ඊයෙ හවස අහම්බෙන් නංගි ඔන්ලයින් ගිහින් ඉන්න වෙලාවෙ එතනට ගියාම බ්ලොග් රෝලෙ උඩින්ම දැක්කෙ අඩවි රජාගෙ පෝස්ට් එක.ශුවර් එකටම විහිලුවක් වෙන්න ඇති කියලා හිතුවට ඊට පහල බ්ලොග් පෝස්ට් එකත් එහෙමම දෙයක් කියලා මාතෘකාව දාලා තිබුන නිසා මගෙ කටින් ඉබේම පිට වුනේ "ඈහ් ඔබා මාමා නැති වෙලාද?" කියන එකයි.නංගි දුන්න උත්තරේ වුනේ "ඔව් ඇයි ඔයා දන්නෙ නැද්ද ?"කියන එකයි.ඒ වෙලාවෙ හිතට දැනුනෙ මහම බර හැගීමක්.හරිම මූසල හැගීමක්.ලඟින්ම හිටපු කෙනෙක් නැති වුනාම හිතට දැනෙන හිස් බවක්. කවදාවත් දැකලා නැති,කතා කරලා නැති කෙනෙක් ගැන මෙච්චර බැදීමක් කොහොම ඇති වුනාද මන්දා.අන්ක්‍ර්ජාලයේ බ්ලොග් හරහා ඇති වුන ඒ බැදීම මෙහෙම ඇති වුනා කියන්න බෑ.
මේ ශොක් එකත් හිතා තියාගෙන ගිහින් අම්මට කිව්වෙ "අම්මෙ අනේ අපේ බ්ලොග් ලියන කෙනෙක් නැති වෙලා." කියලා.අම්මා ඇහුවා "මක් වෙලාද?" කියලා.ඒ වෙනකොටත් ඔබා මාමා අපිව දාලා ගියේ මොන හේතුවක් නිසාද කියලා මං හරියටම දැන ගෙන හිටියෙ නෑ.ඉතිං මගෙ උත්තරේ වුනේ "වයසට වෙන්න ඇති" කියලයි.බ්ලොග් කියන දේ ගැන වැඩි දැනුමක් නැති අම්මා "මං හිතුවෙ මේ බ්ලොග් ලියන කෙනෙක් කිව්වාම ඔයාලගෙ වයසෙ විතර කෙනෙක් කියලා."කිව්වාම මං හිතුවෙත් ශරීරය මොන තරම් වයසට ගියත් ඔබා මාමගෙ හිත අපි තරම්ම සමහර විට අපිටත් වඩා තරුණයි නේද කියලා.
ඔබා මාමාව හම්බ වෙන්න තිබුන එකම චාන්ස් එකත් මිස් වුනා.දැන් ඉතිං පරක්කු වැඩියි.:(((
වැඩිය අටුවා ටීකා ඕනෙ නැහැ.මොකද මේ බ්ලොග් අවකාශයම ඔබා මාමා මොන වගේ කෙනෙක්ද කියන්න දන්නවා.මේ වගේ වෙලාවක වෙන පෝස්ට් එකක් දාන්න හිත දුන්නෙ නෑ මාමෙ ඔබව සිහි නොකර.......
නිවන් දක්නා තෙක්ම අපි අතරම ඉපදිලා අපිව හිනස්සලා,ඔවදන් දීලා යන්න හේතු වාසනා වේවා මාමේ.අවසන ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් දකින්නට ලැබේවා......
කිසියම් පින්කමක් ඔබා මාමා වෙනුවෙන් සිද්ද වෙනවානම් දන්වන්න. එන්න උපරිම උත්සාහයක් යොදනවා.