1991 එක වසරට මාව ගිහින් දැම්මා ඉස්කෝලෙකට.මොකක්ද ඒ ඉස්කෝලෙ. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයට.(මොකෝ පුදුමෙන් බලන්නෙ.බ්ලොගේ මුල හරිය බලලා ආවානම්) ඉතිං ඔය ඉස්කෝලෙ අවුරුදු පහක්ම මං කෙල්ල දැහැමෙන් සෙමෙන් අකුරු කලා. (මොන දැහැමෙන්ද ඒ කාලෙ මං කොල්ලන්ට ගැහුවෙ සපත්තුව ගලවලා අරගෙන. :D ඒ කතා පසුවට). ඉතිං ඔය හිච්චිකාලෙ ඉස්කෝලෙ ඇරිලා මාව එක්ක යන්න තාත්තා එනකල්, ඉස්කෝලෙ ඉස්සරහ තියෙන ගහක් යටට වෙලා, තව මං වගේම එක්ක යන්න කෙනෙක් එනකල් බලා ඉන්න යාලුවොත් එක්ක, අයිස් පැකට් කකා, ස්ටිකර් අරගෙන ෆයිල් වල අලව අලව ඉන්නවා.
ඔහොම ඉන්න සෙට් එකේ එක ගෑණු ලමයෙක් හිටියා කලුයි,කෙට්ටුයි. ඒ පුංචි වයසටත් කොණ්ඩෙ දිගට වවලා. ස්කෝලෙ එන්නෙ කොන්ඩෙ කරල් දෙකක් ගොතලා නවලා,ඔලුව ලගින් ගැට ගහලා. ඒ දවස් වල ආරංචි වුන හැටියට මෙයාගෙ අක්කා මෙයාට සුදු නංගි කිව්වාම ඇයි මගෙ කලු අක්කෙ කියලා අහනවා කියලා :D (අක්කා සුදුයි ඈ)
ඔහොම කාලෙ ගෙවිලා අපි ශිෂ්‍යත්වෙත් ලිව්වා ලකුණුත් ආවා. මට කොළඹ ලොකු බාලිකා පාසලකට යන්න තරම් ලකුණු තිබුනා.මගෙ යාලුවො හැමෝම වගෙ පොඩි පොඩි තෑගි පුලු පුලුවන් විදිහට දුන්නා. අර කලු, කෙට්ටු යාලුවා දුන්නෙ ඔටෝ ග්‍රාෆ් එකක්. මගෙ ජීවිතේ මුල්ම ඔටෝ එක තමා ඒ. ඒකෙ තමා මං හොස්ටල් එකේ ඉදලා අයින් වෙලා යනකොටයි, O/L කරලා සමු ගන්න කොටයි, කට්ටිය මගෙ වරුණාව ලිව්වෙ. ඉතිං පොළොන්නරු ඉස්කෝලෙ අන්තිම දවසෙ හැමෝටම පොඩි සංග්‍රහයක් එහෙම දීලා. ප්‍රින්සිපල්, පන්ති භාර මිස් සහ පන්තියේ ඔක්කොම එකතු වෙලා ෆොටෝ එකක් එහෙමත් ගැහුවා.මේක ලියන්න කියලා හිතා ගත්ත වෙලේ ඉදලා ඒක හෙව්වා ඒත් ඒක නෑ. කාට හරි පෙන්නන්න ඇල්බම් එකෙන් ගත්තා.දැන් ඒක මිසින්....:( හ්ම්.....
මං කොළඹ ඇවිත් අවුරුද්දක් විතර යද්දි ගමේ හදන්න ප්ලෑන් කරපු ගෙදර භාගෙට අටවගෙන අම්මලත් ආවා. කාලෙ ගෙවිලා ගියා. O/L වලට පස්සෙ A/L දෙපාරක් කරලා මං කටුබැද්ද ඉංජිනේරු පීඨයට තේරුනා.කට්ටිය අදුරගත්තා,සෙට් හදා ගත්තා.ඔහොම හදාගත්ත සෙට් එකත් එක්ක පලවෙනි වසරෙ පලවෙනි සෙමෙස්ටරේ විභාගෙට පාඩම් කරන්න මාත් ලයිබරියට පදිංචි වුනා.(පදිංචි වුනා වගේම තමා ඒකනම්.හොද තැනක් අල්ලගන්න හින්දා දොරවල් අරිනකොටම අපි එතන ආයෙ යන්නෙත් පල කියලා එලියට දැම්මාම)
ඉතිං ඔහොම පාඩම් කර කර ඉන්න අතරෙ මගෙ යාලුවෙක් (කොල්ලෙක්) IT කරන යාලුවෙක් චැටක් දාන්න ගත්තා.ඒත් එක්කම මට පේනවා දැකලා පුරුදු මූනක්, ඒත් සයිස් එකනම් වැඩි වෙලා. හිකිස්.... දැකලා පුරුදු මූනක් එකලු කෙල්ලෙක් එනවා කට පුරා හිනා වී ගෙන මේස දෙකක් අතර ඉඩෙන්. IT කරන කෙල්ලෙක් වගේ.ඒත් මූන නම් මගෙ පොළොන්නරුවෙ යාලුවා වගේමයි.ඒත් ඉතිං ෂුවර් නෑ නෙ. බැරි
වෙලාවත් වෙන එකෙනෙක් එහෙම වුනොත්.ඒ නිසා මගේ යාලුවා ලව්වම ඇස්සෙව්වා ඔයා පොළොන්නරුවෙද
කියලා.
