මේ දවස් වල උපරිමයට බිසී.මේ බිල්ඩින් එක කොහෝම හරි ඉවරයි වගේ පෙනෙන තරමට ඉවර කරලා දෙන්නලු 10 වෙනිදට කලින්. අනේ අම්මෝ.... කොහොම ඉවර කරන්නද මන්දා.අනිවා ඩෙෆා දුටුගැමුණු රජතුමාට රුවන්වැලි සෑය පෙන්නුවා වගේ තමා පෙන්නන්න වෙන්නෙ.තාම වැඩ බාගෙට නෙවෙයි ඒකෙනුත් බාගෙට වගේ.අනේ මන්දා කොහොම ඉවර කරන්නද කියලා.
.............................................................................................................................................
.............................................................................................................................................
අපේ දේව්දාස් මලයා ආයෙත් A/L කරන්න ඉගෙන ගන්නවා කියලා එයාගෙ අන්තිම පෝස්ට් එකේ කියලා තිබුනානෙ.ඒකෙ කියලා තියන විදිහට එයා ඉස්සෙල්ලා ආසා නැති විෂයන් කරපු නිසා හොදින් පාස් වෙන්න බැරි වුනා කියලා.ඒකනම් ඇත්තටම දුක හිතෙන කාරනයක්. ඇයි අප්පා විභාගෙ ලියන්නෙ තමුන් නේ.ඒ මදිවට ඊට පස්සෙ ඒ කරපු විෂයන් වලින් අනාගතේ තමුන් රස්සාවත් තීරණය වුනොත් රස්සාවත් එපා වේවි.
මම පුංචි කාලෙ ඉදලාම කිය කිය හිටියේ දොස්තරෙක් වෙනවා කියලා.මට ඔය තුවාල සුද්ද කිරිල්ල, චූටි චූටි සර්ජරි වැඩ කරන්න පුලුවන් කමක් තිබුනානෙ. හික්ස්..... අදටත් ගෙදර අයෙගෙ තුවාලයක් වුනොත් සුද්ද කරලා බෙහෙත් දාන්න,ඇනිච්ච කටු අයින් කරන්න වගේ වැඩ කරන්නෙ මම තමයි.ඒ දොස්තර හීනය බොද වුනා.බොද වුනා නෙවෙයි කර ගත්තා කිව්වොත් තමා හරියටම හරි.
අපේ බාප්පා මම පොඩි කාලෙම ගෙනත් දුන්නා "ඉංජිනේරුවෙක් වීමට ඔබත් කැමතිද" කියන රුසියානු පොත.ගෙනත් දෙන ගමන් කිව්වෙ අම්මනම් මේ පොතට කැමති වෙන එකක් නෑ නේද කියලා.හැබැයි ඔය පොත නිසාම නෙවෙයි මං ගණිත අංශය තෝරගත්තේ.O/L ගණිත පන්තියේදි තමයි මට හරියටම තේරුම් ගියේ මට ගැලපෙන තැන එතන බව.ඉතිං O/L ඉවර වෙලා අම්මා අහනකොට මොකද දැන් කරන්නෙ කියලා මං කිව්වෙ මැත්ස් කරන්න ඕනෙ කියලයි.අපරාදෙ කියන්න බෑ අපේ කස්ටියෙන් ටිකක් සෙට් වුනා මැත්ස් කරන්න.අනික් විෂයන්නම් Bio අයටත් පොදුයි නේ.යාලුවො ටික එක්ක වැඩ කරපු නිසා ඇත්තටම A/L කියන එක මහ ලොකු ගින්නක් හැටියට දැනුනේ නෑ.සිරාවට හරිම ආසාවෙන් A/L කලේ.හික්ස්.........මට පිස්සුද මන්දා නේද..?? :))
මම මැත්ස් වලට ක්ලාස් දෙකකට ගියා. දයා මිස්ගෙයි,චාන්දනී මිස්ගෙයි.දයා මිස්ගෙ ක්ලාස් එක තිබුනේ පාදුක්කෙ.පාදුක්කෙ කිව්වට මීපෙ ඉදන් පාදුක්කට යන පාරෙ අතර මැද රබර් වත්තකට යාබදව මිස් ගෙ ගෙදරම තමයි පන්ති තිබුනේ.ඔතනටම තමා අපේ උදිතයි,මාධවයි,දිමුතුයි ගණන් ඉගෙන ගන්ට ආවෙ.ටික කාලයක් යනකොට අපි හතර දෙනා උදේ අපේ පන්තිය ඉවර වෙලා ටිකක් දවල් වෙනකල් ගණන් හදන්න සෙට් වුනා.
