනෙ ඇනෝ...
Deleteකළු පාට බල්ලෙක් ඇති කරන එකත් හොඳයි ඕකට.... හැබයි බල්ල උනත් කියයි දැන් කාලේ ෆෝන් නම් රීන් ගාල රින්ග් වෙන්නෙ නෑ කියලා... ඒක ඒ තරම්ම සරලයි.
ReplyDeleteඅනේ අම්මෙ ඇයි අනේ ඔයට ඒකම මතක් වෙන්නෙ. :D
Delete//ඒක ඒ තරම්ම සරලයි//
Deleteහේම් එලියෙත් හොරු ඇතුලෙත් හොරු අපුච්චේ
ReplyDeleteඒක නේන්නම්....
Deleteඋපදෙස් ටික නම් මරු. දැන් කාලෙ ඉන්න හොරු තමයි හොරු!
ReplyDeleteඅපොයි ඔව්... ඇදගෙන ඉන්න ඒවත් ගලවගෙන යනවා.
Delete"මං දන්න අක්කා කෙනෙක්ගෙ නැන්දා කෙනෙක් පොළවෙ වලක් හාරලා,හොදට සීල් කරපු බෑග් එකක බඩු ටික දාලා වලලලා,ඊට උඩින් ගහකුත් ඉන්දනවාලු.තැන දන්නෙ හැබැයි නැන්දා විතරලු."
ReplyDeleteහොද වෙලාවට අක්කා ඒ අක්කගේ නම කියලා නෑ :D
ඇත්තටම ගොඩාක් වටින උපදෙස් ටිකක් අක්කේ :) :) :) :) :)
දැන් අපේ රට ගැන නම් කතා කරන්න දෙයක් නැත. හ්ම්ම්ම්
වෙලාවට ඒ අක්කා දැන් ලංකාවෙ නෑ. :D
Deleteස්තූතියි නංගි
ඒකනම් ඇත්ත.... :(((
වටින උපදෙස් ටිකක්...
ReplyDeleteස්තූතියි.. ඔ.නො.ලො. :)))
Deleteඋපදෙස් ටික නම් මරු කාලෙකින් මේ පැත්තට ආවෙ අක්කියෝ
ReplyDeleteහී හී.... කාලෙකින් ලිව්වෙත් නගෝ....
Deleteඇත්තටම වටින උපදෙස් ටිකක්... මගේ නම් වටින දේකට කාමරේ හරියටම තියෙන්නේ ලැප් රාජයා පමණයි... ඒකත් හොරකම් කරන්න තරම් වටිනවද දන්නෑ... ඒත් ඉතින් මෝඩ හොරු ඕවා දන්න එකක්යැ...
ReplyDeleteඒකනම් ඇත්ත. හැබැයි මගේ ලැපත් ඇදලා බලලා දාලා ගිහින් තිබුනා.ඒක හොදටම පරණයි...
Deleteහොඳ උපදෙස් ටිකක්. හොරුන්ටම ගිය රටක්නෙ මේ. හොරුන්ව හොයන්න බැහැ. අහු වුණත් කියන්නෙ අනේ ඌට මොනව හරි ප්‍රශ්නයක් ඇති, ඒකයි හොරකම් කරල තියෙන්නෙ, නැත්නම් හරි අහිංසක මනුස්සය කියල. බනින්නෙත් පාඩුව වෙච්ච මිනිහටමයි, පරිස්සම් වුණේ නෑ, හොරාව හොරකමට පෙළඹෙන විදිහට පරිස්සමක් නැතුව බඩු දාලා ගියාය කියල.
ReplyDeleteනියමම කමෙන්ට් එකක් අක්කේ....
Deleteමට මතක් උනේ මම හොරු ගැන දාපු එක...හී හී මරු උපදෙස් ටික...
ReplyDeleteස්තූතියි මල්ලියෝ....
Deleteඅංක 3 නං මගේ හිතට ඇල්ලුව. ඇත්ත කතාව.
ReplyDeleteඒකනෙ නැත්නම් අපරාදෙ අල්මාරි එහෙම.