අම්මේ මේකි බය වුනාද කොහෙද, “ ඔව් ඔයා කොහොමද දන්නෙ” ඇහුවා.මමත් උත්තරේ එනකල්
බලාගෙනනෙ හිටියා.පැනපු ගමන් ඇහුවා “ඔයා නිසුපා කියලා කෙනෙක්ව දන්නවද?” කියලා. පුදුම
වෙලා වගේ ඇහුවෙ නැතෑ, “ඔව් දන්නව ඔයා එයාව දන්නවද?” කියලා. අනේ අම්මේ මං එච්චර වෙනස්
වෙලාද ඒ කියන්නෙ. L වෙන්නත් එපෑ.මං ඒ දවස් වල කොල්ලා වගේ කොන්ඩෙ කපලානෙ
හිටියෙ.”නිසුපා කියන්නෙ මං තමා.” අම්මෝ ඔන්න එතකොට ආපු හිනාව බලන්න එපෑ.”අනේ සොරි ඔයා
ගොඩක් වෙනස් වෙලානෙ”. “ඔයානම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.”මං කිව්වා.ඔන්න හි හී හිනාවක් පැන්නා.
ඔහොම අවුරුදු
එකොලහකට විතර පස්සෙ හම්බ වුන අපි දෙන්නා කැම්පස් එකේ යන එනකොට හම්බ වෙලා කතා කරන්න
ගත්තා. එයාගෙ අනිත් පාර්ශවයත් එතකොට හම්බ වෙනවා.හප්පේ ඒකත් අපිටම හරියන පිස්සු විකාරයක්
තමා.(තරහ වෙන එකක් නෑ කියලා හිතනවා) ආයෙත් අලුත් වුන ඒ යාලුකම ලස්සනට ගලාගෙන ගියා.බුකියෙත්
යාලුවො වුනා.ඔහොම කාලෙ ගියාම අපි දෙගොල්ලොම අවුට් වෙලා රස්සාවල් වලට ගියා.රස්සාව කරන
අස්සෙ තමා මං බ්ලොග් කියවන්න ඇබ්බැහි වුනේ.මෙලෝ සිහියක් නැතුව එක එක බ්ලොග් බල බල ඉන්නකොට
මට අහුවුනා කවි,කතා,විචාර,කෑම වට්ටෝරු අච්චාරු තියෙන බ්ලොග් එකක්. පෝස්ට් ඔක්කොම ටික
කියෙව්වා කවි ඇරෙන්න.
කාලයක්
තිස්සෙ පටන් ගන්න ඕනෙ ගගා ඉදලා මාත් බ්ලොගක් කියලා එකක් පටන් ගත්තා. පටන් අරන් ටික
දවසකින් නිකමට වගේ ගියා මගෙ පොළොන්නරුවෙ යාලුවගෙ විස්තර බලන්න(මොකක් හිතිලද මන්දා).මෙන්න
බොලේ මෙයත් බ්ලොගක් ලියනවා.ලින්කුව දිගේ ගියාම මං අර ආසාවෙන් කියවපු බ්ලොගේනෙ මේ.දැම්මා
මැසේජ් එකක්
hi hi
kohomada jeewithe?
pinibidu kiyala blog1 liyanne oya kiyala man dena gaththe lagakadine.
man eka kiyawa kiyawa hitiye goda kaleka idan.
math den blogak liyanawa.
kohomada jeewithe?
pinibidu kiyala blog1 liyanne oya kiyala man dena gaththe lagakadine.
man eka kiyawa kiyawa hitiye goda kaleka idan.
math den blogak liyanawa.