උදේ කෑම කෑව ගමන් පන්ති ගිහිල්ල දවල් වෙනකල් ඉන්න බෑ නෙ.බඩේ පණුවො බොක්සිං ගහන්න ගන්නවානෙ.අනේ ඉතිං මේ ගෑනූ ළමයව පන්තියේ තියලා පිරිමි ළමයි තුන්දෙනා යනවා කෑම බීම ගේන්න.බීම කිව්වට ඉතිං මුකුත් නෑ.පානීය ජලය තමා බොන්න තියෙන්නෙ.කෑම කියලා ඉතිං ගල් බනිස් තමා වැඩිපුර ගේන්නෙ.අපේ උදිතගේ පෙරේතම කෑමක්නෙ ඒක. :D.ඊට අමතරව ටිකිරි මොලේ වැඩෙන්න කියලා මාරි ගේනවා.ටොපිත් ගේනවා.ඔය ටොපියක් කාලා එක පාරක් මට පිස්සුත් තද වුනා නෙව.කස්ටිය ටොපි කනකොට පරිස්සමින් හරිද.
ඔන්න එක පාරක් ගෙනාපු මාරි බිස්කට් එකක් ඉතුරු වෙලා වේලෙනවා කන්න එකෙක් නැතුව.වෙනදටනම් ඔහොම ඉතුරු වුන එකක් තිබ්බොත් කෙලින්ම උදිතගෙ බඩට තමා.ඒත් මෙදානම් මොකෙක් ආවේස වෙලාද මන්දා කන්ඩ බෑම කිව්වා.දැන් තුන්දෙනාම වදේ දානවා මට කන්ඩ කියලා.හහ්..... මං නම් කයි ඕවා.බලෙන් කන්ඩ කියනකොට කන්නෙ කවුද...ඔන්න ඒ පාර තර්ජනයත් කරනවා "හා බලමුකො කන්නෙ නැති එක.බලෙන් හරි කටේ ඔබනවා" කියලා.
බිස්කට් එක එහෙමම තිබ්බා.අපි ගණන් හදනවා.බිස්කට් එකෙ ඔහේ තියෙනවා.මං හිතුවා හරි මුන්ට ඒක අමතක වෙලා කියලා.යන්න කස්ටියම නැගිට්ටලා ගියා එලියට.එලියට යන්නෙ බැල්කනිය හරහා(පන්තිය තියෙන්නෙ උඩ තට්ටුවේ).මාත් එලියට ගියා.එක පාරටම උදිත කියනවා ඇහුනා "උඹලා දෙන්නා අත් දෙකෙන් අල්ලපන් මං කවන්නම්"කියලා.හෆොයි...... අත් දෙක අල්ලගත්ත මාධවයි,දිමුතුයි.උදිත බිස්කට් එක කටේ ඔබනවා.මං අරියි කට.
දැන් මෙතන විකාරයක් වගේ.මං අත් දෙක ගලවගන්න දගලනවා.උදිත බිස්කට් කවන්න දගලනවා.කොහොමහරි බිස්කට් එකෙන් බාගයක් කටට යවා ගත්ත.ඉතුරු බාගෙ නම් කටට දාන්න දුන්නෙම නෑ.කොහොම හරි මං දිනුවා.බිස්කට් එකම කෑවෙ නෑ නෙ.
