අභීත අයියගෙ මේ පෝස්ට් එක දැක්කාම මගෙ හිත අතීතයට ඇදිලා ගියා.පුංචි කාලෙ පෝලියෝ ඇඩ් එක ටී.වී.එකේ දකිනකොට හිතුනෙ "අනේ මෙච්චර ලස්සන කටහඩක් තියෙන,ලස්සන කෙනෙකුට ඇයි මෙහෙම දෙයක් වුනේ" කියලා.හරි දුකක් ඒ වෙලාවෙ හිතට දැනුනත් නීලා කියන ගායිකාව මනසින් වැටිලා නෑ කියලා ඒ කාලෙත් තේරුන නිසා හිත ටිකක් හැදුනා.සංගීත ප්රසංගයකදි වුනත් අනික් හැම ගායක ගායිකාවක්ම වේදිකාවට නගින හැටි පෙන්නුවත් කවදාවත් නීලා වික්‍රමසිංහ ගායිකාව වේදිකාවට නගින හැටි පෙන්නලා නෑ.
ඒත් නීලා වික්‍රමසිංහ කියන ගායිකාවගෙ,කාන්තාවගෙ පෞර්ෂත්වය හරියටම දකින්න පුලුවන් වුනේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා අගනුවර ප්‍රසිද්දම බාලිකා පාසලකට ඇතුලත් වෙන්න හම්බ වුනාට පස්සෙ.හය වසරෙ ටික දවසක් යද්දි ඒ කාලෙ විදිහට අපිට සිද්ද වුනා සෞන්දර්ය විෂය තෝර ගන්න.පොළොන්නරුවෙ හිටපු කාලෙ ඉදලා සංගීතය ජීවිතේ කොටසක් කර ගත්ත මට ආයෙ හිතන්න දෙයක් තිබුනේ නෑ.පෙරදිග සංගීතය කරන්න ඉස්කෝලෙ ඒ වෙනකොට මිස්ලා දෙන්නෙක් හිටියා;උදේනි මිස් හා නීලා වික්‍රමසිංහ ගායිකාව,අපිටනම් නීලා මිස්.මං හරිම ආඩම්බර වුනා ඒ ගැන.
මොනවා වුනත් මට මිස් යටතේ ඉගෙන ගන්න වාසනාව නැති වුනා.ඒත් සමහර පාසල නියෝජනය කරන සංගීත වැඩ කටයුතු වල පුහුණුවීම් කරන්න නීලා මිස් යටතේ වැඩ කරන්න මට අවස්තාව ලැබුනා.ඒකත් වාසනාවක් මටනම්.
තමුන්ම කාර් එක එලවගෙන පාසලට එන නීලා මිස් හැම කෙනාටම ප්‍රිය උපදවනවා.පිළිවෙලට අදින ඔසරිය,දේදුනු වගේ දෙබැම,පාට කරපු දෙතොල් වෙන ඕනෙ ගෑණු කෙනෙක් වගේ හැඩට නීලා මිස් ඇන්දා පැලැන්දා.ගායිකාවක් කියලා ලොකුකමක්නම් ගෑවිලා තිබුනෙවත් නෑ.පාසලේ ලොකුම සංගීත කාමර වෙන් වෙලා තිබුනෙ නීලා මිස්ට.ඒත් ඒ කාමරයට යාබදව වැසිකිලි පහසුකම් තිබුනෙ නෑ.
ඉතිං හැමදාම විවේක කාලය ඉවර වුන ගමන්ම එන පීරියඩ් එක නීලා මිස්ට ඕෆ් එකක්නම් මිස් කෙලින්ම එන්නෙ අපේ උදේනි මිස්ගෙ කාමරයට.ඒකට යාබද වැසිකිලියක් තිබුනා. ඔය වගේ එනකොට හුගක් වෙලාවට අපිට මිස්ව හම්බ වෙනවා. මොකද හුගක් වෙලාවට අපිට සංගීතය තිබුනෙ විවේකය ඉවර වුන ගමන්ම.හොද හිනාවක් දාගෙන අපේ මිස්ටත් විහිලුවක් කරගෙන තමා මිස් යන්නෙ.උදේ ගා ගෙන ආපුවා ආහපු පාරක් අලුත් කරගෙන මේ දැන් ගෙදරින් එලියට බැස්සා වගේ තමා මිස් එලියට යන්නෙ.