හැරෙන තැපැලෙන්ම
උත්තරේ ලැබුනා මෙහෙම.
ow ow eka liyanne mama thamaa. onna mama follow kara.
comment kara. liyagena yana widihata kiyawanna asai ban. thawa kathawak daanna
hode.
ඔන්න මං
මෙච්චර වටේ ගියේ කා ගැන කියන්නද කියලා දැන් හැමොටම තේරෙනවා ඇතිනෙ.
ඔව් අපේ
පිණිබිදුව දීගෙක ගියා නේන්නම්.පොළොන්නරුවෙ සෙට් එක බලන්නත් එක්කම මං වෙඩිමට අනිවා යනවා
කියලා හිටියෙ.ඒත් කෝල් කරලා වෙඩිමෙ දවස කිව්වාම තමා ඇඩුනෙ.එදාටම මගෙ කැම්පස් එකේ පළමු
අවුරුද්දෙ සෙට් එකේ දෙන්නෙක් එකට එකතු වෙනවා.මාස ගානකට කලින් තමා කිව්වෙ. ඉතිං ඒකට නොගිහින්
බෑ නෙ.එහෙනම් හෝම් කමින් එකට වරෙන් කිව්වාම මං උඩින්ම කැමති වුනා.ඒත් මගේ අවාසනාවට
ඒකට යන්නත් බැරි වුනා. සමාවෙයන් ලකියෝ…..
වෙඩිමට තියා හෝම් කමින් එකටවත් එන්න බැරි
වුනාට,තෑග්ගක් දෙන්න බැරි වුනාට, මේක උඹට තෑග්ගක්ම වේවා කියලා හිතාගෙන ලියන්න ගත්තෙ.
සුභම සුභ
යුග දිවියක් ලකියෝ…………………
ප.ලි.
- පොළොන්නරුවෙදි යාලුවො වෙලා අවුරුදු ගානකට පස්සෙ මොරටුවෙ කැම්පස් එකේදි හම්බ වෙලා
ආයෙ යාලුකම අලුත් කරගත්තා. ආයෙ ටිකක් ඈත් වෙන්න හදනකොට බ්ලොග් කියලා දෙයක් අපිව ලං
කලා.අපි දෙන්නම දවසක් කතා වුනා මේකනම් හරි පුදුමයි බං පෝස්ට් එකක් දාන්න වටිනවා කියලා.ඒත්
දෙන්නටම ඒක ලියන්න බැරි වුනා.ඉතිං මේ වගේ දෙයක් ලියන්න මීට වඩා හොද දවසක් නෑ කියලා
හිතුනා.
මේං පිණි අක්කා හොරා වගේ බැඳලා! කෝ අපිට කේක්? :D
ReplyDeleteජය මංගලම් වේවා කිව්වා කියන්න! :D
හී හී...එයා කියවයිනෙ. එතකොට කේක් දෙන විදිහක් කියන්නෙ නැතෑ.
Deleteමාත් සුභ පැතුවා කියන්ඩෝ....
ReplyDeleteහරේ කියන්නම්....
Deleteසුභ මංගලම් කිව්ව පිණි බින්දුවට
ReplyDeleteඅඩේ මේක නිකන් දෙමල චිත්තර පටියක් වගේනේ.. කොල්ලෙකුයි කෙල්ලෙකුයි උනානම් මරු ඈ
හික් හික්... වැඩක් වෙන්නෙ නෑ අප්පා. කෙල්ලෙකුයි,කොල්ලෙකුයි වුනානම් මේ විදිහටම පෝස්ට් එකක් ලියවෙයි.එච්චරයි...:) ;)
Deleteඑ් වුණාට යන්න තිබ්බා ඉපැරණි මිතුරියෙග් ෙවඩිමට.අැෙඩනවා හෙලා්. අද අකුරු වදින්ෙන් රුයිෙතට.
ReplyDeleteකරන්න දෙයක් නෑ අප්පා.අනිත් එක කලින්ම ආවානෙ.
Deleteමොකද මේ.මාත් මේක ලියාගත්තෙ ලොකු ගේමක් දීලා.පබ්ලිශ් කරගන්නත් අමාරු වුනා.
මාර ස්ටෝරියක් නේ හෆ්ෆා... අදම තමා පිණිබිංදුවේ මූන දැක්කේ... ඔබ දෙපළටම ප්‍රීතිමත් විවාහ දිවියක්...!!!
