expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, August 25, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 7......(අවසාන ඇබැද්දිය)

      අපොයි..අද නම් කතාව ලියලා ඉවරක් කරනවාමයි කියලා තමා ලියන්න ගත්තේ.ලියන්න කීවට ලියන්නම නෙවෙයි ටයිප් කරන්න.අපේ හරිම අපූරු සිරීපාද ගමනක් ගැන තමා මං මේ දැන් සති ගානක ඉඳන් ලියන්නේ.කස්ටියට එපා වෙලාදත් මන්දා දැන් නම්.

මෙන්න මෙහෙමයි කතාව වුනේ


සිරි පාදේ සමනළ කන්ද පෙනේ 5......
සිරි පාදේ සමනළ කන්ද පෙනේ 6......

 අද ආපහු ගමනෙදි මොකද වුනේ කියලා බලමු නේද...???

Wednesday, August 24, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 6......

         ඔන්න ඉස්සෙල්ල කතාවෙන් කිව්වානෙ අපි සිරීපාදේ නගින්න ගිහින් කාපු කට්ට ගැන. ඊට පස්සෙ වුන දේවල් තමයි අද කතාව..

          මෙන්න ඉස්සෙල්ලා කොටස් ටික...බැලුවේ නැත්නම් ඒවත් බලලා එන්නකෝ.....


........................................................................................................................

          සහන් මලයා ඉස්සරට එනවා.නතර වෙන පාටක් නම් නෑ.

Friday, August 19, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 5......

      කොච්චියේ නුවරට ඇවිත් නිදහසේ වෙනද වගේම යන්න හිටපු සිරීපාද ගමන, බොයිල් වුන කෝච්චියක් නිසා මහ කට්ටක් කන්න සිද්ද වුන ගමනක් වුනා. නුවරට කලින් බැහැලා නුවන්ගෙ කාර් එකේ යන්න ගියාම ඒකත් ලෙඩ කාර් එකක් වුනා. කොහොමින් කොහොම හරි තව කෝච්චියකින් හැටන් වලට ඇවිත් බස් එකේ නල්ලතන්නියට එනකොට ට්‍රැ‍ෆික් එකකටත් සෙට් වුනා...

අද ඊට පස්සේ.....

Thursday, August 18, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 4......

    ඔන්න මට මේක ලියන්න පොඩි හෙල්ප් එකක් හම්බ වුනා.මාධව අපේ ගමන ගැන ලියපු කොල ටික. දැන් මතක් කර කර දගලන්න ඕනේ නෑ. සමහර ඒවා මෙතනත් නෑ.ඒත් ඒවා මට මතකයි නේ.තව අමතක වුන තැන් උදිතත් මතක් කරනවා..:))

................................................................................................................

        හපොයි...මොකක්ද මේ දුම. ඔන්න කට්ටියගෙ සිහියෙ තරම. අනික් හැම පෙට්ටියෙම බ්‍රේක් බුරුල් කලාට  නැරඹුම් මැදිරියේ බ්‍රේක් බුරුල් කරලා නෑ නේ.මෙච්චර දුරක් ඒක ඇවිත් තියෙන්නෙ ඇදී ගෙන.ඝර්ෂණේ බලේට රෝද රත් වෙලා දුම් දානවා.ඔයින් ගියාමදැයි.අපි ඒකෙන් දැන් නිදහස් නේ..:)

Friday, August 12, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 3......

හ්ම්....කස්ටියට කතාව ඉක්මනටම කියවන්න හිතිල වගේ. ඒත් ඉතිං මොනව කරන්නද? පුලු පුලුවන් විදිහට ලියලා දාන්නම්කෝ...

............................................................................................................

         දැන් මක්කැයි කරන්නේ...?? මේ විදිහටනම් මේ ඇන්ජිමට මේ කෝච්චි පෙට්ටි ටික ඇදගෙන යන්න බෑ. ඒත් ඉතිං මෙතන ඉඳන් අල තම්බන්නයෑ. ලඟ පාත අල තිබ්බනම් මේ වෙන කොට තම්බගෙන කන තත්වයක් තමා තිබුනේ.

Thursday, August 11, 2011

19ක් ම වුනා එහෙනම්...

        අද මගේ එකම නඟාගෙ උපන්දිනේ.මධුරංග මලයට ඉන්නෙත් එකයි වගේම මටත් දුකට සැපට ඉන්නෙ මෙච්චරයි. මොන වැඩ තිබුනත් ඒකට සුභ පතන්නෙ නැතුව ඉන්නේ කොහොමැයි.මේ එයා වෙනුවෙන් මගේ හිතේ පහළ වුන දේවල්.

 .....................................................................................................................

දයාබර නැගණියේ........
 
        අම්ම මගෙන් අහනකොට "දුවට ඕනේ නංගියෙක්ද මල්ලියෙක්ද?" කියල, මං කිව්වා මල්ලියෙක් කියලා.ඒත් ආවෙනම් නංගියෙක්. නුඹ බඩ ඇතුලට වෙලා ඉන්නකොට අම්මත් එක්ක එකතු වෙලා එන එකා මොකා වුනත් කමක් නෑ කියලා නම් තේරුවා. එන්න ඉන්නෙ මොකෙක් වුනත් මහම මහ දඟ මල්ලක් කියල තේරුනේ බඩ ඇතුලෙ ඉඳගෙනම දඟලන්න ගිහින් පෙකෙනි වැල බෙල්ලෙ ඔතාගෙන තව පොඩ්ඩෙන් මට පෙන්
නෙම නැතුව යන්න හදනකොටයි.

Wednesday, August 10, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 2......