මිස් නිසා මං ලබපු අමතක නොවෙනම අත්දැකීම ලැබුවෙ 1997 සමස්ත ලංකා තරඟ නිසා.වැඩිපුර දක්ෂ කම නොතිබුනත් සංගීතය කිව්වාම පැනලා ඕනෙ දේකට යන නිසාම සමූහ ගායනා,වාදන අවස්තා දෙකටම මට සහභාගී වෙන්න අවස්තාව ලැබුනා.ම වාදනය කලේ තාලම්පට.තාලය ඇඟේ තියෙනවානම් ඕක වාදනය කරන එක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ ඉති.අපි වාදනය කලේ එක එක ජනගී ගොඩක් එකතු කරලා.මට තියෙන්නෙ ඉක්මනටම ඒ ඒ තාලය සපයන එකයි.සුපුරුදු පරිදි දවසක් හවස පුරුදුවීම් තියෙන දවසක්.වාදනය ගලා ගෙන යනවා.ම වෙන සිහියක.වෙන සිහියක හිටියත් හිමීට තාල් මාරු කරන්න පුලුවන් මට.ඔහොම ගිහින් වාදනේ එක පාර ඉවර වුනා.වෙන සිහියක හිටපු මං තාම තාලම්පට ගහනවා.එදානම් මදි නොකියන්න මිස්ගෙන් අහගත්තා :)).අම්මෝ..... මිස්ගෙ සැර.ඊට පස්සෙනම් මං අසිහියෙන් වාදනය කරලා නෑ.
තරඟෙ දවසෙ අපේ සහෝදර බාලිකා පාසලක් පොල් ගෙඩියකුත් අතට අරගෙන නැටුම් අංගයක් ඉදිරිපත් කලා.නැටුම ඉවර වුනාට පස්සෙ අර පොල් ගෙඩි ටික ගල් වල ගහලා බිදලා එයාලම කෑවා.ඒ වෙලාවෙ ඒකට අප්‍රසාදය දක්වපු මිස් කිව්වෙ ඒ වැඩේ වස් වදින වැඩක් බවයි.ඒත් ඒ අය තමා නැටුම් අංග වලින් එදා පළවෙනියො වුනේ.
ඊලඟට මිස් එක්ක මතක හිටින වැඩකට සහභාගී වුනේ "සාගර දිනය" ට.ධීවර අමාත්‍යාංශය බාර දීපු වැඩක් තමා ඒක.හරිම අඩු දවස් ගණනක් තමා අපිට පුහුණුවීම් කරන්න වුනේ.ඒත් මට නම් තාම අපි කියපු ධීවර ගීතය මතකයි.
ධීර ධීවර ශක්තියයි අපි
දේශයේ නව ජීවයි අපි
සාර සාගර දියඹ දිය බිඳ
ඉසුරු සම්පත රැගෙන එන අපි
ඔන්න ඔහොමයි ගීතය පටන් ගත්තෙ.අපි ගායනා කරනවා බලන්න ආපු ධීවර අමාත්‍යාංශයෙ නිලදාරියානම් අපේ ගායනය ගැන සෑහීමකට පත් වුනේ නෑ.ඒ වෙලාවෙ තරහ ගිය මිස් කිව්වෙ "මෙච්චර අඩු කාලෙකින් පුරුදු වෙලා මේ ලමයි ඔහොම කියනවා මදැයි" කියන එකයි.අපිත් එක්කම සංගීත වැඩ වලට මිස්ගෙ අක්කගෙ දුවත් සම්බන්ද වුනා.අපේ පන්ති වලම උන්නු එයාටයි අපිටයි වෙනස් විදිහට සලකන්න මිස් කවදාවත් පෙලඹුනේ නෑ.
ඉතිං ආදරණීය ගුරු මවුනි මගේ ප්‍රාර්ථනය ඔබට නිදුක්,නිරෝගී සුවයයි. දීර්ඝායු වේවා......
ඉතිං හැමදාම විවේක කාලය ඉවර වුන ගමන්ම එන පීරියඩ් එක නීලා මිස්ට ඕෆ් එකක්නම් මිස් කෙලින්ම එන්නෙ අපේ උදේනි මිස්ගෙ කාමරයට.ඒකට යාබද වැසිකිලියක් තිබුනා. ඔය වගේ එනකොට හුගක් වෙලාවට අපිට මිස්ව හම්බ වෙනවා. මොකද හුගක් වෙලාවට අපිට සංගීතය තිබුනෙ විවේකය ඉවර වුන ගමන්ම.හොද හිනාවක් දාගෙන අපේ මිස්ටත් විහිලුවක් කරගෙන තමා මිස් යන්නෙ.උදේ ගා ගෙන ආපුවා ආහපු පාරක් අලුත් කරගෙන මේ දැන් ගෙදරින් එලියට බැස්සා වගේ තමා මිස් එලියට යන්නෙ.