ReplyDeleteමටත් ඕකටම සමාන කතාවක් තියනවා. එක වසරේ ඉඳන් ඒ ලෙවෙල් වෙනකම් එකම පංතියේ ඉඳලා, එකම ෆැකල්ටියේ හිටපු කෙනෙකුත් බ්ලොගක් ලියනවා (දැන් නම් වැඩිය ඇක්ටිව් නෑ) ඒත් මම එයාගෙනුත් මුලදී හැංගුවා මම බ්ලොග් ලියන බව. පස්සේ මටම හිතිලා කිව්වා..
හෙ හෙ... ඒකනෙ.
Deleteහ්ම්... මගෙත් හොදම යාලුවො දෙන්නෙක් බ්ලොග් ලියනවා. එකෙක් යාලුවෙක් වුනේ O/L පන්තියෙදි. අනිකා වැලි කෙලියේ පටන්.දෙන්නම මාත් එක්ක එකම ෆැකල්ටියෙ. හැබැයි බ්ලොග් ලියන එකනම් අපි එකෙක්ටවත් රහසක් වුනෙත් නෑ. :)
ඇයි තොටියා මල්ලී...මතකද අපි සේරම මුණ ගැසුන හැටි... අන්තිමට බලද්දී තොටියගේ අර බ්ලොග් ලියපු යාළුවා මගෙත් හොඳම යාළුවෙක්... එකම රෝහලේ ඇවිත් ගියත් මුණ නොගැහුන හැටි. ලෝකේ හරිම පුංචියි
Deleteඔව් ඔව්... මොකද අමතක. කොහේ මුන හැහෙන්නද ඒකාලේ මම ඔයාගෙනුත් මූණ හංගන්නේ හිටියේ. හැබැයි ඊට පස්සේ ආපු වෙලාවේ නම් අක්කාව මුණ ගැසුණා නේ. මුකුත් නොදන්න එහා කෙළවරකට අළුත් පත්වීම ලැබුණු වෙලාවේ අක්කා ඒ පැත්තේ ඉන්න යාලුවන්ට හඳුන්වලා දීලා උදව්කල හැටිත් මතකයි..
Deleteසුභ පතනව හදවතින්ම ඒදෙන්නට.....^_^
ReplyDeleteඑයා දකියි මේක. :)
Deleteලකියට ජයමංගලං ඈ....!!!!!!
ReplyDeleteඑයාම ඇවිත් බලන්නෙ නැතෑ.
Deleteඑහෙනම් ඒකත් ජයසිරි මංගලම්. නවකතාවක් වගේනේ කතන්දරේ.
ReplyDeleteදැන් එතකොට නිසූ ... නෑ .. එක්කො ඕන නෑ. :)
හි හී ඒකනෙ. :)
Deleteඔව් ඔව් නිසූ ඕනෙ නෑ තමා. :D
ආ ..... එයා තවම රත්තරන් එකතු කරනවය කියන්නෙ. ඔන්න ඔහේ අර වළදාල තියෙන ටිකවත් අරගෙන වැඩේ ඉක්මන් කරමු. :)
Deleteරත්තරන් තිබුනට රත්තරන් නෑ නෙ.
Deleteමංගලම් ජය මංගලම් වේවා සිරි සුබ මංගලම්..! ඒ දෙපලම..! :D
ReplyDeleteහිතන්නෙ නැතිවෙලාවට ජීවිතයේ බැඳීම් කොයිතරම් අපට ආයෙම මුණ ගස්සනවද.. ජීවිතේ ඇත්තටම පුදුමයි..!
නිසූපා අක්කා කාලෙකින්.. :)
ඒකනම් ඇත්ත නංගි. :)
Deleteකාලෙකින් නේන්නම්. බලමු දිගටම එන්න.
අළුත්කඩේ දි හමුවෙලා මිතුදම නැවත අළුත් නොවේවා යැයි පතමී
ReplyDeleteඅළුත්කඩේ ඒ කිව්වෙ?
Deleteඅළුත් කඩේ උසාවි සංකීර්ණයක් තියෙනවා නෙව.
Deleteඒකනම් එහෙම උනා කියමුකෝ ඔයා හැමදාම යන එන පාරේ ඉන්න අපට ඔයාගේ වෙඩින් කේක් කන්න සෙට් කරන්නෙ කවදද නිසූපා.......... ?
ReplyDelete(සැර වැඩිද මන්දා........!!!!!)
අපෝ තව ගොඩා.............ක් කල් තියෙනවා. :P
Deleteවැඩියි වගේ නේ.
හිතාගන්ටවත් බැරි විදිහේ ලස්සන කතාවක්!!
ReplyDeleteපිණිබිඳුව නම් බ්ලොග් එක කියවලා දන්නවා. අදමයි දැක්කේ.
