1991 එක වසරට මාව ගිහින් දැම්මා ඉස්කෝලෙකට.මොකක්ද ඒ ඉස්කෝලෙ. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයට.(මොකෝ පුදුමෙන් බලන්නෙ.බ්ලොගේ මුල හරිය බලලා ආවානම්) ඉතිං ඔය ඉස්කෝලෙ අවුරුදු පහක්ම මං කෙල්ල දැහැමෙන් සෙමෙන් අකුරු කලා. (මොන දැහැමෙන්ද ඒ කාලෙ මං කොල්ලන්ට ගැහුවෙ සපත්තුව ගලවලා අරගෙන. :D ඒ කතා පසුවට). ඉතිං ඔය හිච්චිකාලෙ ඉස්කෝලෙ ඇරිලා මාව එක්ක යන්න තාත්තා එනකල්, ඉස්කෝලෙ ඉස්සරහ තියෙන ගහක් යටට වෙලා, තව මං වගේම එක්ක යන්න කෙනෙක් එනකල් බලා ඉන්න යාලුවොත් එක්ක, අයිස් පැකට් කකා, ස්ටිකර් අරගෙන ෆයිල් වල අලව අලව ඉන්නවා.
ඔහොම ඉන්න සෙට් එකේ එක ගෑණු ලමයෙක් හිටියා කලුයි,කෙට්ටුයි. ඒ පුංචි වයසටත් කොණ්ඩෙ දිගට වවලා. ස්කෝලෙ එන්නෙ කොන්ඩෙ කරල් දෙකක් ගොතලා නවලා,ඔලුව ලගින් ගැට ගහලා. ඒ දවස් වල ආරංචි වුන හැටියට මෙයාගෙ අක්කා මෙයාට සුදු නංගි කිව්වාම ඇයි මගෙ කලු අක්කෙ කියලා අහනවා කියලා :D (අක්කා සුදුයි ඈ)
ඔහොම කාලෙ ගෙවිලා අපි ශිෂ්‍යත්වෙත් ලිව්වා ලකුණුත් ආවා. මට කොළඹ ලොකු බාලිකා පාසලකට යන්න තරම් ලකුණු තිබුනා.මගෙ යාලුවො හැමෝම වගෙ පොඩි පොඩි තෑගි පුලු පුලුවන් විදිහට දුන්නා. අර කලු, කෙට්ටු යාලුවා දුන්නෙ ඔටෝ ග්‍රාෆ් එකක්. මගෙ ජීවිතේ මුල්ම ඔටෝ එක තමා ඒ. ඒකෙ තමා මං හොස්ටල් එකේ ඉදලා අයින් වෙලා යනකොටයි, O/L කරලා සමු ගන්න කොටයි, කට්ටිය මගෙ වරුණාව ලිව්වෙ. ඉතිං පොළොන්නරු ඉස්කෝලෙ අන්තිම දවසෙ හැමෝටම පොඩි සංග්‍රහයක් එහෙම දීලා. ප්‍රින්සිපල්, පන්ති භාර මිස් සහ පන්තියේ ඔක්කොම එකතු වෙලා ෆොටෝ එකක් එහෙමත් ගැහුවා.මේක ලියන්න කියලා හිතා ගත්ත වෙලේ ඉදලා ඒක හෙව්වා ඒත් ඒක නෑ. කාට හරි පෙන්නන්න ඇල්බම් එකෙන් ගත්තා.දැන් ඒක මිසින්....:( හ්ම්.....