          කෝ...කට්ටිය උත්තර දෙන්නේ නෑ වගේ හරියට..කස්ටිය උත්තර දෙන කල් හිටියොත් මේක ලියන්නත් බැරි වේවි. කතාව දිග වැඩි වුන නිසා කොටස්  කෙරුවනේ. අදම මේ පැත්තට ආපු අය ඒක බලලම එන්නකො...

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 1.....

...................................................................................................................

          මාර වැඩේ වතුර මලක්? කෝච්චියේ? හත්දෙයියනේ...මොකක් වෙලාද?????

Tuesday, August 9, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 1......

        අපේ සෙට් එකේ කතා දෙකක් දැනටමත් මං කියල තියෙනවානේ.මේ තවත් එකක්. ඇත්තම කිව්වොත් අපේ සෙට් එකේ මෙච්චරක් ඉන්නවාය කියලා හරියට ගානක් මිම්මක් කියන්න බෑ. දන්නවානෙ ඉතිං ඉස්කෝලෙ යාලුවෝ, ගමේ යාලුවො, පංති වල යාලුවො, කැම්පස් යාලුවෝ ආදී එකී මෙකී නොකී යාලුවො සෙට් ගොඩක් එක්කෙනෙක්ට ඉන්නවනෙ. ඔය සෙට් අතර සම්බන්දතා හැදුනාම වෙන්නේ ඉන්න සෙට් එක තවත් විශාල වෙන එක.

----------------------------------------------------------------------------------------
         දැන් මේ කියන්න යන කතාවේ කෙල්ලො 3යි, කොල්ලො 4යි තමා හිටියේ. ගමනාරම්භයේදි නම් කොල්ලො 3යි, කෙල්ලො 2යි.  අනික් දෙන්නව මඟින් තමා සෙට් කරගන්න හිටියෙ.කතාවෙන් කතාවෙන් ගමන මොකක්ද කියල කිව්වේ නෑ නේ. හික්ස්....:))

Friday, August 5, 2011

නංගිගේ ගට....

          අද පොස්ට්1ක් දානවද නැත්ද කියල හිත හිත ඉඳලා.දැන් හිතුනා එකක් දාන්න ඕනෙ කියලා. මේක අපේ නංගි පංති යනකොට වුන දෙයක්.

             මං කලින් පොස්ට් එකක කිව්වනේ අපෙ නංගි පන්ති යන්නේ පාන්දර කියලා. නඟාගෙ chemistry පන්තිය තියෙන තැනට යන්න දෙල්කඳින් බැහැලා හරස් පාරක ටික දුරක් යන්න ඕනේ. ඔන්න දවසක් නංගිගාට ගාට පන්තියට යනවලු. පාරෙන් එහා පැත්තේ තවත් පිරිමි පරාණයක් එන බව ඇස් කොනින් වගේ නංඟි දැක්කලා .

Wednesday, August 3, 2011

අනේ මෙහෙමත් විශ්ව විද්‍යාල...

        මේක අපේ අම්මාගේ ගුරු මණ්ඩලේම ඉන්න තවත් ගුරුතුමියක් කියපු කතාවක්. ඒ ගුරුතුමිය දවස් දෙකක්ම පිට පිට ස්කොලේ ආපු නැති නිසා අම්මා අහලා "ඇයි ආවේ නැත්තේ?" කියලා. ඒ සරල ප්‍රශ්නෙට දීපු සංකීර්ණ උත්තරේ තමා මේ.

        ඒ ගුරුතුමියගේ දුවගේ යෙහෙළියකට සිද්ද වුන සිද්දියක් මේක. ඒ ගෑණු ළමයට පවුලේ කට්ටිය වැඩිය සලකන්නෙ නෑ ලු. ඒකට හේතුව තමයි ඒ ළමයගේ අම්මා දෙවෙනි කසාදයක් කරගෙන. මෙයා ඉන්නෙත් ඒ කට්ටියත් එක්ක. ළමයගේ තාත්තා මෙයාට සල්ලි බැංකු පොතක දාල ඉතිරි කරලා තියෙන නිසා සල්ලි වලින්නම් අඩුපාඩුවක් නෑ.

Monday, August 1, 2011

ක‍ටුවක්ද????

         මං මේ අත්දැකීම ලබන කොට  පළවෙනි පාර  A/L ලියලාවත් නෑ. තාත්තාට පිළිකාවක් හැදිලා ඇවිදගන්න බැරුව ඉන්න කාලේ, නංගිව උදේ පාන්දර පන්ති ගෙනිහින් දාන වැඩේ කලේ මම. එදත් නංගිට මහරගම ඉංග්‍රීසි පන්ති තිබ්බ දවසක්.ඉර පායන්නත් කලින් තමයි පන්තියට යන්නේ seat එකක් අල්ලගන්න ඕනේ නිසා. 

         අපේ ගෙදර තියෙන්නේ චන්ද්‍රිකා පෘතුවි මධ්‍යස්ථානය ගාවමයි. ගෙදරට එන්න තියෙන නියම පාර චුට්ටක් විතර දුරයි.

ඇත....නැත....

         අපේ සෙට් එකේ තවත් කතාවක් තමා මේ. අපි දෙවෙනි පාර A/L කරන්න පුස්තකාලේ පදිංචි වෙච්ච කාලේ වුන දෙයක්.

        අපේ සෙට් එක ගැන පොඩි විස්තරයකුත් කියලම ඉන්නම්කෝ. හ්ම්....හිතුවට වඩා ඒක අමාරුයි වගේ. 
        
           අපි කට්ටිය ගියේ එක ස්කෝල වලටත් නෙවෙයි. O/L කාලෙත් එක පන්ති වලට ගියේ නෑ. A/L කරන්න පන්ති යනකොටයි, ස්කොලේ ගිය බස් එකේදියි තමා අපි හමු වුනේ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...