නියම ජෝඩුවක්...:-)
දෙන්නාටම සුබ අනාගතයක් පතනවා.
ඒක නේන්නම්... :)))
Deleteආයෙ මොනවද තකට තක...:D
මම නම් පිණිබිඳු බ්ලොග පැත්තේ ගිහින් නෑ මං හිතන්නේ... බලන්නංකෝ.... කෙල්ල කලුයි කිව්වට මේ ඉන්නේ රෝස පාටට...
ReplyDeleteඉන්නකො ලින්ක් එක මෙතනවත් ඔබන්නනෞඩින් ඔබන්න බැරි වුනානෙ.අපිත් කලුයි තමයි හරිද??/ :D
Deletehttp://lakmisher.blogspot.com
Really Enjoyed...good to see a young engineer from UOM writing nice blogs...
ReplyDeletethank you very much SirJohn.. :D
DeleteYes, at times this happens. Even I could not attend one of my great friends wedding and home comming due to operational commitments. He did every thing for me.
ReplyDeletewhat to do.so sad about this incident. :(
Deleteහයියෝ.... හැමෝම කසාද බඳිනවා. මං තාම නෑ :( අම්මට කිව්වම තාම වයස මදිලු මට :P
ReplyDeleteනිසූපා අක්කගෙ වෙඩිම කවද්ද ? :D
වයස මදිනම් ඉවසා හිටු. සුදුසු කාලෙදි බදින්න හැකි වෙයි.
Deleteතව කල් තියෙනෝ.....
සුභම වේවා !
ReplyDeleteඊලග වෙඩිම කාගේද?
උඹෙ....:P
Deleteඑව්වා එව්වා සුභ පැතුම්. බලං ගියාම බ්ලොග් කියන්නේ මහා පුන්‍යකර්මයක් නෙව..
ReplyDeleteආයෙත් අහලා. බ්ලොග් වල තව පුන්‍යකර්මයක් පේනවනෙ ඔය නම් දෙකේ සීන් එකෙන්. ;)
Deleteඅලුත බැඳපු ජෝඩුවට එහෙනං ඔන්න මාත් සුබ පතනවා...
ReplyDeleteඈ බං නිසුවෝ.. දැං උඹ කවද්ද අපිට කේක් දෙන්නේ... ( නෑ නෑ .. අපෙන් කේක් ගන්නේ... හි හි)
අපෝ තව කල් තියෙනවා බං අක්කේ. තත්වෙ එහෙම බලලා ගන්න කාලෙක ඔයාලගෙන්ම ගන්නම්කො. ඩිස්කවුන්ට් දෙනවා නේද? ;)
Deleteමගෙනුත් සුබ පැතුම්!
ReplyDeleteසුභ පතනවා නව යුවලට....!!!
ReplyDeleteමාර හමුවීමක් නේ.... හැබැයි පොඩි කාලේ යාළුවෙක් ආයි හම්බ වෙනවා කියන්නේ අම්මෝ මාර සතුටක් නේ......
කියලා වැඩක් නෑ ඒකනම්. අනික් අයවත් දකින්න එක්ක පොළොන්නරු යන්න හිටියෙ බැරි වුනානෙ. :(
Deleteදෙන්නටම වාසනාවන්ත යුග දිවියකට ආසිරි පතනවා !
ReplyDeleteහරි,
දැන් අපි නිසූපා අක්කා දිහෑවට ඇරෙමු !
වට් එබවුට් යූ මිස් නිසුපා ? ඩු නොට් වෝන්ට් ටු බී 'මිසිස්' ඉන්ස්ටේඩ් ඔෆ් 'මිස්'?
හෙහෙහෙහ්. කඩ්ඩ හරිද මන්දා. අක්කව ඉක්මනටම දීගතල දෙන්න ඕන. ;)
තාම හැරිච්ච ගමන්ද.
Deleteවයි නොට්. අයි ඈම් රියලි වේටින් ෆොර් ඉට්.බට් ද ප්‍රොබ්ලම් ඉස් ගෲම් ඉස් නොට් රෙඩි.
මොකද අප්පේ ඒ කරුණාව.
මාර කතාවක් නේ නිසුපා අක්කියෝ... යාළුවට සුභ පැතුම් ඔන්න... :)))
ReplyDeleteදැං ඔය කමෙන්ට් එක කවුද ලිව්වේ ? මදාරා නංගිද දිනේශ් මල්ලිද ?