මිස් නිසා මං ලබපු අමතක නොවෙනම අත්දැකීම ලැබුවෙ 1997 සමස්ත ලංකා තරඟ නිසා.වැඩිපුර දක්ෂ කම නොතිබුනත් සංගීතය කිව්වාම පැනලා ඕනෙ දේකට යන නිසාම සමූහ ගායනා,වාදන අවස්තා දෙකටම මට සහභාගී වෙන්න අවස්තාව ලැබුනා.ම වාදනය කලේ තාලම්පට.තාලය ඇඟේ තියෙනවානම් ඕක වාදනය කරන එක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ ඉති.අපි වාදනය කලේ එක එක ජනගී ගොඩක් එකතු කරලා.මට තියෙන්නෙ ඉක්මනටම ඒ ඒ තාලය සපයන එකයි.සුපුරුදු පරිදි දවසක් හවස පුරුදුවීම් තියෙන දවසක්.වාදනය ගලා ගෙන යනවා.ම වෙන සිහියක.වෙන සිහියක හිටියත් හිමීට තාල් මාරු කරන්න පුලුවන් මට.ඔහොම ගිහින් වාදනේ එක පාර ඉවර වුනා.වෙන සිහියක හිටපු මං තාම තාලම්පට ගහනවා.එදානම් මදි නොකියන්න මිස්ගෙන් අහගත්තා :)).අම්මෝ..... මිස්ගෙ සැර.ඊට පස්සෙනම් මං අසිහියෙන් වාදනය කරලා නෑ.
තරඟෙ දවසෙ අපේ සහෝදර බාලිකා පාසලක් පොල් ගෙඩියකුත් අතට අරගෙන නැටුම් අංගයක් ඉදිරිපත් කලා.නැටුම ඉවර වුනාට පස්සෙ අර පොල් ගෙඩි ටික ගල් වල ගහලා බිදලා එයාලම කෑවා.ඒ වෙලාවෙ ඒකට අප්‍රසාදය දක්වපු මිස් කිව්වෙ ඒ වැඩේ වස් වදින වැඩක් බවයි.ඒත් ඒ අය තමා නැටුම් අංග වලින් එදා පළවෙනියො වුනේ.
ඊලඟට මිස් එක්ක මතක හිටින වැඩකට සහභාගී වුනේ "සාගර දිනය" ට.ධීවර අමාත්‍යාංශය බාර දීපු වැඩක් තමා ඒක.හරිම අඩු දවස් ගණනක් තමා අපිට පුහුණුවීම් කරන්න වුනේ.ඒත් මට නම් තාම අපි කියපු ධීවර ගීතය මතකයි.
ධීර ධීවර ශක්තියයි අපි
දේශයේ නව ජීවයි අපි
සාර සාගර දියඹ දිය බිඳ
ඉසුරු සම්පත රැගෙන එන අපි
ඔන්න ඔහොමයි ගීතය පටන් ගත්තෙ.අපි ගායනා කරනවා බලන්න ආපු ධීවර අමාත්‍යාංශයෙ නිලදාරියානම් අපේ ගායනය ගැන සෑහීමකට පත් වුනේ නෑ.ඒ වෙලාවෙ තරහ ගිය මිස් කිව්වෙ "මෙච්චර අඩු කාලෙකින් පුරුදු වෙලා මේ ලමයි ඔහොම කියනවා මදැයි" කියන එකයි.අපිත් එක්කම සංගීත වැඩ වලට මිස්ගෙ අක්කගෙ දුවත් සම්බන්ද වුනා.අපේ පන්ති වලම උන්නු එයාටයි අපිටයි වෙනස් විදිහට සලකන්න මිස් කවදාවත් පෙලඹුනේ නෑ.
ඉතිං ආදරණීය ගුරු මවුනි මගේ ප්‍රාර්ථනය ඔබට නිදුක්,නිරෝගී සුවයයි. දීර්ඝායු වේවා......
මේ ටික කියවන්න කලින් මම දැනං හිටියේ මෙච්චරයි..
ReplyDeleteදක්ෂ ගායිකාවක් .. ඒ වගේම හරිම ප්‍රියකරු විදිහට හිනා වෙවී සිංදු කියනව..