මං කොළඹ ඇවිත් අවුරුද්දක් විතර යද්දි ගමේ හදන්න ප්ලෑන් කරපු ගෙදර භාගෙට අටවගෙන අම්මලත් ආවා. කාලෙ ගෙවිලා ගියා. O/L වලට පස්සෙ A/L දෙපාරක් කරලා මං කටුබැද්ද ඉංජිනේරු පීඨයට තේරුනා.කට්ටිය අදුරගත්තා,සෙට් හදා ගත්තා.ඔහොම හදාගත්ත සෙට් එකත් එක්ක පලවෙනි වසරෙ පලවෙනි සෙමෙස්ටරේ විභාගෙට පාඩම් කරන්න මාත් ලයිබරියට පදිංචි වුනා.(පදිංචි වුනා වගේම තමා ඒකනම්.හොද තැනක් අල්ලගන්න හින්දා දොරවල් අරිනකොටම අපි එතන ආයෙ යන්නෙත් පල කියලා එලියට දැම්මාම)
ඉතිං ඔහොම පාඩම් කර කර ඉන්න අතරෙ මගෙ යාලුවෙක් (කොල්ලෙක්) IT කරන යාලුවෙක් චැටක් දාන්න ගත්තා.ඒත් එක්කම මට පේනවා දැකලා පුරුදු මූනක්, ඒත් සයිස් එකනම් වැඩි වෙලා. හිකිස්.... දැකලා පුරුදු මූනක් එකලු කෙල්ලෙක් එනවා කට පුරා හිනා වී ගෙන මේස දෙකක් අතර ඉඩෙන්. IT කරන කෙල්ලෙක් වගේ.ඒත් මූන නම් මගෙ පොළොන්නරුවෙ යාලුවා වගේමයි.ඒත් ඉතිං ෂුවර් නෑ නෙ. බැරි
වෙලාවත් වෙන එකෙනෙක් එහෙම වුනොත්.ඒ නිසා මගේ යාලුවා ලව්වම ඇස්සෙව්වා ඔයා පොළොන්නරුවෙද
කියලා.
අම්මේ මේකි බය වුනාද කොහෙද, “ ඔව් ඔයා කොහොමද දන්නෙ” ඇහුවා.මමත් උත්තරේ එනකල්
බලාගෙනනෙ හිටියා.පැනපු ගමන් ඇහුවා “ඔයා නිසුපා කියලා කෙනෙක්ව දන්නවද?” කියලා. පුදුම
වෙලා වගේ ඇහුවෙ නැතෑ, “ඔව් දන්නව ඔයා එයාව දන්නවද?” කියලා. අනේ අම්මේ මං එච්චර වෙනස්
වෙලාද ඒ කියන්නෙ. L වෙන්නත් එපෑ.මං ඒ දවස් වල කොල්ලා වගේ කොන්ඩෙ කපලානෙ
හිටියෙ.”නිසුපා කියන්නෙ මං තමා.” අම්මෝ ඔන්න එතකොට ආපු හිනාව බලන්න එපෑ.”අනේ සොරි ඔයා
ගොඩක් වෙනස් වෙලානෙ”. “ඔයානම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.”මං කිව්වා.ඔන්න හි හී හිනාවක් පැන්නා.
ඔහොම අවුරුදු
එකොලහකට විතර පස්සෙ හම්බ වුන අපි දෙන්නා කැම්පස් එකේ යන එනකොට හම්බ වෙලා කතා කරන්න
ගත්තා. එයාගෙ අනිත් පාර්ශවයත් එතකොට හම්බ වෙනවා.හප්පේ ඒකත් අපිටම හරියන පිස්සු විකාරයක්
තමා.(තරහ වෙන එකක් නෑ කියලා හිතනවා) ආයෙත් අලුත් වුන ඒ යාලුකම ලස්සනට ගලාගෙන ගියා.බුකියෙත්
යාලුවො වුනා.ඔහොම කාලෙ ගියාම අපි දෙගොල්ලොම අවුට් වෙලා රස්සාවල් වලට ගියා.රස්සාව කරන
අස්සෙ තමා මං බ්ලොග් කියවන්න ඇබ්බැහි වුනේ.මෙලෝ සිහියක් නැතුව එක එක බ්ලොග් බල බල ඉන්නකොට
මට අහුවුනා කවි,කතා,විචාර,කෑම වට්ටෝරු අච්චාරු තියෙන බ්ලොග් එකක්. පෝස්ට් ඔක්කොම ටික
කියෙව්වා කවි ඇරෙන්න.