Deleteමදාරා නංගිනෙ තේරෙන්නෙ නැද්ද මධුරංග මලේ. :)
Deleteකියලා වැඩක් නෑ නංගි... ඔන්න මං අදුරගත්තා.හරි නේද මං?
පිණි බිඳුටයි එයාගෙ පෙම්බරයටයි දෙන්නටම සුබ මංගලම් වේවා!!
ReplyDeleteනිසූ නගාගෙත් ෆයිල් එක උඩට අරන් දූවිලි එහෙම පිහදාන්ඩ කාලෙ හරි දැන් ඒ කියන්නෙ
අනෙ අම්මෝ බං අක්කෙ.තාම ඒක ගොඩක් යට තියෙන්නෙ.
Deleteසුභ මංගලම්...
ReplyDeleteදැන් ඊගාවට කාගේ ෆයිල් එකද උඩින්ම තියෙන්නේ... :D
අර රත්තරන් මාලුවා කියලා එකෙක් ඉන්නෙ. අන්න ඒකගෙ. :P
Deleteසුභ මංගලම් පිණි බිඳු.... ලෝකය හරිම පුංචියි කියා හිතෙන්නේ බ්ලොග් ලියන අපි කොයි තරම් කිට්ටුද කියා හිතෙද්දි. මටත් ලියන කිහිප දෙනෙක් මුණ ගැහුනා සැබෑ වෘත්තීය ජීවිතේදිත්.... නමුත් සැක කරලා අහන්න උනේ ගොඩක් පරක්කු වෙලා ඒ වෙද්දි සමහර තැන් වලදි අපිට අපි මග හැරිලා තිබුනා.
ReplyDeleteඒකනම් ඇත්ත.මම ලියන්නෙ මගෙ ඇත්ත නමින්ම නිසා සමහරු දැක්කාම අදුරගෙන කතා කරනවා. අනික මූණු පොතෙත් යාලුවො නිසා මූණ කොහොමත් දන්නවානෙ.
Deleteසිංහලෙන් Destiny කියන්නේ ඔව්වට තමයි ...මාර කතාවක් . ලෝකය කුඩාය කියන්නේ ඕකනේ .
ReplyDeleteභාගයක් කියවද්දිම නිකන් හිතුනා මේ පිනි ගැනද කියල .
කළු වුනාට ලස්සන සිරියාවන්ත කෙල්ලක්නේ . අපේ හදපිරි සුබ පැතුම් ..
ඒකනෙ අක්කෙ. :)
Deleteඒ කොහොමද එහෙම හිතුනෙ. :O
මෙහෙමනෙ අක්කෙ.
කලු කෙල්ලෙ ඔබ හරිම හැඩයි
නෙතඟින් බැලු විට සිරියාවයි
සුදු කෙල්ලන්ට වඩා ඔබ පින් පාටයි නෙ.
:))))
එක ගෙදර හිටියට මොකෝ මාත් දන්නෙ නෑනෙ මේ කථාව :O :O
ReplyDeleteලක්මිණි අක්කාට මාත් මුළු හදින්ම සුභ පතනවා :))))))))))))))))))
අඩේ එහෙම ඔක්කොම කතා කියන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙලා නැති වෙයිනෙ. :P
Deleteසුභ පැතුම් පිණි බිඳු .,
ReplyDeleteජීවිත කාලෙම සතුටින් ඉන්ට ඔයාගෙ පෙම්බරයත් එක්ක .
නිසූටත් ගොඩක් ස්තූතියි ඔයාගෙ සතුට අපිත් එක්ක බෙදා ගත්තාට .
ස්තූතියි ගිම්හානි කමෙන්ටුවට.. :)
Deleteදෙන්නටම වාසනාවන්ත යුග දිවියක මමත්ආසිරි පතනවා !
ReplyDeleteඔන්න කියවලා ගිහින් සිත්තමී.
Deleteබුකියෙන් නම් දෙන්නටම සුබ පැතුවා...ඒත් ඉතින් නිසුපා හරහා සුබ පැතුවෙ නැතොත් හරි නෑ හරි නෑ වගෙයි..
ReplyDeleteඅර පොඩි කාලෙ වගේ තාමත් කොල්ලන්ට සපත්තු වලින් ගහනවද ???
අන්න අයියට විතරයි ඒක පෙනුනෙ. ;) නෑ දැන්නම් නෑ.ඒත් අසාදාරණේට කටනම් පියන් ඉන්නෙ නෑ.
Deleteඇයි ලින්ක් එකක් දාලා නැත්තේ?
ReplyDeleteඔන්න දැම්මෝ...