තව දේවල් ටිකක් දැන් දන්නවානෙ නේද?? :))
Deleteඇය ගැන මම කියලා තියෙනවානේ නිසූ... මේ සංගීත පංතිය ගැනයි තාලම් පට වාදනෙයි ගැන දැක්කම මට මතක් වුනා තව කථාවක්... ඒකත් අද හෙටම ලියන්න ඕන අමතක වෙන්න කළින්ම...
ReplyDeleteඒ නිසා තමා මටත් මතක් වුනේ.ස්තූතියි අභීත අයියා.
Deleteමං උත්තර දෙන්න එනකොට ඔයා කතාව දාලත් ඉවරයි නොවැ. :))
ගුරුවරියක් ලෙස ඇගේ චරිතය ගැන අහලා තිබුනෙ නෑ..
ReplyDeleteස්තුතියි නගේ අතීත මතකයන් බෙදාගත්තට..
ගුරුවරියක් විදිහට මිස් සෑහෙන අපහසුකම් වලට ලක් වෙලා තියෙනවා.මුලින්ම පත්වීම හමබ වෙනකොට එහෙම..
Deleteඉතින් උදේනිමිස්ට තිබුනනෙ කාමරදෙක මාරුකරගන්න.
ReplyDeleteඋදේනි මිස්ගෙ කාමරේ අදුරුයි,චූටියි.ඒකට ගියාම නිකන් ගුහාවකට ගියා වගේ..
Deleteසුන්දර මතකයක්......... ඇත්තටම අක්කාට සින්දු කියන්න පුලුවන් කියලා දෑන ගෙන උන්නේ නැනේ මම... මැහුම් ගෙතුම් ගැන නම මතකයි කියලා තිබුනා... එහෙමනම් අපිට 22 සින්දුවක් අහන්නත් පුලුවන් වෙයිනේ...
ReplyDeleteගුරුවරු ජාතියේ මුර දේවතාවුන්ය
හී හී ටිකක් විතර පුලුවන් මල්ලි.ඔයා මගෙ අර "රෑ ජාමෙ හොයා ගෙන එන්නයි හදන්නෙ - චාටරයක් කෑවෙමි" පොස්ට් එක දැක්කෙ නැද්ද?? ඒකෙ ඇති මං සින්දුවක් කියන වීඩියෝවක් දාලා.
Deleteආවොත් අනිවා කියන්නම්....:))
නීලා මිස්ටයි නිසූ අක්කටයි දෙන්නටම ජයවේවා.....!
ReplyDeleteමමත් කැමති ගායිකාවක්. ඇයගේ ගායන විලාසය විතරක් නෙමෙයි, කතා විලාසය පවා හරිම සංගීතවත්.
ReplyDeleteඒකනම් ඇත්ත මාදව... :)
Deleteදක්ෂ ඒ වගේම හොඳ හැකියාවක් තියෙන ගායිකාවක් අක්කේ.. මමත් හරිම ආසයි නීලා වික්‍රමසිංහ මහත්මියගේ ගීත වලට..
ReplyDeleteඑතුමියට දීර්ඝායුෂ !!!
සහතික ඇත්ත.
Deleteමගෙත් පැතුම ඒකම තමයි..
අපේ අම්මත් කියල තියනවා මේ ගායිකාව වේදිකාවට ගොඩවෙන හැටි පෙන්නන්නේ නෑ කියල. මමත් මේ ගායිකාවගේ සින්දුවලට ආසයි. ගොඩක්ම ආස සින්දුවක් තියනවා ෂාහ් එක මතක් වෙන්නේ නෑ නේ.
ReplyDeleteඒකනේ මටත් පොඩි කාලෙ ඉදලා ඒක මීටර් වෙලා තිබුනා.
Deleteමතක් කරලා කියමු බලන්න. :)
ඔන්න නොටියත් ඇයට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය පතනවා..
ReplyDeleteඅපි හුගක් අයගෙ ඇය වෙනුවෙන් පතන පැතුම එක සමානයි නෙ.
Deleteආව කියෙව්වෙ නං නෑ, හෙට දිහාට ආයෙත් එන්නං.... :-)
ReplyDeleteදැන් නම් කියවන්න ඇති නේද???
Deleteඅපේ අම්ම සංගීතේ ඉගෙනගද්දී එයාත් හිටියලු අම්මගේ ඉහල පන්තියක .පෝලියෝ නෙමේ ඊට වඩා දරුණු ලෙඩක් හැදුනත් හිත හයිය නම් අවුලක් නැහැ දරාගන්න ශක්තිය තියෙනවනේ.