කාලයක්
තිස්සෙ පටන් ගන්න ඕනෙ ගගා ඉදලා මාත් බ්ලොගක් කියලා එකක් පටන් ගත්තා. පටන් අරන් ටික
දවසකින් නිකමට වගේ ගියා මගෙ පොළොන්නරුවෙ යාලුවගෙ විස්තර බලන්න(මොකක් හිතිලද මන්දා).මෙන්න
බොලේ මෙයත් බ්ලොගක් ලියනවා.ලින්කුව දිගේ ගියාම මං අර ආසාවෙන් කියවපු බ්ලොගේනෙ මේ.දැම්මා
මැසේජ් එකක්
hi hi
kohomada jeewithe?
pinibidu kiyala blog1 liyanne oya kiyala man dena gaththe lagakadine.
man eka kiyawa kiyawa hitiye goda kaleka idan.
math den blogak liyanawa.
kohomada jeewithe?
pinibidu kiyala blog1 liyanne oya kiyala man dena gaththe lagakadine.
man eka kiyawa kiyawa hitiye goda kaleka idan.
math den blogak liyanawa.
හැරෙන තැපැලෙන්ම
උත්තරේ ලැබුනා මෙහෙම.
ow ow eka liyanne mama thamaa. onna mama follow kara.
comment kara. liyagena yana widihata kiyawanna asai ban. thawa kathawak daanna
hode.
ඔන්න මං
මෙච්චර වටේ ගියේ කා ගැන කියන්නද කියලා දැන් හැමොටම තේරෙනවා ඇතිනෙ.
ඔව් අපේ
පිණිබිදුව දීගෙක ගියා නේන්නම්.පොළොන්නරුවෙ සෙට් එක බලන්නත් එක්කම මං වෙඩිමට අනිවා යනවා
කියලා හිටියෙ.ඒත් කෝල් කරලා වෙඩිමෙ දවස කිව්වාම තමා ඇඩුනෙ.එදාටම මගෙ කැම්පස් එකේ පළමු
අවුරුද්දෙ සෙට් එකේ දෙන්නෙක් එකට එකතු වෙනවා.මාස ගානකට කලින් තමා කිව්වෙ. ඉතිං ඒකට නොගිහින්
බෑ නෙ.එහෙනම් හෝම් කමින් එකට වරෙන් කිව්වාම මං උඩින්ම කැමති වුනා.ඒත් මගේ අවාසනාවට
ඒකට යන්නත් බැරි වුනා. සමාවෙයන් ලකියෝ…..
වෙඩිමට තියා හෝම් කමින් එකටවත් එන්න බැරි
වුනාට,තෑග්ගක් දෙන්න බැරි වුනාට, මේක උඹට තෑග්ගක්ම වේවා කියලා හිතාගෙන ලියන්න ගත්තෙ.
සුභම සුභ
යුග දිවියක් ලකියෝ…………………
ප.ලි.
- පොළොන්නරුවෙදි යාලුවො වෙලා අවුරුදු ගානකට පස්සෙ මොරටුවෙ කැම්පස් එකේදි හම්බ වෙලා
ආයෙ යාලුකම අලුත් කරගත්තා. ආයෙ ටිකක් ඈත් වෙන්න හදනකොට බ්ලොග් කියලා දෙයක් අපිව ලං
කලා.අපි දෙන්නම දවසක් කතා වුනා මේකනම් හරි පුදුමයි බං පෝස්ට් එකක් දාන්න වටිනවා කියලා.ඒත්
දෙන්නටම ඒක ලියන්න බැරි වුනා.ඉතිං මේ වගේ දෙයක් ලියන්න මීට වඩා හොද දවසක් නෑ කියලා
හිතුනා.