මේ සීන් එක ලියන්න ඕනෙ කියලා හිතුවාම තමා මට මේ සීන් එකේ බරපතලම පැත්ත පෙනුනේ.අර වෙලාවෙ පාර යන මනුස්සයෙක් මේක දැක්කනම් මොකක් හිතන්න ඇත්ද?? කෙල්ලෙක්ව කොල්ලො තුන් දෙනෙක් වට කරගෙන කෙල්ල ගැලවෙන්න දගලනවා දැක්කාම. :O
උදිතයි,මාධවයි,දිමුතුයි කියන අහිංසක කොල්ලො තුන් දෙනාගේ චරිත ඝාතනය වෙනුවෙන් එල්ල කළ මඩ ප්‍රහාරය පාදුක්කේ කොල්ලෙක් විදිහට දැඩිව හෙලා දකිමි...
ReplyDeleteඅනේ අම්මේ...මේ මොකෝ..
ReplyDeleteබය වෙන්ට එපා අනේ.උදිත මේක කියවලා මරු පෝස්ට් එක කියලා මට කිව්වා.එයාලම තමයි මට මේවා ලියන්න කියන්නෙ.. :D
පාරේ යන කෙනෙක් දකින්න ඕන නෑ.. මිස් දැක්කනම් ඇති.. එක දෙක කරලා ගෙදරටත් කියාවි අක්කා ගෙදර යන්නත් කලින්.. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්.. ඒ වගේ හොද මිත්‍රශීලි ගුරුවරුත් ඉන්නවනේ..
ReplyDeleteඅර වෙලාවෙ පාර යන මනුස්සයෙක් මේක දැක්කනම් හිතනව "අනේ මේ ළමයට කවන්න තියෙන අමාරුවක් , රාක්ෂයන් බිල්ලන් හට බත් නොකනා පුතු අරගෙන යන්න කියන්නම්" කියල
ReplyDelete@Dinesh - නෑ මල්ලි මිස් හරිම හොදයි.කතා කරන ඒවා වෙලාවකට අපි ඇහෙන්නෙත් නැති සයිස්.අපි උඩ පාඩම් කරනකොට එයා පහල කාමරේකට වෙලා ඉන්නවා.වැරදිලාවත් උඩට එන්නෙ නෑ. එයා දැක්කත් ගෙදරට කියන එකක් නෑ.
ReplyDelete@Chanaka Aruna Munasinghe - හික්ස්.... එහෙම හිතුවානම් අවුලක් නෑ.හපොයි පොඩි කාලෙ මට ඇත්තටම කවන්න අමාරුයි.මට තාම මතකයි කුරුලු පැටියට බත් කවන්න කියලයි,බයිසකලේ පෙට්‍රල් ගහන්න කියලයි කිය කිය අම්මා මට කවපු හැටි.
අහ්...ඔය ඉංජිනේරුවෙක් වීමට ඔබ කැමතිද? පොත මගේ ලගත් තියනව නේ...අප්පේ මම නම් දොස්තර කෙනෙක් වෙන්න හීනෙකින් වත් හිතුවේ නෑ...මට හිතුනේ ඉංජිනේරුවෙක් වෙන එකේ ඊට වඩා පොඩි ගතියක් තියනවා කියලා :D
ReplyDeleteමට මැවිලා පේනවා! :D බය වෙන්න දෙයක් නෑ. පාරෙ යන මිනිහෙක් දැකලා හිතුවනම් ගෑණු ළමයෙකුට බලහත්කාරකමක් කරන්න හදනවා කියලා, ටක් ගාලා එතනින් ගිහින් තමන් දන්න කියන අයට රස කර කර කියනවා මිස ඊට වඩා දෙයක් වෙන්නෙ නෑ. නැතුව බේරගන්න එයි කියලයැ.
ReplyDeleteහොද වෙලාවට කවුරුවත් දැක්කේ නැත්තේ අක්කියෝ...
ReplyDeleteමාරි බිස්කට් කොහොම උනත් අමුවත් කෑවුනද? පටන් අරගෙන තියෙන්නෙ එක කතාවක්, ඒත් ඉවර වෙන්නෙ තව කතාවකින් ! ඔයාගේ පෝස්ට් එක හරියට අපේ මෙගා නාට්‍ය වගේනෙ.
ReplyDeleteප. ලි.: අර පිස්සු හෑදුනෙ මොන ටොපියක් කාලද දන්නෙ නෑහෑ. හික්ස්. . .
මිනිස්සු එහෙම දැක්කා නම් බය වෙලා දුවගෙන එයි. අඩේ උදිත අයියලා එහෙමා දේවල් කරනවා කියලා අපි දන්නේ නෑනේ.