ReplyDeleteඒක ඇත්ත මල්ලි.ඔය වගේ වෙලාවට තමා අපිට බුදු දහම උදව් වෙන්නෙ.:)
Deleteමමත් හරි ආසා ගායිකාවක්...
ReplyDeleteමාත් ආසයි...
Deleteහරිම අපූරු මතකයන් ටිකක්.. මමත් ආසම ගායිකාවක් තමයි නීලා වික්‍රමසිංහයන්...
ReplyDeleteඔව් මල්ලි.ආසාවෙන් මතක් කරන්න පුලුවන් මතකයන් ටිකක්..
Deleteඒ මනුස්සයාගේ මූනෙන්ම අහිංසක කමයි නිහතමානී කමයි වැක්කෙරෙනවා.. ඒක මේකෙන් තවත් ඔප්පු වෙනවා..
ReplyDeleteඑතුමියට නිදුක්,නිරෝගී සුවයයි. දීර්ඝායු වේවා......!!!
ඒක තමා බනියෝ....:)))
Delete"දෑතට වළලු මල් මුතුවැල් මාල පොටයි
ReplyDeleteයායට එළලු පුන් කුසුමන් සේ බැබලෙයි
ගීරස කන ලූ වන් සැණෙකින් මන් පිනවයි
ලාලිත රුසිරු සුන්දර සන්සුන් ගමනයි"
මට නීලා දකින දකින වාරයක් පාසා ඇයගේ ඒ මියුරු ගීය මතක් වෙනවා. ඒ ගීයඇයමයි කියල හිතෙනවා "විශාඛාවෙ විශාඛා තොමෝ පැමිණි විලාසෙන් ඒ ඇය තමයි"
ඒක එතුමියගෙ පලවෙනි ගීතය නේද අයියේ? ඔරිජිනල්ම සිංදුව හරිම ලස්සනයි. :)))
Deleteනීලා වික්‍රමසිංහ කියලා කියන්නේ සංගීත මිස් කෙනෙක් කියලා නම් දැනගෙන උන්නේ නෑ.
ReplyDeleteමොනා උනත් ලස්සන කටහඬක් තියෙන ගායිකාවක් !
දැන් දැන ගත්තානෙ මල්ලි...
Deleteලස්සනම කටහඩක් තියෙන ගායිකාවන්ගෙන් කෙනෙක්.
සිංදු දෙක තුනකුත් දැම්ම නම් මේ ගමන්ම අහන්න තිබ්බා :D
ReplyDeleteහ්ම්... කල්පනා වුනේ නෑ නේ :((
Deleteමිස් හරි සැරයි කියලා කවුදෝ ඉස්කොලෙ යන කාලෙ කියුව මතකයක් තිබුනා. ආයෙත් ඒ මතකය අලුත් උනා. ස්තුතියි මට ඒ මතකය අලුත්කලාට
ReplyDeleteමොකද කවුදෝ බෝල්ඩ් වෙලා???
Deleteඔව් ඔව් වැරැද්දක් කලොත් හරි සැරයි.
ලස්සන කටහඬක් තියෙන ගායිකාවක්.ඉස්සර වගේම තවමත් ලස්සනයි.ගතිගුණ පෙනුමේ හැටියට හොඳයි කියල දන්නවා.
ReplyDeleteඒකනම් ඇත්ත අයියේ .තාමත් ඒ සිරියාවන්තකම එහෙම්මමයි.
Deleteමටත් යන්තම් මතකයි ඒ පෝලියෝ ඇඩ් එක. ඔයානම් වාසනාවන්තයි එතුමිය යටතේ වැඩ කරන්න. මේක බැලුවම මටත් සංගීත කතා වගයක් මතක් උනා.
ReplyDeleteයන්තම්???
Deleteඇත්ත ඉගෙන ගන්න බැරි වුනත් පුහුනුවීම් හරි කරන්න ලැබුනානෙ.
ලියමුකො බලන්න ඒ කතා ටිකත්.
එයාගෙ ඔක්කෝම සින්දු වලට මම එක වගේ ආශයි.....''දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ'' ''බෝධියේ විහාරයේ'' ''රන් ටිකිරි සිනා'' මම ගොඩාක් ආශ සින්දු.....ටිකක් සැරයි කියල නම් අහල තියනවා.....