Deleteමරු උපදෙස් ටික.. හොරු මේ බ්ලොග නොබලයි කියලා හිතනවා..
ReplyDeleteඑහෙම හිතමු. :D
Deleteමීට පස්සේ ගෙදරින් යනකොට දොරවහලා යතුර පාපිස්ස යට හෝ ළගම තියෙන මල්පෝච්චියක් යටින් හංගලා කොල කැල්ලක ලියලා දෙරේ අලවන්න යතුර තියන තැන කියලා. එතකොට හොරාගෙන් සිදුවන හානිය අවම කරගන්න පුළුවන්.
ReplyDeleteහෙ හෙ හේ... එහෙම වුනොත් අයියෙ හොරු වෙන්න හිතපු නැති අයත් ඉබේම හොරු වෙයි.ඊට වඩා හොදයි යතුරු නොදාම යනවා.එතකොට අරින්න හදන එකාට විතරයි මාට්ටු වෙන්නෙ.
Deleteමම මේ කල්පනා කලේ හොරු බ්ලොග් කියවනවද දන්නේ නෑ නේද? කියෙව්වොත් නිසූ කියලා තියන දේවලින් වැඩක් නැති වෙනවා...:D
ReplyDeleteඑතකොට වාසිය වැඩියි පොඩි.එතකොට හොරු දන්නවා මේ බ්ලොග් එක කියවලා තියෙන අය මේ උපදෙස් පිලිපැදලා තියෙන නිසා ගෙට පැනලා වැඩක් නැති බව. :D
Deleteමට නම් හොරු ගැන කිසිම අත්දැකීමක් නෑ... අපේ පළාතෙ හොද මිනිස්සු ඉන්න නිසා මෙහෙ මතක ඇති කාලෙක හොරු පැනලා නෑ... විහිලුවක් නෙමෙයි ඇත්තමයි...
ReplyDeleteඅම්මේ එහෙම දෙයක් අහන්නත් සන්තෝසයි.
Deleteඅක්ක මේක ලියන්න ඇත්තෙ හොරු blogs කියවන්නෙ නෑ කියල උපකල්පනයක් කරල වෙන්න ඇති
ReplyDeleteපොඩි කුමාරිහාමිට කියපු එකම තමා කියන්න වෙන්නෙ මල්ලි. :)))
Deleteඅනේ මං කියපු දේ කලින්ම ඇවිල්ලනෙ :(
Deleteහොරු අර උපදෙස් කියවන 1ක් නැද්ද නිපූස අක්කෙ???????? බ්ලොග් 1නම් පට්ට
ReplyDeleteඔහෙප්පලයං... උළුවහු ටිකත් ඉවරද එතකොට...?
ReplyDeleteවටින උපදෙස් ටිකක්
ReplyDeleteමමත් ඔයාෙග් ගිමන් හලට
ReplyDelete/ හොඳට සල්ලි බාගෙ තියෙනවානම් සිකුරිටි සිස්ටම් එකක් යොදා ගන්න.නයිට් විෂන් කැමරා එහෙම තියෙනවානම් තවත් හොදයි නෙ.මිලනම් පොඩ්ඩක් විතර වැඩියි තමයි.ඒත් ඉතිං ගොඩක් පෝසත්නම් ඕව මොනවද නේද?කොහේ හිටියත් ගෙදර තොරතුරු ජාලෙට කනෙක්ට් වෙලා බලන්න පුලුවන් සිස්ටම් දැන් තියෙනවානෙ /
ReplyDeleteවැඩ දන්න හොරු එක්ක දැං මෙව්ව හරි යන්නෙ නෑ බං...මේ මම අහපු කතාවක්...හෙන සල්ලිකාරයෙක් ඔය වගෙ ඉන්ටනෙට් එකෙන් ගෙදර බලන්න පුලුවන් සිස්ටම් එකක් හයිකර ගත්තලු..ඒ කරල පවුල පිටිම්ම ගියාලු සිංගප්පූරුවෙ...එහෙදි දවසක් දෙකක් කනෙක්ට් වෙන්න ට්‍රයි කලාලු හරි ගියෙ නැතිලු..ආපහු ගෙදර ඇවිල්ල බලනකොට ගේ කඩල වටිනා කියන දේවල් ඔක්කොම අරගෙන ගිහිල්ල..:( :(
සිකියුරිටි සිස්ටම්ස් ගැන දන්න හොරු වගයක් ඇවිල්ල තියෙන්නෙ. උං ඉස්සරෝම කරල තියෙන්නෙ නෙට් කනෙක්ෂන් එක ඩිසේබල් කරපු එක...