ReplyDeleteඔය චූටි චූටි සර්ජරි කරනවා කිව්වේ නංගිට ද දන්නේ නෑ. පවු අර අහිංසක නංගි !!!
යසයි ගෑණු ළමයි හැදෙන විදිය..කොල්ලොත් එක්ක දාංගලේ.. අනේ අම්මපා මුංට මොනවා කැවිලද..?අස්ප කුලප්පුව ඉහට ගහලා...මෙහෙමත් විලිසංගයක් නැති කෙල්ලොයි ඒකටම හරියන අවලං කොල්ලොයි..තුක් විතරක්..අබුද්දස්ස කාලේ...
ReplyDelete(ඔය කමෙන්ට් එක මගෙන් නෙවෙයි ඔය ක්ලාස් එකට අල්ලපු වැටේ ගෙදර සාමාජිකයෙක්ගෙන්)
ගිම්හානි කියලා තියනවා වගේ කන්න අමාරු පාටක් නං පේන්න නෑ... හිකිස්.
ReplyDeleteඋදිතටයි මාධවටයි දිමුතුටයි තිබුනේ නොකෑවොනත් ගෝනි බිල්ලෝ ඒවි කියලා නිසුව බය කරන්න.
ගෝනි බිල්ලා කිව්වාමයි මතක උනේ.... අපේ බැජ් එකේ හිටියා බිල්ලා කියාලා කොල්ලෙක්.රැුග් සීසන් එකේදි අපි ලන්චි එක ගන්න සෙට් වෙනකොට ජෙෂ්ඨ උත්තමයෝ බිල්ලාව කෙල්ලෝ ගාවට යවනවා බය කරපන් කියලා.ඉතින් ඌත් ගිහිල්ලා කියනවා....
හ්ම්.............. මම බිල්ලා..... නොකෑවොත් ගිලිනවා.... කියලා.
බුදු අම්මෝ. මේව ලියන්න හොඳ ඒවද හලෝ. මේක කියවල හරි කවුරුහරි මොනා හරි හිතුවොත්. :D :D :D
ReplyDeleteහැබැයි ඇත්තටම මිස් නම් හරිම හොඳයි. අපිට කිසිම විදිහකින් අපේ පාඩම් වැඩ වලට ඩිස්ටබ් කරන්නෙ නෑ. ඇයි සමහර දාට අපිට බීම එහෙමත් හදල ගෙනත් දෙනව නේද?
අපෝ, මේකිට විස්කෝත්තුවක් කවන්න තිබ්බ අමාරුවක් එදා. කොහොමහරි බාගයක් කට ඇතුලට අයවාගත්ත, ඊට පස්සෙ මේකි බිස්කට් එක කඩාගත්තනෙ. :(
බලාගෙන යනකොට නිසුපත් චන්ඩි රැජිනක් නේ..හික්
ReplyDeleteපෙනේද කොල්ලන්ගෙ තරම නෝටි කොල්ලො
ReplyDeleteහත්තිලව්වෙ පාරෙ යන කවුරු හරි දැක්කනාං අර කොල්ලො දෙන්නට අබ සරණයි .....
ReplyDeleteසන්දුක්කාරේ කොරන වැඩ .......
සිරාවටම මොකක්ද අර ටොපියෙ සීන් එක?