ReplyDeleteමාත් ඔය සින්දු ටිකටම කැමතියි. දවසක් දා සින්දුව නටන්නත් හොද සින්දුවක් නෙ. :D
Deleteනීල මිස් ගැන සිසුවියකගෙන් හැඟීම්බර සටහනක්. බොහොම ස්තූතියි නිසූ විස්තරේට. මාත් බොහෝ ප්‍රිය කරන ගායිකාවක්. ඇයට නිරෝගී සුවය පතනවා .
ReplyDeleteස්තූතියි ගිම් හැමදාම වගේ කියවන්න ආවට.:)))
Deleteමමත් හරිම ආස ගායිකාවක්...කිව්වත් වගේ දැනගෙන උන්නෙ නෑනෙ එතුමිය ගුරුවරියක් බව...කොහොම වුණත් අක්කලට ඉතාම දයාබර ගුරුවරියක් වෙලා තියෙන පාටයි.. :)
ReplyDeleteඔන්න එහෙනම් දැන් දැන ගත්තානෙ.:) ඔව් දයාබර වගේම හැබැයි කේන්ති ගියාමත් සැරයි.
Deleteමෙයා ගැන නම් ගොඩාක් දේවල් දැනගෙන හිටියේ නෑ සිංදු අහලා තිබුනට. ස්තූතියි මේ වගේ මතකයක් බෙදා ගත්තට.
ReplyDeleteඔයාගේ ගියපාර පෝස්ටුව ඕපන් කරද්දි ප්‍රශ්නයක් ඇති උනා. කියවන්ටවත්, කමෙන්ට් කරන්ටත් පුලුවන් උනේ නෑ.:(
අභීත අයියා ලියපු පෝස්ටුව නිසා තමා මටත් ලියන්න හිතුනෙ.:)
Deleteඅයියෝ ඒ මොකෝ?? දැන්වත් බැරිද..??:((
වර්තමානයේ සංගීතය විකෘතියකට පියවර තබද්දි මෙවැනි සැබෑ සංගීත තරු තවමත් අඹරේ දිලී පැවතීමම කොතරම් වාසනාවක්ද
ReplyDeleteඅපේ වාසනාව මල්ලි. ඇයට තව තවත් අලුත් ගීත ගායනා කිරීමට ලැබේවා.
Deleteදැන් නම් මිස් ගේ පෙනුම සෑහෙන්න වෙනස් වෙලා නේද අක්කේ..නෙලුම් පොකුණේ තියෙන ෂෝ එකේ පින්තූරයක් මම දැක්කා..ඒ උනාට කටහඩ නම් තාමත් ඒ වගේමයි , පොඩ්ඩක්වක් වත් වෙනස් නෑ..
ReplyDeleteඔව් මල්ලි අසනීපය නිසා කොන්ඩෙ ගිහින් මං හිතන්නෙ.ශෝ එකේ පින්තූර මාත් ජේ.ඩී.ගෙ ෆොටෝ වලින් දැක්කා.කටහඬ නම් තාමත් තරුණයි නේද??
Deleteම්ම්.. පුදුම ලස්සන සිරියාවන්ත පෙනුමක් තියෙන ගායිකාවක්.. ගුරුවරියකගෙ භූමිකාව දැනගෙන හිටියෙ නෑ.ඒත් හරිම නිරහංකාර ගායිකාවක් කියලානම් තේරෙනවා..මම ආසයි නීලා මිස්ගෙ සිංදු හුඟාක් ඒවාට...
ReplyDeleteදවසක් දා රෑ සිංදුවට, කමල් එක්ක කියන තුන් සිත දැහැන් ගත වෙනා.. සිංදුවට මාරම ආසයි..
එතුමියට දීර්ඟායුෂ පතනවා!!
ඔව් නංගි පුදුම ලස්සනක් තියෙන්නෙ.කකුලෙ අඩුවක් තියෙන බව කාටවත් දැනෙන්නෙ නෑ දැක්කාම.ඔන්න දැන ගත්තානෙ ගුරුවරියක් බව මේ පෝස්ට් එක නිසා.
Deleteමාත් එතුමියගෙ ගොඩක් ගීත වලට ආසයි...
/* තරඟෙ දවසෙ අපේ සහෝදර බාලිකා පාසලක් පොල් ගෙඩියකුත් අතට අරගෙන නැටුම් අංගයක් ඉදිරිපත් කලා.නැටුම ඉවර වුනාට පස්සෙ අර පොල් ගෙඩි ටික ගල් වල ගහලා බිදලා එයාලම කෑවා.ඒ වෙලාවෙ ඒකට අප්‍රසාදය දක්වපු මිස් කිව්වෙ ඒ වැඩේ වස් වදින වැඩක් බවයි.ඒත් ඒ අය තමා නැටුම් අංග වලින් එදා පළවෙනියො වුනේ.