බඩු අරං ගියානම් විතරක් මදෑ...යන්ට ඉස්සර උං හතර දෙනෙක් ඉඳල තියනව....හතර දෙනා පේලියට ඇවිල්ල කලිසං පාත් කරල කැමරාවට පස්ස පෙන්නලයි ගිහිල්ල තියෙන්නෙ...
අර මනුස්සය මල පැනපු පාර සිකියුරිටි සිස්ටම් එක ඉන්ස්ටෝල් කරපු කොම්පැණියෙ ලොක්කට කතාකරල බැන්නලු කං දෙකේ ඇඟිලි ගහගන්ට
'' තමුසෙලාගෙ මේ මඟුල් සිකියුරිටි සිස්ටම් එක ...කෙහෙල්මල...හයි කරනකොට නම් කිව්වෙ කොහොමද?...ආයෙ මැස්සෙකුටවත් රිංගන්න නම් බෑ සර්...කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ සර්...බ්ලා..බ්ලා...බ්ලා....ලක්ෂ ගානක් ගෙවල බලනව අන්තිමට මට උනේ අර පර බල්ලංගෙ *******වල් දිහාවෙ බලා ඉන්ට...."
ප.ලි. - හොරුංගෙ ඒ පශ්චාත් භාග ප්රදර්ශනයෙන්ම තමයි අන්තිමට හැබැයි උංට කෙල උනෙත්......ඒ එකෙක්ගෙ පස්සෙ තිබිල තියනව පරණ වෙඩි පාරක කැලලක්...ඔය විස්තර පොලීසියෙ රෙකෝඩ්ස් වල තියනවනෙ...ඒකෙං උංව අඳුනගෙන කවුද කියල....:) :)
/ රත්තරන් බඩු ගෙදර තියාගන්න එපා.දැන් එන්න එන්නම රත්තරන් ගනන් යන නිසා හොරු එන්නෙම ඒවා ගෙනියන්න.බැංකුව හරි දාලා තියන්න.(ඒ කීවෙ උකස් කරලා. :)) ) /
හෙහ්, හෙහ්, ඒ උපදෙස නම් මරු...බැංකුවෙ සිකියුරිට්ය් සේෆ් එකක් ගන්නවට වඩා ලාබයි උගස් තියන එක....අපි කරන්නෙ එහෙමයි....ඔන්න මඟුල් ගෙදරකට එහෙම යනවයි කියමු...බැංකුව ඉස්සරහ වාහනේ නවත්තල අපි දෙන්න යනව සූට් බුට් ඔක්කොම පිටින්ම ඇතුලට..ඒ කරල බඩු අරගෙන දාගන්නව අතේ කරේ කණේ නහයෙ, ඉණේ, ඇඟිල්ලෙ ඔය හැම තැනම...ආපහු එද්දි ඒ විදිහමයි...ඔක්කොම ගලවල ආපහු තියල එනව...
අදයි ඔබව කියෙව්වේ ..අක්කෙ ඔයා පොලොන්නරුවෙද ?
ReplyDelete?ඔයා මගේ සිංඩියෙත් ඉන්නවා. එක පෝස්ට් එකක දැක්කා පොලොන්නරුවෙ කියලා .
.සතුටුයි. ම්ගෙත් ගම පොළොන්නරුව .