ReplyDeleteඅර කිව්වත් වගේ හොඳ වෙලාවට පාරේ කවුරුවත් ගිහින් නැත්තෙ ඒ වෙලාවට...නැත්තම් ඉතින් කට්ටියට අතින් පයින් බිස්කට් කවයි දිරවන්නෙ නැති වෙන්නම....ඇයි දෙයියනෙ උන් දන්නවා මේ බිස්කට් කවන්න හන්ද කුණු හරුපෙ.... :P
ReplyDeleteදැන් ඔය වැඩේ දෙන්නෙක් දෙපැත්තෙන් ඉඳල කලොත් කොහොමට හිටීවිද?...:D
ReplyDeleteපාසල් කාලය මතක්වෙන සුන්දර මතකයක්
ReplyDelete:)
අන්න බලන්න කොච්චර හොඳ යාලුවොද? හොඳින් කිව්වම කන්නේ නැත්තන් බලෙන් හරි කවනවා. අම්ම තාත්ත වුනත් ගෙදරදී එහෙමනේ කරන්නේ.:)
ReplyDeleteඑදා අපිට තිබ්බ කණ්ඩායම් පන්ති වල සහ අද තියෙන කණ්ඩායම් පන්ති වල වෙනස කොහොමද,අපේ පන්තිවල හිටිය යාලුවෝ අපිට අදත් මතක තියෙනවා එකමුතුව හිටි හැටි ...කියල වැඩක් නෑ.අද අපේ මල්ලිලා,නංගිලා යන පන්ති(එව්වා පන්ති නෙමේ කඩ ) හෝ ගාල රොතු පිටින් ,නොදන්නා දෙයක් අහගන්න උනත් ඉතින් ලියුම් කරදහි යවන්න ඕන,ඔය කියන මහා පරිමාණ පන්ති අපි යන කාලේ තිබ්බට මම නම් ඒවාට යන්න කැමැත්තක් තිබ්බෙම නැහැ,ගියෙත් ඉතින් ඔය වෙන වෙන වැඩකුත් කොරගන්න ඕනෑම උනාම තමා..එත් මම ඔ .ලෙවල් අරණ කාලේ නම් සිරාවට ගියපු පන්ති ගැන මතකය අදටත් හරිම සුන්දර සිහිවටනයක්..
ReplyDeleteයාළුවෝ තුන්දෙනා හොඳින් ඉන්නවා ඇති කියලා හිතෙනවා...
ReplyDeleteනිසූ මට පේන්නේ මධුරංගටත් ආයෙම පිස්සුව තද වෙලා....
ඒකට අපෙ උන් පාඩම් කරන්න සෙට් වෙන්නෙ කෑම බීම ජාති පොඩි බැඳ ගෙන.. කරපු පාඩමක් නෑ ගෙනාපු කෑමත් නෑ.. !
ReplyDeleteමං මේ කල්පනා කොරන්නෙ අර ටොෆිය ගැන, කෑවද මදන මෝදකේ වත්?
ReplyDeleteඅත්දෙකෙං අල්ලගත්තම කරන්න වැඩක් කියල දුන්න! පොතේ හැටියට අල්ලං ඉන්න දෙන්න බිම පතබෑවෙන්න ඔ්න! දෙන්නෙක්ට අල්ලගන්න කියල ටෙස්ට් කලා! දෙන්නත් දොයි මාත් දොයි! :D
ReplyDeleteදෙයි හාමුදුරුවනේ !! අර අහිංසක කොල්ලෝ දෙන්නා බේරිලා තියෙන්නේ පූරුවේ පිනකට . කවුරු හරි ඔය සිද්දිය දැක්කා නම් මුලින්ම අම්බානෙට නෙලලා පස්සේ අහයි මොකද ඔය කලේ කියලා . අපේ පැත්තේනම් එහෙමයි ..
ReplyDeleteපාඩම් කරනවා කියන වචනේ නිකම් මට අහලා හුරුයි වගේ !
ඔබා අයියන්ඩි දාන්ඩ සද්දෙන් පහක් !!!!!!
අර මොනවද වෙනවා කියපු ටොපි කන්න පුළුවන්, ටිකිරි මොලේ වැඩෙන ටිකිරි මාරියක් තමයි කන්න බැරි...
ReplyDelete(අන්න එහෙම හිතල තමයි අරුන් තුන් දෙනා ඔයාට බිස්කට් එක කවන්න හදන්න ඇත්තේ....)
''අපෝ මහා නැහැදිච්ච එවුන් . අම්මල ගේ සල්ලි කනවා මදිවට පන්ති එනවා කියල ජවුසන් නටනවා ...අපේ කාලේ නම් ඔහොම නැහැ . ''
ReplyDeleteමේ කිව්වේ මාරයා කිව්වා අසල්වැසිය තව කෙනෙක්ට කියල ඒ මනුස්සය කිව්වා දේ ..