ReplyDelete*/
පොල් ගහන්නේ වස් වදින්න නේන්නං, ඒ වස් වැදුනේ අනිත් පසල් කණ්ඩායම් වලටයි.
ඒකනේ ඒ කණ්ඩායම ට මුල් තැන ලැබුණේ!
අප්පා...මට මේ වෙනකල් ඒක හිතුනෙ නෑ නොවැ.
Deleteකකාට තමා තේරුනේ. :))
හොඳ ලිපියක් නංගි.. ඔයා මොන අවුරුද්දේද? මටනම් අවස්ථාව ලැබුන 6-11 අවුරුදු 5 න 4 ක් ම මිස් ගෙන් ඉගෙනගන්න.. රසවත් මතක ගොඩය්..මිස් ගැන තව දෙයක් එකතු කරන්න ඕනේ..මතකද මිස් ගේ හැඟීම් ප්රකාශනය .. මිස් එක හරියට බැලුව.. මිස් එක උපරිමෙන්ම කරපු නිසා අපිටත් ඒ වගේ කරන්න උනා..අනන්ත බැනුම් අහල ඇති මුනේ හිනාව නැති උනාම..හරිම හොඳය වගේම තමා වෙලාවකට හරිම සැරය්..හරිම දිරියවන්ත කාන්තාවක්.. මිස්ට දීර්ග ආයුෂ පතනවා...
ReplyDeleteස්තූතියි අක්කේ... මම 1996 හය වසරෙ.අක්කානම් වාසනාවන්ත වෙලා.මට ඉගෙන ගන්න වුනේ නෑ මිස්ගෙන්. ඔඅය කියපු අවස්තාවල විතරයි මිස් එක්ක වැඩ කලේ.
Deleteඔව් මිසුත් මොන සින්දුව කිව්වත් මුනේ හිනාවක් තියෙනවානෙ.හොදයි හා සැරයි දෙකම නේන්නම්.
මගෙත් ප්‍රාර්ථනය එයමයි.
ReplyDeleteමාතෘකාවෙන් පිට කතා කලොත් නිසූපා තමන්ගෙ ප්රොෆායිල් ෆෝටෝ එකට තමන්ගෙම ෆෝටෝ එකක් යොදාගන්න කිහිපදෙනාගෙන් කෙනෙක් බව පෙනී යනවා.
henryblogwalker the Dude
හුගක් අයගෙ ප්‍රාර්තනාවක්.
Deleteඔව් ඔව් ඔය ඉන්නෙ මමම තමා.අනේ මොකටද හංගන්නෙ කියලා හිතුනා. :D
ඒ කාලේ අම්මගෙන් විස්තර අහනවා ඇයි එහෙම උනේ හොඳවෙන්නේ නැද්ද අරක මේක ප්‍රශ්න ගොඩයි...පස්සේ තමා දන්නේ මෙහෙම ලෙඩක් කියලා..වැරැද්දක් කරලා මාට්ටූනාම ඉතින් උඹලගේ අතපර නොකඩා කොර නොකර හැදුවේ මේවා කරන්නද කියලා නෙළනවා අතට අහුවෙන එකෙන්....
ReplyDeleteඒකනෙ ඇයි මෙහෙම වෙන්නෙ කියලා දන්නෙ නෑ නෙ පොඩි කාලෙ.
Deleteඒකනම් ඇත්ත අපේ අම්මලා තාත්තලා අපිව කොච්චර පරිස්සම් කරන්න ඇද්ද?නීලා මිස්ගෙ අම්ම තමයි එයාට පෝලියෝ හැදුනට ඔහොම නැගී හිටින්න උදව් කරලා තියෙන්නෙ.
ඉස්සර මම බෙල්ලන්විල ඉන්න කාලේ එයා ලස්සන ස්පෝට් කාර් එකක යනවා මම දැකලා තියෙනවා. එයාගෙ මම ආසම සින්දු ටික තමයි අභීතගෙ පොස්ට් එකේ දාල තිබ්බේ.
ReplyDeleteඔව් ඔව් එයාම තමා වාහනය එලවගෙන යන්නෙ.කොච්චර දිරියවන්තද නේද?