Deleteඉදලා ඉදලා මාත් මේ පැත්තට ගොඩ වෙලා තියෙන්නේ මංගල කාරණාවක් අස්සෙනෙ..
ReplyDeleteමංගලම් සුභ මංගලම් වේවා සිරි සුභ මංගලම්!!!!!
ඉදලා ඉදලා තමා මට ලියන්න වෙන්නෙත්. :D
Deleteපිනි බිදු ට කළු කෙල්ල කීවට තරහ යන්නේ නැලු.......
ReplyDeleteඑහෙමනම් ඉතින් සුභ විවාහ ජිවිතයක් පිනි බිදු අක්කේ,,,,
ඊලගට නිසු අක්කාගේ තමා නේද?
එකට ඔයාම කේක් දෙන්නකෝ... මේකට කේක් 27 ගේට්ටුවට එවයි නේද?
අපෝ මට තව කල් තියෙනවෝ....
Delete27 ගෙට්ටුවට කේක් එවන්න තියා ළඟ පාතකවත් මෙයා නැති වේවි වගේ.
අප්පේ තැන්කූ වේවා හැමෝටම. නිසුපෝ මම උඹත් එක්ක තරහ වෙලා හිටියෙ ආවෙ නැති නිසා. පෝස්ට් එකක්ම දැම්මට පස්සෙ කොහොම තරහ වෙන්නද. මේකි කපටිම නෑ. හික්ස්. උඹටත් තැන්කූ එහෙනම්.. හැමදාම අපේ හමුවීම ගැන පෝස්ට් එකක් දාන්න ඕනෙ කිය කිය හිටියට ඒක බැරි උනානෙ. තැන්ක් යූ මචෝ.
ReplyDeleteඅඩෙ අප්පේ එහෙනම් මේක දාපු එක කොච්චර හොදද.නැත්නම් උඹ තරහ වෙනවානෙ. මං කපටිකමටනම් නෙවෙ මේක ලිව්වෙ හරිද.
Deleteඒකනෙ කොච්චර කල් කියෙව්වද ඒක ගැන. :D
පිණිබිඳුට උණුසුම් සුබ පැතුම්!
ReplyDeleteමේ අර සුදුලූණු වලට බොහොම මනාප බුවා නේද?
ඔව් ඔව් ඒ බුවා තමා.
Deleteපොළොන්නරුවේ තව එකෙක් බ්ලොගක් ලියනවා. හොයලා බලන්නකෝ.
ReplyDeleteඒ කවුද අප්පේ? ඔයාද :O
Deleteඅඩේ අපි දන්නෙත් නෑ.. මේ පිණිබිදුවා හොරෙන්න බැන්දද.. අපේ කට්ටිය කවුරුවත් නැද්ද අෆ්ෆා ජාතිය ගීය කියන්න..
ReplyDeleteහොරෙන්යෑ දෙයියනේ. ප්‍රි වෙඩින් නාඩගම්ම කීයක් ලිව්වද?
Deleteජාතිය ගීය ගයන්නෙ ඇයි?
මං කිවුවේ " එක යායේ කකා වැටි.." සිංදුව.. ඒකනේ අනේ ජාතික ගීය...
Deleteසුභ විවාහ මංගල්‍යයක් වේවා ලක්මිණී නංගි.... ජයවේවා......!
ReplyDeleteඇය දීගෙක ගියාය...... මැයට යන්නට කාලය පැමිණ ඇත.....
තව කල් ඇත..............
Deleteමෙන්න බොලේ නිසූත් රජරට පුලතිසිපුරවරයෙන් කෙනෙක් එහෙනම්. නියමයි.. ඔන්න එහෙනම් නිසුගෙ යාලුවටත් සුබ පැතුම්..
ReplyDeleteඅනේ නෑ අයියෙ ගම එහේ නෙවේනෙ. ගමේ තමා දැන් ඉන්නෙ. ඒත් මං පුලතිසිපුරවරයට තාමත් ආදරෙයි.
Deleteපිණීස් එහෙනම් සුබ මංගලම් හොඳේ?.....පොළොන්නරු ආපු වෙලාවක එන්නම්කො..මගෙ ජීවිතේ අමතක නොවන සිදුවීම් සීයට අනූවක් උනේ පොළොන්නරුව පැත්තෙ තමා....
ReplyDeleteපොළොන්නරු ආපු වෙලාවක ගියාට දැන්නම් අයියට හම්බ වෙන්න වෙන්නෙ පිණීස් ගෙ අම්මයි,තාත්තයි තමයි.
Deleteපිණි බිඳුට සුභ පැතුම්..