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්.. මරු සීන් එක තමා. දැක්කානම් කවුරුහරි.. ඉවරායි..:D :O
ReplyDeleteහෆ්ෆෝයි... මටනම් ඒ ලෙවල් එපාම ව්එලා තිබ්බෙ. මැත්ස් කරන්න ආසාවෙන් පොඩි කාලෙ ඉදන්ම හිටියට මොකෝ මට ඉස්කෝලෙ ක්‍රියාපිළිවල නිසා ඒක එපා වුනා. මමත් චාන්දනී මිස්ගෙ ක්ලාස් ගියා කාලයක්..:)
අර ටොපිය නම් අනිවා පහේ ටොපියක් වෙන්න ඕන. දැන් නම් ඕක 50 ද කොහෙද. ඒත් ඉතින් ඕකෙ රෙජිස්ටර්ඩ් නේම් එක පහේ ටොපිය නෙ.
ReplyDeleteනියමයි නේ. හැබැයි ඉතිං අපිට නම් මාරි බිස්කට් කවන්න ඔච්චර දගලන්න ඕනේ නෑ. දෙයියනේ කියලා පැකට් එකක් හැරෙනකොට කන්න පුළුවන්.
ReplyDeleteහිකිස්,.. මේ මොකක්ද අර ටොපියක් කාලා පිස්සු තද වුන කථාව,. මට නම් ඉස්සර ටොපි ඇඩ් එකක් දැකලා කාලයක් පිස්සු තද වෙලා තිබුනා,,. අර කිඹුලෙක් ඉන්නෙ,. "හොඳටම වහ වැටිලා මගේ පස්සෙන් එනවා" කිය කියා යන්නේ,. ඇල්පෙන්ලීබේ,.
ReplyDeleteපන්තියේදි මම හිටපු ගමන් ඕක කියලා කාගහනකොට යාළුවො තමයි බොහොම අමාරුවෙන් මගේ කට නවත්තගන්නේ,. :)
අක්කා....
ReplyDeleteමම චණ්ඩි ශ්‍යාමා මුවි එකේ නිවු වර්ෂන් එක
ඡණ්ඩි _______ මුවි ටු- හදන්ටේය...
ඒක මම ඡණ්ඩි නිසු මුවි ටු ගෙස නමි කරන්නට හිතා ගත්තෙමි.
ඒකේ ඩිෂුම් ඩිෂුමි කෑලි ටිකක ඇක්ටි කොරාන්ට, අක්කණිඩිට එන්ට පුලුවංද?..
( ගාස්තුව - ටොපි තමා... දෙන්ට වෙන දෙයක් නැ)
@සයුරි - මං ගාව ඔය පොත තියෙන්නෙ පොඩි කාලෙ ඉදන් තිබුනේ.හැබැයි මහ ලොකු ආසාවක් තිබුනේ නෑ ඉංජිනේරුවෙක් වෙන්න.ගනන් වලට තමා ආසා න්නේ.
ReplyDelete@නලිනි චන්දිමා - හ්ම්.... ඒකත් ඇත්ත තමා අක්කේ.වෙලාවට එහෙම එකක් නොවුනේ.
@ChammA - ඒකනේ මල්ලියෝ....
@නවින්ද්‍ර අල්පෝන්සු - සමාවෙන්ට අයියේ.. උඩින් තිත් පේලිය දාන්න බැරි වුනා නොවැ.ඔන්න දැන් නම් හරි.
ටොපියනම් අලුත් ජාතියක එකක්.හදවතක හැඩයට තිබුනේ.
@මධුරංග - ඔව් අනේ කන්ඩ බෑම කිව්වාම තමා කවනවාමය කිව්වේ.
ReplyDeleteඅනේ අම්මේ...ඒ පාර මොකෝ අපේ නංගි ගැන දුක හිතිලා. නෑ නෑ එයාට විතරක් නෙවෙයි ගෙදර හැමෝටම පුන්චි සර්ජරි කරනවා.
@මාරයාගේ හෝරාව - පොච්චියේ අයියට එයාව හම්බ වුනැයි...???
@නෝටියා | Naughty's Impression - හික්ස්.... කන්න බැරිකමකට එහෙම නෙවෙයි අනේ එහෙම කිව්වෙ.බල කරනකොට කන්න හිතෙන්නෙ නෑ නෙ.ඒකයි වුනේ.