තැනකුයි වේවා උපදෙස් ටිකට ..අ පි ඉතින් පෝසත් නැහැනේ එක නිසා අවුලක් නැහැ
ReplyDeleteඒ අක්කේ .. බොරු වලවල් දෙක කපල තියන්නද ..වැඩේ හරියයිද
ReplyDeleteඋපදෙස් පිළිපදින්නට තීරණය කොළෙමි... :D
ReplyDeleteගෑණු නුවන අහවල් එකේ කියනවනේ... :D
ReplyDeleteහොරුන්ගෙත් හොරු කම්බ හොරු කියනවනේ.. හොරු බො උනාට තාම කම්බ හොරු බොවෙලා නෑ.. ඒක නිසා අපෙ ගෙ කෙසෙවෙතත් මයෙ කාඹරෙ බෙරුනා.. ලොල්!
වලක් හාරලා වළදාන එක තමයි සිම්පල්ම ප්ලෑන් එක, මයෙ හිතේ.
ReplyDeleteතැන අමතක වෙනව නම්, පොඩි බෝඩ් කෑල්ලක ලියල තිවුවම හරි.'' මෙතන රත්තරන් බඩු වළ දමා නැත'' කියලා වගේ.
දැන් කාලෙ නම් රත්තරං බඩු අතේ කරේ දාගෙනවත් පරිස්සම් කරගන්න බෑනෙ. ඔන්න මට කිව්ව නම් ටුක් ගාල හොරාව අල්ලලා දෙනවා. ;-)
ReplyDeleteවටිනා උපදෙස් ටික.... අර 3 වෙනි එකනම් හරියට හරි.... අපේ අක්ක කෙනෙක්ගේ ගෙදරට ආපු හොරුත් ඒ ගොල්ලන්ගේ දොර උළුවහු, අල්මාරි ඔක්කොම කඩලා.... දැක්කම දුකේ බෑ.... දැන්නම් ඒ අක්කා කාමර වල දොරවල් වහන් නෑ
ReplyDeleteහික්ස්...දැන් නිසූ අක්කගෙ රත්තරං බඩු ටිකත් හොරු අරං ගිහින්ද??
ReplyDeleteනිසුපා කොටික දවසකින් සද්දයක් නෑනේ
ReplyDelete:( :( :(
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ. නියම උපදෙස් ටික. අපේ ගෙදර නම් මම හෙටම වටේට අගලක් කපන්න ඉන්නේ. ඊතල නම් මෙහෙට ඕනේ නෑ මොකක් හරි යකඩයකට අත ගෑවුනත් ඇති මෙහෙ කරවල වෙන්නම කරන්ට් වදින්න. ඒ ඉතින් මගේ වැඩ තමා..
ReplyDeleteවිද්‍යා පුබන්දයක් රන්දිව පත්තරයේ පල කරවා ගැනිමට 0711913860 කතා කරන්න කාංචන මනමේනදු රන්දිව උප කර්තෘ
ReplyDeleteෆූ... කවුද අනේ අද කාලෙ රත්තරං බඩු හොරකං කරන්නෙ ? අපේ ගෙදර සේප්පුවෙ දාන්නෙ හොඳට ලෙලි ගහල ඔප මට්ටම් කරපු පොල්.
ReplyDeleteමාර හොරු අෆ්ෆ ඉන්නෙ........
අම්මෝ අදනෙ දැනගත්තේ... අර හෝකන්දර සිද්ධීය මතක් උනා.. එකම පවුලේ 6ක් මරාපු... අම්ම කරපු දේ වැරදියි කියල ආයෙ ආයෙ කියල වැඩක් නෑ... දැන් සිද්ධියෙන් පාඩම් ඉගෙන ගන්න ඇතිනෙ...
ReplyDeleteතමන් අමාරුවෙන් ගත්ත දෙයකටත් වඩා වටිනවා තෑග්ගක් කියන එකක්... දුකයි ඒ ගැනනම්..
මටත් තියෙනවා කථාවක්.. දාන්දෝ නොදාන්දෝ කියලා හිතෙනවා.. මොකෝ පොලිස් පොතෙත් ලියවුන අතීත සිද්ධියක්.. සැලවුනොත් මම පොලීසියේ...
අවසානෙට නිව කතාව වගේ ඒවා තව කියක් වෙයිද? මම හිතන්නේ හැම තිස්සෙම විමසිල්ල යි වැදගත්...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
මොකෝ සද්ද වහල, ලියන්නැතෙයි.
ReplyDeleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!