expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Saturday, October 29, 2011

අපොයි...මොකද දැන් කරන්නෙ...

             අපේ කන්තලේ තාත්තයි,අම්මයි දෙන්න පදිංචි වෙලා හිටියේ කන්තලේ.දැන් ඉතිං කස්ටිය බලයි ඈ යකෝ මේ කෙල්ලට අම්මලා,තාත්තලා දෙන්නෙක්ද කියලා.ඒ වගේ තමයි මටනම්.ඒ මගේ තාත්තගෙ අම්මයි තාත්තයි.කන්තලේ හිටි නිසා කන්තලේ අම්මයි,තාත්තයි වුනා.මගෙන් පස්සෙ ඉපදුන අපේ නංගියි,බාප්පලාගෙ පොඩි උන් සෙට් එකයි ඔය නම් දෙකම ඒ දෙන්නට රෙජිස්ටර් කලා.මං පොඩි කාලෙ හිටියෙ පොළොන්නරුවේ නිසා ඒ කාලෙ අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විතර අපි එහේ යනවා.ඒත් සිස්සත්තෙ පාස් වෙලා කොලොම්පුරේ ඉස්කෝලෙකට මංගච්චන්න ගත්තට පස්සෙ එහේ යන එක හොදටම අඩු වුනා.

Sunday, October 23, 2011

රෑ ජාමෙ හොයා ගෙන එන්නයි හදන්නෙ - චාටරයක් කෑවෙමි

                     කැම්පස් ගිය ගමන් වගේ චූටි රැග් එකක් විදිහට සින්දුවක් කියන්න සිද්ධ වුන සීන් එක මං කලින් කිව්වානෙ.ඕක අස්සෙ කමෙන්ට් එකක් විදිහට මාධව කියලා තිබුනානෙ මං සිදුවක් කියන වීඩියොවක් එයා ගාව තියෙන බව.ඉතිං ඒ වැඩෙන් වුනේ ඒක පබිලිස් කොරන්නය කියලා කස්ටියගෙන් අසන්නන්ගේ ඉල්ලීම් ලැබිච්ච එක.

Wednesday, October 19, 2011

බසාට නම වැටුන හැටි

               සමා වෙන්ට ඕනේ කස්ටියට මාව මේ දවස් වල වැඩිය පේන්නෙ නෑ කියලා හිතුනානම්.මේ දවස් වල වැඩ රාජකාරී බොහොමයි අප්පා.රස්සාව කොරන්ටත් එපැයි.නැත්නම් ඩොන්ගට ගෙවන්න සල්ලි කොයින්ද.එතකොට ඉතිං බ්ලොග් කෙරුවාවත් හබක්.

              මං ඉතිං ගිය පාර පෝස්ට් එකෙන් කැම්පස් කෙරුවාවල් කියන්න පටන් ගත්තානෙ.මේ තියෙන්නෙ අපේ එකෙක්ට නමක් වැටුන හැටි.අපේ කස්ටියට ජේස්ට උතුමන්ගෙන් නම් වර ලබා ගන්න තරම් පිනක් තිබුනේ නෑ නොවැ.

Friday, October 14, 2011

෴ කියපිය සින්දුවක් ෴

              අවුරුදු හතරක් කියන්නෙ සුලු පටු කාලයක් එහෙම නෙවෙයි නේ.ඒ කාලෙ හිටියෙත් හෙනම ෆන් තැනකනේ.වෙන කොහේද ඉතිං අපේ කැම්පස් එක මිසක්..:)))) ෆන් ගත්ත,වලි දාපු,බැහැගෙන එක එක වැඩ කරපු තැන නොවැ ඉතිං කතා නම් තියෙනවා ටොන් එකක් විතර.හැම එකම ලියන්න බෑ නෙ.එහෙම වුනොත් වෙන්නෙ යාලුවො ටික තරහ වෙන එක.:)) කියන්න පුලුවන් ටික හෙමින් සැරේ කියන්න තමයි බැලුවෙ.

Friday, October 7, 2011

HG 176

             හයියෝ මට සදුදා වෙච්ච දෙයක්.මගේ සදාදරණීය ඩොන්ගලේ ගෙදර දාලා ආවානෙ.මොනවා කරන්නද දුක තමයි. :(( වැඩෙන් වුනේ සති අන්තෙ ලියලා තියෙන බ්ලොග් කියවලා කමෙන්ට් කරන්න තිබුන වෙලාව ටිකක් අඩු වුන එක.කමක් නෑ වුන දෙයින් කියලා මං කොලේ වෙලාව පෝස්ට් එකක් ටයිප් කරපු එක.ඒත් වැඩෙත් ටිකක් ස්ලෝ වෙන සීන් එකක් තමයි තියෙන්නෙ.මෙච්චර කාලයක් නිදහසේ හිටපු මට දැන් හවස් වරුවෙ ඔෆීසියට ගාටන්න වෙලානෙ හෆොයිගිනි ගහන අවුව දැක්කාම එලියට බැහැලා යන්න හිතෙන්නෙත් නෑ.සදුදයි,අගහරුවාදයි දෙකේම හවසකොරේ ඔෆිසිය පැත්තෙ ගියා.බදාදා මීටින් දවස නිසා ගියේ නෑ.කරන්න ඕනෙ වැඩේ සයිට් එකට උස්සගෙන ආව නිසා ඊයෙයි,අදයි මං සයිට් එකේම හිටියා.ඉතිං කොහොමහරි කතාවක් කියන්න හිතුවා.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...