අපේ පුංචි ඒ කාලෙ මාව ගෝනි බිල්ලො ගැන කියලා බයකරන්න ගිහින් අපේ අම්මගෙන් බැනුම් ඇහුවා. ලමයිව බොරු කියලා බය කරන්න එපා කියලා.
@මාධව - කොරන්ට දෙයක් නැත.මොකටද මට බලෙන් කැවුවේ.ඒකෙන්නෙ ඕක වුනේ.
හූ හූ මං කෑවෙ නෑනෙ ඔක්කොම කොහොම හරි. :D
@cjgayan - ආයෙත් අහලා අයියා.චන්ඩියි නේන්නම්..:))
ReplyDelete@නදී - ඒක නේන්නම් අනේ බලෙන්ම කවන්න ගියානෙ..:((
@පන්සල් හංදිය - දෙන්නෙක් නෙවෙයි අයියා තුන්දෙනෙක්. තුන් දෙනාටම හම්බ වෙනවා නියමෙට එහෙනම්.
@විසිතුරු | visituru - හික්ස්... ඒ ටොපිය කාපු වෙලේ ඉදන් මං වෙනදට කරන කියවිල්ල ටිකක් වැඩි වුනා.ඉතිං කස්ටිය කිව්වෙ මට පිස්සු හැදුනා කියලා.:)
@දිල් - කියලා වැඩක් නෑ දිල්. එහෙම වුනානම් මට මුන් තුන්දෙනාව උස්සගෙන යන්න වෙන්නේ.
@Podi Kumarihami - ඒ කිව්වෙ අනේ තේරුනේ නෑ නෙ. :S
ReplyDelete@වසිලිස්සා - ඔව් අනේ...පාසල් වගේම පන්ති ගිය කාලය..:))
@Kasun - ඔව් මලේ.. ඒ දවස් මගෙ සයිස් එක හැටියට බලෙන් කවන්න හිතෙන එකත් පුදුමයක් නෙවෙයි.
@Tharinduhw122 - අම්මෝ දැන් තියෙන පන්ති වල ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නැති තරම් නේ.කොච්චර සෙනගද.සෑහෙන අමාරුකින්නෙ ඉදගෙන ඉගෙන ගන්නෙ.ඇත්තටම පොඩියට කරන පන්ති වල මතකය හරිම සුන්දරයි.
@prasanna86k - ඔයාට මෙතනින් දෙන්නෙක්ව හම්බ වුනානෙ.අනික් කෙනත් හොදින් ඉන්නවා.
ReplyDeleteමටත් පේන්නෙ ඒ වගේ. බලමුකෝ...:)))
@Weni - හ්ම්.... එහෙම පාඩම් කලා කැම්පස් එකේදිනම්. A/L දවස් වල ලග තියෙන කඩ සරණං ගජ්ජාමි තමා.:)
@Observer - අනේ අම්මේ...ඔබා මාමෙ.එහෙම එකක් නෙවෙයි අනේ.මේක හදවතක හැඩේ ටොපියක් අනේ.
@තනි අලියා - හපොයි මං ඔය වැඩේ කරන්න ගියානම් අනි දෙන්නා කොහොම වෙතත් මං බිම දොයිය ගෙන ඉදීවී.
@හිස් අහස - වෙලාවට අපේ පැත්තෙ එහෙම නෑ.එහෙම වුනානම් එහෙම මට බිස්කට් කැවිල්ල කෙසේ වෙතත් ඒ කස්ටියට හොද කෑමක් හම්බ වෙනවා සුවර් එකටම.
ReplyDeleteවචනෙ හුරුයි වගේනම් කමක් නෑ.
අනේ අම්මෝ... එහෙම එකක් නෙවෙයි කෑවේ.:O
@ලොකු පුතා - හ්ම්.... මට මතක නෑ නෙ ටොපිය කෑවෙ ඔය සිද්දියට ඉස්සෙල්ලාද පස්සෙද කියලා. මං බිස්කට් කන්න හොර කමක්නම් නෑ.බලෙන් කියපු නිසයි එහෙම වුනේ...