ReplyDeleteයාළු කමක් පැමිණි දුරක්..ගොඩක් සතුටු හිතුනා මේ ගැන කියෙව්වාම..
ඒකනෙ හරිම අහම්බයක් ඒක. :)))
Deleteඅපිත් සුභ පැතුවා කියන්න.
ReplyDeleteලින්ක් එක දැම්මනම් තවා ගොඩක් හොඳ..
සමාවෙන්න සමාවෙන්න ඔන්න දැම්මා. :)
Deleteසමහරු ටික කාලයකට ඈත් උනත් යම්කිසි ක්‍රමයකට ආයෙත් ලං වෙනවා...ඒක පතාගෙන ආපු විදිය වෙන්න ඇති...
ReplyDeleteලස්සන පෝස්ටුවක්...ලස්සන අතීතයක්...
27 ගෙට්ටුවට නිසූ නංගි එක්ක එනකන් අන්න මධුරංගයයි, වල් රජයි බලන් ඉන්නවා...
මාත් ඔය පතාගෙන එන කතා විස්වාස කරනවා ගොඩක් ;)
ReplyDeleteයකෝ මදුරංග මදිවට තව එකෙක් ඉන්නවද??? :O
බලන්ඩකෝ අක්කේ. අපි ගහකට නැග්ගොත් ඔන්න ඒකෙත් දෙබලක්. පේනවා නෙහ් :)
Deleteකල් මර මර ඉන්න එක සුබ නෑ වගේ. අද හෙටම අහලා දාන්ඩ ඕන.
හික්ස් :)
අපේ පවුල් වල නන්දල මාමලාගේ ළමයි අතරින් මගේ ප්‍රියතම සහෝදරිය මගේ පොඩි මාමගේ දුව අයගේ නමත් ලකී. මගේ පවුලේ ඉන්න එකම අක්කා. මේ අක්කටත් මම සුභ අනාගතයක් පතනවා. එමෙන්ම (නිසු අක්කේ ඊළඟ නොම්මරේ ඔයාගේ)
ReplyDeleteඅනෙ අම්මෝ තව කල් තියෙනවා මලේ....
Deleteසුභම සුභ යුග දිවියක් ......!
ReplyDeleteඔන්න ඒ මංගල්ලේ අස්සේ මමත් මේ පැත්තට ආව. අස්සේ කිව්වට දැන් නම් පහු වෙලා.. :)
ReplyDeleteඒ දෙන්නට සුබ පැතුම්...!
පිණිබිඳුවට මාත් සුභ පතනවා ලස්සනම ලස්සන අනාගතයකට...
ReplyDeleteඑයා කසාද බැන්දා කියල ඔයා කලබල වෙන්න ඕනෙ නෑ නිසුවෝ... ඕන් ඔහේ තනිකඩකමේ ප්‍රීතිය භුක්ති විඳගෙන, අම්ම උයා දෙන දෙයක් කාල, බ්ලොගත් ලියාගෙන චූන් එකේ හැකිතාක් කල් ඉන්න එකයි...
This brought tears to my eyes!
ReplyDeleteHappy wedded life Pini. ( Didn't you use dry ice this time?)
Thank you ayya. I removed the whole step this time.
DeleteThank you all.. :)
Deleteපිණිට මගෙනුත් සුභපැතුම්..
ReplyDeleteදැන්වත් ෆෝන් එකට නිවාඩු ලැබෙයිනේ.. :)
මං නං කියන්නෑ නිසූට “ඊළඟට ඔයා“ කියලා :D
නිසු මොකද දැන් ලියනවා අඩු
ReplyDeleteමෙන්න පිණිබිඳු අක්ක බැඳලා...ජයසිරි මංගලන් ඈ... :D
ReplyDeleteඅක්කේ මන් ආවෝ... ඈ නෙවෙයි අක්කා යන්නේ නැද්ද
ReplyDeleteඑහෙනම් කොලබ 7න් ආව වගෙ කැම්පස් එකේ හිටපු නිසුපගෙ ගම පොලොන්නරුව. දුර පලාත් වලින් ශිශ්යත්වෙ පාස් වෙලා කොලබ ඉස්කෝල වලට ආපු ගොඩාක් අය ඔහොම තමයි.
ReplyDeleteඅද තමයි ඔයාගෙ බ්ලොග් එකට ආවෙ.ලියන විදිය ලස්සනයි.
සුන්දර හමුවීමක්! එහෙම මිතුරුදම් බොහොම හිඟ මේ කාලේ හරිම දයාබර සටහනක්..
ReplyDeleteජය වේවා! :)