Deleteඇය ගුරුවරියක් කියල දැනගත්තේ අදයි නිසු. මූණෙන් කටහඬින් නම් කියන්න බැහැ පොඩ්ඩක්වත් සැර කෙනෙක් කියලා. මාස කීපෙකට කලින් වෙබ් සයිට් එකක තිබුනා නීලා වික්‍රමසිංහ ගායිකාව මොඩ් වෙලා කියලා ෆොටෝ ටිකක්. ඇත්තමයි මේ ඇයද කියල අඳුරගන්න බැරිවුනා.
ReplyDeleteඅපොයි සැරයි සැරයි.නැත්නම් අපි වගේ අය කොහේ හදන්නද..:D
Deleteමං නම් හිතන්නෙ මොඩ් වෙලා නෙවෙයි.අසනීපෙ නිසා කොන්ඩෙ ගිහින් ඇති.
නීලා වික්‍රමසිංහ ගුරුවරියක් කියල දැනගත්තෙ අභීතගේ සහ නිසුපගේ පෝස්ට් වලින්.
ReplyDeleteඅපොයි එහෙමද???
Deleteනීලා වික්‍රමසිංහ ගැන හොදටම මතක ඉස්සරම කාලෙ පෝලියෝ මර්ධන වැඩසටහනක් වෙනුවෙන් ගායනා කල ගීතය නිසා. ඒක ඒ දවස්වල නිතරම රේඩියෝවෙ ඇහෙනව.
ReplyDeleteඔව් ඔව් මටත් මතක හිටියෙ ඒකෙන්. එතකොට අපි පොඩි ලමයිනෙ.ටී.වී. එකෙත් ගියානෙ.
Deleteඇය ගායිකාවක් බවත්, පෝලියෝ රෝගයට ගොදුරු වී සිටින බවත් දන්නවා... සැර බවත් අහල තියෙනවා..
ReplyDeleteනමුත් පෙනුමේ යම්කිසි වෙනසක් ඇතිවී තියෙන නිසා පෙර තිබූ තරම් සිරියාවන්ත බවක් දැන් නම් මට පේන්නේ නෑ...
පෙනුම පසකට දමා හැකියාව ගැන කතා කලොත් නම් සුපිරියි !!!
පිලිකාවට කරන විකිරණ ප්‍රතිකාර නිසා කොන්ඩෙ ගිහින් තියෙන්නේ, දැන් දාල ඉන්නෙ විග් එකක්.
Deleteපෙනුම වෙනස් වෙලා තියෙන්නෙ ඔය uwiniran කියපු හේතුව නිසා කියලයි මාත් හිතන්නෙ.ඒත් තාම මුනේ ලොකු වෙනසක් වෙලා නෑ වගේ නගේ.
Deleteහැකියාවනම් ආයෙ සුපිරියි නේන්නම්...
මමත් කැමති ගායිකාවක්.
ReplyDeleteඇයට නිදුක් නිරෝගී සුව ලැබේවා....
මගෙත් පැතුම එයයි.:))
Deleteඇය ගුරුවරියක් බව දැනගත්තේ අදයි අක්කේ..!! මොනා උනත් ඇයට නිදුක් නිරෝගී සුව ලැබේවා....
ReplyDeleteකමක් නෑ දැන් දැනගත්තානෙ මල්ලි. :)))
Deleteමෙතුමිය දක්ෂ ගුරුවරියක් බව මගෙ ගොඩක් යාලුයො කියනව.. හැබැයි ඇය පිළිකාවකින් පෙළෙනව කියල දන්නේ අදයි... Chemo Therapy නිසා පෙනුම ටිකක් වෙනස් වෙලා තියන දැක්කම හිතට දුක හිතුනා... ඇයට ඉක්මන් සුව සහ දීර්ගායුෂ පතනව....
ReplyDeleteඇය ගුරු වරියක් බවත්, ඇය තවත් අවාසනාවන්ත ලෙස අසනීප වෙලා බවත් අඩ තමයි දැන ගත්තේ.. මගේ ප්‍රියතම ගායිකාවක්... ඉක්මන් සුවය සහ දීර්ඝායුශ පතනවා...
ReplyDeleteනීලා වික්‍රමසිංහ කියන ජනප්‍රිය ගායිකාව ගැන අහලා තිබුණත් නීලා වික්‍රමසිංහ කියන ගුරුවරිය ගැන අහලා තිබුණේ නැහැ. අක්කාගේ මතකයන් අපිත් එක්ක බෙදා ගත්තු එක හොඳයි
ReplyDelete