@Bindi - හෙ හෙ...වෙලාවට අසල්වැසි ගෙවල් වැඩිය තිබුනෙ නෑ අක්කා... :))
@හිතුවක්කාරි - අයියෝ...අපරාදෙ නංගි.. කමක් නෑ දැන් හොද තැනක ඉන්නවානෙ නේද??
අපේ ඉස්කෝලෙ මිස්ලානම් හරිම හොදයි අනේ.චාන්දනී මිස් උගන්නපු විදිහත් මට අල්ලලා ගියා.
@Enemy - අනේ අම්මෝ නැතෝ.... මේක හදවතක හැඩයෙ රසම රස ටොපියක්.
ReplyDelete@batti - හික්ස්.... මටත් කන්න පුලුවන් අනේ. බල කරලා කාපිය කියන කොට කන්න හිතෙන්නෙ නෑ නෙ.ඒකයි එහෙම වුනේ.
@ප්‍රාර්ථනා - මේක මේ නෝමල් ටොපියක් නගේ.ඒක කාලා වෙනදට වඩා මගෙ කියවිල්ල වැඩි වුනා.ඉතිං කස්ටිය කිවා මට පිස්සු කියලා.පස්සෙ මට ටොපි දෙනකොට පිස්සු තද වෙයිද කියලා අහන තත්වයක් ආවා. :))
@ඹාලු ෆිට් එක - හික්ස්.....
අනිවා එන්නම් මලේ...
හැබැයි ටොපිනම් මදි.මාරි බිස්කට් පැකට් එකක්වත් ඕනෙ. නැත්නම් මගෙ වටිනා දක්ෂතාවය අපරාදෙනෙ.:D
අක්කේ දැන් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල තින්නේ... වෛද්‍ය උපාදියත් කරන්නකෝ.... එතකො ට අක්කට් ඩිග්රි දෙකක්නේ...
ReplyDeleteකෙලින්ම අරුන් තුන්දෙනා කූඩුවේ......ගමක නං ඉතින් ගං පෝරියල්...හික් හික් හික් .....
ReplyDelete@රහස් පරික්ෂකයා - අනේ අම්මෝ...මටනම් බෑ ඔය විකාර නම් පාඩම් කරන්න.
ReplyDelete@ඔබ නොදුටු ලොවක් - වෙලාවට එහෙම වුනේ නෑ. :))
අක්කණ්ඩි මම නංගි කෙනෙක් ඕන්න..
ReplyDeleteහැබෑටම කෙමිකල් ඉංජිනියරින් ෆට්ට ෆට ෆට ද ඈ?
මට පොඩි කාලෙ ඉදන්ම උණක් ත්යනවා කෙමිකෙල් ඉංජිනේරුවෙක් වෙන්ඩ ඕන්ඩ....
කියවගෙන යනකොට මට හිතුනෙ ඒ බිස්කට් එකට මොනව හරි දාල වෙන්න ඇති කියල... :) නියමෙට තියෙන්න ඇති සීන් එක...
ReplyDelete@ඹාලු ෆිට් එක - සොරි සොටරි නගේ.
ReplyDeleteකෙමිකල් ඉන්ජිනියරින් හොදයි ඉතිං.රස්සාවල් චුට්ටක් විතර අඩුයි.ඒත් හොයා ගන්න බැරි නෑ.පතාගෙන ආවානම් ඉතිං කරන්නම එපැයි.:D
@Miyuru - නෑ නෑ අක්කේ.මුකුත් දාලා තිබුනේ නෑ.නියමෙට ගියා නේන්නම් සීන් එක..:)))
බිස්කට් එකේ බාගයක් දැම්මහම කඩා ගත්ත කිව්ව නේද??
ReplyDeleteඑක පාර මුලු එකම දාගන්න බැරි හින්ද භාගයක් කාලා ඊට පස්සේ අනිත් ටික කන්න හදල තියෙන්නේ.. අපරාදෙ කොල්ලො ටික වැඩේ අත ඇරලනේ......
බිස්කට් කෑම සහ කැවීම පිලිබදව අපූරු ලිපියක්....
ReplyDeleteජය වෙවා!!!!